වර්ෂ 2025 ක්වූ June 16 වැනිදා Monday
කෙල්ලො කැමැතිම ආච්චි බ්ලවුසයක්

ගෙතුම් කලාව හරිම ආදරණීයයි. මනස එකලස් කරමින් කරනා ගෙත්තම අවසානයේ ලොකු වටිනාකමක්ද ඔබ සතු වේ.
ගෙතුම් මූලික දැනුමක් නැති ඔබටද මේ අගනා ආච්චි කොටු (Granny Squre) නිර්මාණය ගෙත්තම් කරගත හැකි අපූරුවයි. මේ නිර්මාණය අවසානයේ ඉහළ මිලක් ලබාදිය හැකියි. සාර්ථක ව්‍යවසායිකාවක වන්නට සිහින දකින ඔබටත් මෙය අපූරු කලාවකි. එසේනම් එන්න තරුණී නුග සෙවණට. මේ ආදරණීය සුසංයෝගය දිග හැරෙන්නේ ඔබේ ගෙත්තම් හැකියාව වෙනුවෙනි.
යුරෝපීයන් සොයා ගත් ආච්චි කොටු (Granny Squre) ක්‍රමයට ඉතා සරල බ්ලවුසයක් ගොතමු.
සාමාන්‍ය ගමනකට මෙන්ම ඕනෑම උත්සව අවස්ථාවකට වුණත් මේ බ්ලවුසයෙන් සැරසිය හැකිය.
මිලෙන් ඉතා අධික ගෙතුම් අතරින් අද අපි මේ ආච්චි කොටු (Granny Squre) බ්ලවුසය ඉගෙන ගනිමු.
මෙම බ්ලවුසය ගෙතීමේදී ඔබට විවිධ ආකාරයට වර්ණ සංකලනය කර ගත හැකිය. තනි වර්ණයක් භාවිතයෙන් හෝ වර්ණ කිහිපයක් යොදාගනිමින් මෙම ගෙත්තම කළ හැකියි.
පළමුවෙන්ම මේ ආච්චි කොටු එසේත් නැතිනම් ආච්චි කොටු (Granny Squre) යනු කුමැක්දැයි දැනගනිමු.
යුරෝපීය කාන්තාවන් ඔවුන්ගේ විවිධ ගෙතුම් නිර්මාණ අවසාන කරන විට ඒවායෙන් ඉතිරි වෙන නූල් ඉවත නොදමා එම ඉතිරි වන නූල්වලින් විවිධ ප්‍රමාණවල කොටු හැඩැති මෙම ආච්චි කොටු (Granny Squre) නම් නිර්මාණය කර ඒවා එකට එකතු කර බෑග්, බ්ලැන්කට්ස්, ස්වීටර්ස් ආදිය නිර්මාණය කර ඇති බවත්. කාන්තාවන් විසින් සොයාගත් මේ ඉතිරි වන නූල් අපතේ නොයවා ගොතන කොටු වර්ගය ආච්චි කොටු (Granny Squre) නමින් හැඳින්වූ බවත් ජනප්‍රිය වී ඇත.
අවශ්‍ය ද්‍රව්‍ය-
TKT 20 නූල් (කැමති වර්ණවලින්)
1.5 mm සිට 2 mm දක්වා ගෙතුම් කටුවක්
ෆ්‍රැබ්රික් ග්ලූ
මිනුම් පටියක්
කතුරක්
මෙම බ්ලවුසය සඳහා තරමක් විශාල ආච්චි කොටු දෙකක් අවශ්‍ය වේ.
නිර්මාණය කිරීම -
01. පළමුව Magic ring එකක් සාදා ගන්න.
02. දැන් දම්වැල් 3ක් ගොතා දෙපොට පිරවිලි 3ක් ගොතන්න.
03. මීළගට දම්වැල් 3යි දෙපොට පිරවිලි 4යි.
04. නැවත දම්වැල් 3යි දෙපොට පිරවිලි 4යි.
05. අවසානයේ දම්වැල් 3ක් ඊළඟට දෙපොට පිරවිලි 4ක් සහ දම්වැල් 3ක් ගොතා පළමුවෙන් ගෙතූ දම්වැල් 3ට සම්බන්ධ කරන්න.
06. ඉන්පසු කුඩා නූල් කොටසෙන් ඇද Magic ring එක හොඳින් තද කරගත යුතුයි. දැන් අපි Granny Squreඑකෙහි පළමු පේළිය ගොතා අවසන්
07. තරමක් විශාල කොටුවක් ලැබෙන තුරු සෑම පේළියක්ම දෙපොට පිරවිලි 4 බැගින් හිස්තැන්වලටත්. ඒවා අතරට දම්වැල් දෙක බැගිනුත් වටේට ගොතාගෙන යා යුතුයි.
08. කොටුවේ මුළු නිවැරදිව සාදා ගැනීමට එම තැන්වලට දෙපොට පිරවිලි
4යි, දම්වැල් 3යි, දෙපොට පිරවිලි 4 බැගින් ගොතාගත යුතුයි.
09. මෙලෙස ගොතා ගත් කොටුවෙහි දෙපසට පමණක් නැවත පේළි කිහිපය බැගින් ගොතා ගත යුතුයි. (කොටුවේ පළල පපුව මිම්ම දෙකෙන් බෙදූ විට එන අගයට සමාන වන ලෙස කොටුව දෙපසට පේළි ගොතාගන්න)
10. ඉන්පසු රූපසටහනේ පරිදි උරහිස දක්වා උසට සමාන වන ලෙස ඉහළ කොටසට දෙපසින් සමාන ලෙස පටි දෙකක් ආච්චි කොටු ගෙතූ රටාවටම ගොතාගන්න
11. දැන් අපි මෙවැනි සමාන කොටස් දෙකක් සාදාගත යුතුයි
12. මීළඟට එම කොටස් දෙක එක උඩ එක තබා උරහිසෙන් සහ දෙපස පැති දෙකෙන් තනිපට පිරවිල්ල යොදාගනිමින් සම්බන්ධ කරගත යුතුයි.
මනා නිමාවක් සඳහා අත් කට වටේ සහ කර වටට භාග දෙපොට පිරවිල්ලෙන් පේළි කිහිපයක් ගොතාගන්න.
අවසානයේ ඉතිරි නූල් කැබලි ගම් දමා වේළුණු පසු කපා ඉවත් කරන්න
දැන් ඔබට මෙම බ්ලවුසය ඔබට කැමති පරිදි ගැළපෙන්න විලාසිතා කළ හැකි ය.
ආච්චි කොටු (Granny Squre) ගොතා ගැනීමේදී වර්ණ මිශ්‍ර කරමින් ගෙතීමෙන් මෙම බ්ලවුසයට මනා පෙනුමක් ගෙන දෙයි.
උපදෙස් -
ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පීනී
දේවීන්දි ගුණතිලක