වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
ගම්පහ රූපලාවණ්‍ය සංගමය විසින් ගම්පහ මහරෝහලේ බාහිර රෝගී අංශය පිළිසකර කර විවෘත කළ දා
ගම්පහ රූපලාවණ්‍ය සංගමය හා තරුණී පුවත්පත එක්ව කළ තවත් සමාජ සද්කාරයක්
ගම්පහ දිස්ත්‍රික් රූපලාවණ්‍ය සහ කේෂාලංකරණ ශිල්පීන්ගේ සංගමය විසින් පැවැත්වූ ‘රුවැති රැයක්’ නර්තන ප්‍රසංගයෙන් ලැබූ ආදායමෙන් අරමුදලක් පිහිටුවාගන්නා ලදී.
මේ සඳහා ඩ්‍රීම්රොන් ආයතනය, රාම් බ්‍රදර්ස්, ලොරියල්, බ්‍රිටිෂ් කොස්මැටික්ස්, මනාලයන්ගේ මහගෙදර මුල් ඇඳුම් සහ චන්දනාලේප පුද්ගලික සමාගම්වල අනුග්‍රහය මෙම සාමාජීය සද්කාරයකට එක් විය.
ඒ තමයි ගම්පහ මහ රෝහලේ බාහිර රෝගීන්ගේ අංශය පිළිසකර කිරීම. එම අංශයේ දැන්වීම් පුවරු අලුතින් සවිකිරීම, කාමර බෙදා වෙන්කිරීම
(Partition) අලුතින් පුටු සැපයීම, බිත්තිවලට ස්ටිකර් ඇලවීම, මල් බඳුන්වලින් අලංකරණය කිරීම ආදී ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් සඳහා රුපියල් මිලියනයකට ආසන්න මුදලක් එම සංගමය විසින් වැය කොට තිබුණි.
පසුගිය වෙසක් පුන් පෝ දින අලුත්වැඩියා කරන ලද එම බාහිර රෝගීන්ගේ අංශය රෝහල් අධිකාරියට නිල වශයෙන් බාරදීමේ උත්සවයක් රෝහල් පරිශ්‍රයේදී පැවැතුවිණි.
එම විශේෂ උත්සව අවස්ථාවට ඩ්‍රීම්රොන් පුද්ගලික සමාගමේ අධ්යක්ෂ, ආචාර්ය ප්‍රියන්ත පෙරේරා සහ එම මැතිණිය වෙනුවෙන් එම සමාගමේ අලෙවි කළමනාකාර උදාර ඉද්දමල්ගොඩ, ගම්පහ රෝහල් නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රියන්ත ඉලේපෙරුම, ගම්පහ රෝහලේ බාහිර රෝගී අංශ ප්‍රධානී වෛද්‍ය කුමාරසිංහ තරුණී පුවත්පතේ ප්‍රධාන කර්තෘ මනෝලි සුබසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වය දක්නට ලැබුණි. මෙම කර්තව්‍ය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබාදී තිබුණේ ලේක්හහවුස් ආයතනයේ ‘තරුණී’ පුවත්පතයි.