ලෝකෙම තොරතුරු කියවන්න QR කෝඩ් එකක් හරියටම පාවිච්චි කරන්නේ මෙහෙමයි

දෙසැම්බර් 4, 2023

 

මේ වනවිට QR code  කියන්නේ අපි හැමෝ ගාවම තියෙන අපේ මොබයිල් එකේ ඵචමඥ කරලා තියෙන එහෙමත් නැත්නම් ප්‍රින්ට්කරලා අපේ සාක්කුවේ පර්ස් එකේ තියාගෙන ඉන්න එකක් බවට පත්වෙලා. ඒ 2022 වෙද්දි. ලෝකයේ අනෙකුත් රටවල් එක්ක ගත්තම ලංකාව තමයි මේ QR කෝඩ් එක මේ විදිහට බාල, මහලු හැමදෙනා අතරම භාවිතවන රට විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ QR code  එක ඔබට දකින්නට ලැබුණේ කොටු ටිකක් පාට කරලා තියෙන අමුතු නචබබඥපද එකක් විදිහටයි. අපේ රටේ ඇති වුණ තෙල් ප්‍රශ්නයත් එක්ක තමයි මේ QR කෝඩ් එක ගැන වැඩියෙන්ම දැනගන්න ලැබුණේ. එයින් කියවෙන්නේ Quik Response Code කියන එකයි.

QR කෝඩ් එක දැන් යුගයේ අවශ්‍යතාවක් බවට පත්වෙලා. ඉතින් ඔයාලට QR code  එකක් සරලවම හදාගන්න විදිහ අද අපි කියලා දෙන්න සූදානම්.

හිතන්නකො ඔබට අවශ්‍ය කරන්නේ phone කාඩ් එකක් ඇතුළත් කරගන්න කියලා. මුලින්ම google play store ගිහින් ඔයා download කියන තැන QR scanner ඇප් එක සර්ච් කරන්න. ගොඩාක් app පෙන්නුවත් ඔබට කැමති ඇප් එක download කරගන්න. මුලින්ම එය open කරගන්න. එහි සෙටින් හදාගන්න. ඊට පස්සෙ ඔයාලගෙ දුරකතනයේ කැමරාව QR code  එකට ඇල්ලූ විට ඔබට අවශ්‍ය phone card එක scan වෙනවා. ඒ අතර

dail කියන එක ටච් කළොත් automaticallyෆෝන් කාඩ් එක හරිම ලේසියෙන් ඇක්ටිවේට් කරගන්න පුළුවන්.

මේ වගේ තමයි ඔබ යම්කිසි ව්‍යාපාරයක නියැළී ඉන්නවා නම් ඒ සඳහා බිස්නස් කාඩ් එකක් පාවිච්චි කරනවා ඇති. ඒත් මේ QR code  එකට පින්සිද්ද වෙන්න තවදුරටත් බිස්නස් කාඩ් එකක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ සඳහා ඔබ කළ යුත්තේ ඔබට අවශ්‍ය QR කෝඩ් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන විස්තර ටික ඇතුළු කිරීමයි. ඉන්පසුව QR code  එක scan කළොත් utomatically ඔබට මේ තොරතුරු ටික ලබාගන්න පුළුවන්. මේක නිර්මාණශීලිව පාවිච්චි කරන්න ඔයාටම තමයි පුළුවන් වෙන්නේ.

 

The QR Code කියලා type කර The Generater.com එකට ගියාම free text කියලා එකක් select කරගන්න පුළුවන්. ඒකට ඕනෑම නමක් දිය හැකියි. එම නම ටයිප් කරනකොට දකුණු පසින් ඇති QR කෝඩ් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ QR code  එකට ඒ තොරතුර ඇතුළත් වුණා කියන එකයි.

මෙහි දෙවැනි අදියර තමයි URL එක. ඔයාගේ වෙබ් සයිට් එකට අදාළ තොරතුරු ඇතුළත් කිරීම ඉන් සිදුවන්නේ. ඔයාට බිස්නස් එකක් තියෙනවා නම්, youtube channel එකක් කරනවා නම් මේක ස්කෑන් කරලා ඕනෑම තැනක ගහන්න පුළුවන්. ඒක හරියට වෙළෙඳ දැන්වීමක් වගේ. ඒ විතරක් නෙවෙයි contact කියලා තියෙන ඊළඟ menu එකට ගියාම ඒකට සියලුම ෆෝන් නම්බර්ස් ඇතුළත් කරගන්න පුළුවන්. ඒක හරිම වැදගත්. ඊළඟ menu එකත් වැදගත්. එහි

ඔබේ නම,email එක, දුරකතන අංකය, ඔබ ජීවත්වන ප්‍රදේශය, ජීවත්වෙන රට, යන සියලුම තොරතුරු මෙහිදී ඔබට ඇතුළත් කරන්න පුළුවන්.

ඔබ මේ වනවිටත් දන්නවා ඇති ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දී තිබෙන සල්ලි නැතුව භාණ්ඩ මිලදී ගත හැකි QR කෝඩ් එක ගැන. ඔබ වෙනදා භාණ්ඩ මිලදී ගෙන ඔබේ මුදල් පසුම්බියෙන් සල්ලි පියෙව්වා විය හැකියි. එම අවස්ථාවේ දී කඩේ මුදලාලිත් ඔබට ඉතුරු සල්ලි ගෙවන්න ඇති. අන්න ඒ මුදල් ගනුදෙනුවට තිත තබා අලුත් පියවරක් ඉදිරියට යා හැකි ක්‍රමයක් තමයි ලංකා QR කෝඩ් එක. මෙයින් සිදුවන්නේ ඔබගේ බැංකු කාඩ්පතින් අදාළ ගනුදෙනුව සිදු වීමයි. මෙහිදී මුදල් අතපත ගෑමක් සිදුවන්නේ නැහැ. විශේෂයෙන් මෙමඟින් මුදල් සොර සතුරන්ගෙන් බේරා ගැනීමේ වාසි ඔබ සතුයි.

 

මේ ආකාරයෙන් ඔබත් QR කෝඩ් එක පාවිච්චි කරන කෙනෙක් නම් ඔබත් ස්මාට්.