පහතරට මනාලිය හැඩකරන අලුත්ම Hair Style

ජනවාරි 16, 2023

 

පහතරට ඉන්දියානු සම්ප්‍රදායට හැඩවැඩ වුණු මනාලියකට කළ තරමක් වෙනස් ආකාරයේ අපූරු කොණ්ඩා සැරසිල්ලකි මේ.

01. පළමුවෙන්ම වම් කනෙහි සිට දකුණු කන දක්වා හිසකෙස් හොඳින් බෙදා වෙන් කරගන්න. අනතුරුව පිටුපසට බෙදාගත් කොණ්ඩය අඩ කවයක ආකාරයට අල්ලා ගත යුතු අතර හිසකෙස් තරමක් වැඩි අයකු නම් U අකුරේ හැඩයටත්, හිසකෙස් අඩු නම් V හැඩයටත් අල්ලා ගන්න.

 

02. දැන් පිටුපස කොණ්ඩය හොඳින් බැක් කෝම්බ් කරන්න. ඉන්පසුව වම්පසින් ගන්නා හිසකෙස් පෝනිටේලයේ දකුණු පසටත්, දකුණු පස හිසකෙස් වම්පසටත් කතිරයක් ආකාරයට තබා නොපෙනෙන පරිදි කටු ගසන්න.

 

03.ඉන්පසුව මේ කොණ්ඩා මෝස්තරයේ ඉදිරිපස කොටස සකසා ගත යුතුය. එහිදී කොණ්ඩය වම් ඇහිබැමේ සිට දකුණු ඇහි බැමේ මැදට වනතෙක් කොටසක් වෙන් කරගෙන ඉතිරිවන පහළ කොටස පෝනිටේලයේ ළගට කර කටු ගසාගන්න.

 

04.දැන් ඉතිරි කොටසත් පිටුපසට රැගෙන එමින් නොපෙනෙන ලෙස කටු ගසා ගන්න.

 

05.මෙම කොණ්ඩා සැකසුමෙහි විශේෂත්වය වන්නේ නෙට් සහ කොණ්ඩා කටු භාවිත කරමින් රිද්මයානුකූලව රැලි තබා ගැනීමයි.

 

06.මෙහි මැද කොටස නෙට් එකට දමා කරකවා රෝස මලක හැඩය එන පරිදි සකසා පෝනිටේලය ළඟටකර රඳවන්න.

 

07.දැන් ඉතිරිව ඇති කොණ්ඩා කොටස් ඉතාමත් අලංකාරව රැලි ආකාරයට සකසමින් රඳවාගන්න.

 

08,09,10 ඡායාරූපවලින් ද මෙය ඔබට වඩාත් හොඳින් පැහැදිලි වේවි. මෙහිදී මුහුණේ හැඩයට, ප්‍රමාණයට ගැළපෙන ලෙස කොණ්ඩා සැකසුමෙහි පරිමාණය ගතයුතු අතර හිස දෙපැත්තෙහි සමබරතාව මෙන්ම ඉදිරිපස පෙනුම පිළිබඳ ද අවධානය යොමු කරන්න.

අවසානයේ හිසකෙස් රැලි හොඳින් පෙනෙන පරිදි මල් වැඩියෙන් භාවිත කරමින් සරසාගන්න.

 

 

 

ඉදිරිපත් කිරීම

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී

ප්‍රසන්න විජේවර්ධන

සැලෝන් ඇන්ඩ් ඇකඩමි

 

ඡායාරූප - ඇන්ඩෘෘ ප්‍රනාන්දු