වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
හැඩකාර ෆැන්සි කුමරියෝ

මල් වර්ග නම් කොතෙකුත් තියෙනවාද? ඒ අතරින් හැඩකාර පෙනුමක් ගෙන දෙන ෆැන්සි මල් කුමරියන්ගේ ලස්සන බලන්නකෝ. නිවෙස කලඑළි කරන්න බලන් ඉන්න ඔබටත් මෙය කදිම අවස්ථාවක්.
විවිධ වර්ණ බේබි රිබන් යොදා ගනිමින් මේ ෆැන්සි කුමරියන්ට ජීවය ලබාදිය හැකියි.
අත්කම් නිර්මාණකරණයට අත්දැකීම් නොමැති ඔබට වුණත් හරිම පහසුවෙන් නිර්මාණය කර ගන්න පුළුවන්. මෙවැනි මල් කිහිපයක එකතුවකින් වෙෙළඳපොළ වුව සකසා ගත හැකියි.
අවශ්‍ය ද්‍රව්‍ය:-
ලිනන් රෙදි
අවශ්‍ය වර්ණවලින් අඟල් 01ක් පළල රිබන්
කොළපාට බේබි රිබන් කැරැලි නූල්
ටැපැස්ට්‍ර් ඉඳිකටු
රාමුව
නිර්මාණය කිරීම:-
පළමුව රෙදි කොටස මත දළ සටහනක් ඇඳගන්න. ඉන්පසුව රෙදි කොටස රාමුවට දමා තද කර මැසීම අරඹන්න. අවශ්‍ය වර්ණවලින් අඟලක් පළල රිබන් ගෙන අඟල් 05ක් දිගට රිබන් කොටස් කපාගන්න. පොඩි පෙති සඳහා අඟල පළල රිබන්වලින් අඟල් 03ක් දිග රිබන් කොටසක් කපාගන්න. ඒවා නූල් ඇද ගැදර් කර ගන්න. ඉන්පසුව මල් පෙති ලෙස එම ගැදර් කළ කොටස් රෙදි කොටස මත තබා මසාගන්න. මල්වල මැදට කහ පැහැයෙන් ප්‍රංශ ගැටේ බැගින් දමාගන්න. එය වටේට කළු පැහැයෙන් ප්‍රංශ ගැට දමන්න. කැරැලි නූල්වලින් කෙළින් මැහුම් ද දමා ගන්න. නටු ඇඹරුණු කෙළින් මැස්මෙන් මසා ගත යුතුයි. කොළ රිබන් මැස්මෙන් හා කෙළින් මැස්මෙන් මසාගන්න. අවශ්‍ය නම් මල් මැද වර්ණ ගන්වා ගත හැකියි.