ජංගම දුරකතන භාවිත කරන කාන්තා ඔබ අවධානය යොමු කළ යුතු කරුණු

මැයි 19, 2021

 

වර්තමානයේ දුරකතන භාවිතය පිළිබඳ සැලකිලිමත් වීමේදී ඉතාමත් විශාල වශයෙන් ජංගම දුරකතන ලෝකය පුරා අලෙවිවන බව නොරහසකි.

අද වන විට ජංගම දුරකතනය අපගේ දෛනික ජීවිතයේ අංග සම්පූර්ණ උපාංගයක් වී හමාරය. එහිදී ගැහැනු පිරිමි භේදයකින් තොරව වර්තමානය වන විට ජංගම දුරකතන භාවිත කරති.

විශේෂයෙන්ම කාන්තාවන් ජංගම දුරකතනය භාවිතයේදී දැනගත යුතු සහ සැලකිලිමත් විය යුතු කරුණු කාරණා කිහිපයක් පවතින අතර අද මෙම ලිපිය තුලින් කතා කරන්නේ විශේෂයෙන්ම එදිනෙදා ජීවිතයේදී කාන්තාවන් ජංගම දුරකතනය හා සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු සරල කරුණු කිහිපයක් පිළිබඳවයි.

 

phone එකේ storage full ද? Slow ද?

 

 

ඉඩ කඩ අඩුකර ගත හැකි ක්‍රම කිහිපයක්

 

මුලින්ම අපි අපේ phone එකේ play store එකට ගොස් ඉන් පසු play store settings වලට යා යුතුය. ඉන්පසු එහි auto update apps icon එකේ don't auto update icon එක click කර auto update වීම නවතා ගත යුතුය. ඔබට අවශ්‍ය වුණු අවස්ථාවක නැවතත් play store එකට ගොස් අප්ඩේට් එක active කරගත හැකිය.

.ඒ වගේම ගොඩක් දුරට අපි භාවිත කරන ෆේස්බුක් app එකට phone එකෙන් ගොඩක් ඉඩ වෙන් වෙයි. එවැනි අවස්ථාවක අපිට ෆේස්බුක් ඇප් එක වෙනුවට facebook lite ඇප් එක download කරගෙන භාවිත කළ හැකි නම් මේ තුළින් විශාල ප්‍රමාණයක ඉඩ අපිට අත්පත් කරගත හැකිය. මොකද මෙම lite app එකට 1 mb වැනි අඩු mb ප්‍රමාණයක් වෙන් වෙන බැවිනි. එමෙන්ම මම ඇප් එකේම messenger lite app එක download කරගෙන භාවිත කිරීම මගින් අපිට මේ තුළින් phone එකට වැඩි හරියක් වෙන්වෙන ඉඩකඩ අඩු කර ගැනීමට හැකිය.

Phone එකේ my files ගිහින් අපිට අවශ්‍ය නැති files තිබේ නම් delete කර ගැනීම.

එමෙන්ම phone එකේ storage කියන තැනට ගොස් clean now storage දී අපිට අනවශ්‍ය දෑ ඉවත්කර ගැනීමේ හැකියාව ද පවතී. එමෙන්ම ඇහිරී ඇති ඉඩකඩ ලබා ගැනීමට ද හැකියාව ලබා ගැනීමට ද හැකියාව ඇත.

අපිට settings වලට ගොස් app යන icon එක touch කර අපි භාවිත කරන සෑම app එකක්ම පෙන්නුම් කරන අතර එම apps වලට අදාල storage පෙන්නුම් කරන icon එක touch කළ පසු phone එකේ පවතින අනවශ්‍යය දෑ පහසුවෙන්ම clear කරගත හැකිය. මෙහිදී අපි භාවිතා කරන හැම app එකකටම එලෙස සිදු කිරීම මගින් phone එකේ storage full වීම සහ slow වීම වළක්වා ගත හැකිය. විශේෂයෙන්ම අපි භාවිත කරන chat history delete කිරීම මගින් ද එම වාසිය ළඟා කරගත ගත හැකිය.

 

ෆෝන් එකේ lock screen එක අමතක වුණාද?

 

දැනට ඔබ pattern lock screen එකක්, app එකක් භාවිතයෙන් phone එකට දාගෙන ඉන්නවනම්, හදිසියේම ඒ lock එක අමතක වුණොත්, කළ යුතු දේ,

මේ සඳහා ක්‍රම කිහිපයක් තිබෙනවා. හැබැයි ඒ සමහර ක්‍රම වලින් lock sceen එක ඉවත් කරන්න ගියාම බොහෝ දුරට ෆෝන් එකේ අපට අවශ්‍ය කරන බොහෝ දෑ delet වෙලා යන්න පුළුවන්. හැබැයි ඒ කිසිම දෙයක් ඩිලීට් කරගන්නෙ නැතිව lock screen එක විතරක් අයින් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන දැනගනිමු.

මුලින්ම මේ සඳහා safe mode එකෙන් phone එක on කර ගත යුතුයි. ඔබ දැනටමත් safe mode එකෙන් phone එක on කරගන්න දන්නේ නැත්නම් අපිට පුළුවන් google search කරලා, පියවරෙන් පියවර safe mode එකෙන් phone එක on කර ගන්නා ආකාරය දැනගන්න.

මුලින්ම ෆෝන් එකේ model එක ටයිප් කරලා අගට safe mode කියලා ටයිප් කරන්න. ඉන්පසු එලෙස search කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ පියවරෙන් පියවර සිදු කළ යුතු ආකාරය දිස් වනු ඇත.

මුලින්ම ෆෝන් එක off කර ගැනීම.

දෙවනුව power button එක press කර ගැනීම.

ඉන්පසුව power button එක අතහැරලා volume down key එක press කිරීම යන පියවර පිළිවෙළට අනුගමනය කිරීම තුළින් ඔබට safe mode එක මගින්, ෆෝන් එක කුමක් වුවත් on කර ගැනීමට හැකියාව සැලසෙනු ඇත.

ඉන්පසු ඔබගේ phone එක on වනවාත් සමගම ෆෝන් එකේ safe mode යනුවෙන් පහළින් දිස් වනු ඇත. ඒ වගේම ඒ safe mode එක on වෙලා නම් අනිවාර්යෙන්ම ෆෝන් එකේ ඔබ භාවිත කරන ලද ලොක් ස්ක්‍රීන් එක ද නැවත ඔබට නොපෙන්වනු ඇත. ඒ වගේම අපි ෆෝන් එකට apply කරන appication ටිකට ගිහින් බැලුවොත් ඒ හැම application එකක් ම dark වෙලා තියෙනවා අපිට දැක ගත හැකිය. ඉන් අනතුරුව අපි සිදුකළ යුත්තේ phone එකට download කරගෙන ඇති lock screen app එක uninstall කර ගැනීමයි. ඉන් පසු අපිට කිසිම ගැටලුවකින් තොරව phone එක restart කර ගැනීමට පුළුවන. ඒ වගේම phone එකේ තිබුණු කිසිදු දෙයකට හානි සිදු නොවන අයුරින් නැවතත් phone එක කලින් පැවතුණු තත්ත්වයටම හරවා ගැනීමේ හැකියාව ද මෙම ක්‍රමය තුළ දී ලබාගත හැකිය.