වර්ෂ 2025 ක්වූ June 23 වැනිදා Monday
Modern පන් බෑග්

හිත නිවන කලාවන් අතරේ රිබන් එම්බ්‍රොයිඩරි කලාවට හිමිවන්නේ සුවිශේෂී තැනක්. දේශීය පන් බෑගයකට හැඩ වැඩ යොදන ලද රෝස මලක අසිරිය කැඳවන මෙම පන් බෑගය පාටියකට යන ඔබට හැඩට වැඩට අරගෙන යන්න එමෙන්ම ස්වයං රැකියා අත්වැලකට මංපෙත් විවර කරයි.
රිබන් එම්බ්‍රොයිඩරි පන් බෑගය මෙලෙසින් හැඩ වැඩ කරමු.
සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය -
පන් බෑගයක්
එම්බ්‍රොයිඩරි ෆ්‍රේම්
රිබන්
ට්‍රැපැස්ටි ඉඳිකටුවක්
ලයිටරයක්
කතුර
නූල්
නිර්මාණය කිරීම -
පළමුව තරමක් දිගින් යුතු රිබන් පටියක් කපා ගන්න. එහි කෙළවර ත්‍රිකෝණයක ආකාරයට (1 රූපයේ පෙනෙන ලෙස) නවාගන්න.
ඉන් අනතුරුව නැවතත් එම ත්‍රිකෝණ කොටස රිබන් එක පැත්තටම නවාගන්න. (2 රූපය)
පසුව 3 රූපයේ ලෙසට රිබන් පටිය නැවත පිටුපසට නවන්න.
මේ අන්දමට ඔබ ගත් රිබන් පටිය අවසාන වන තෙක් ත්‍රිකෝණයක ආකාරයට එන ලෙස රිබන් එකෙහි හොඳ පිට හා කණපිට මාරුවෙන් මාරුවට නවාගන්න. ඒ අතරතුර ඉඳිකටුවකින් මසා ගන්න. (4 හා 5 රූප)
පසුව රිබන්පටිය හරහට කැපුමක් යොදාගෙන එය ද මලට තබා මසා ගන්න. (6 සහ 7 රූප)
පන් බෑගය ගෙන ඊට රිබන් එකෙන් රෝස මල් පෙති තුනක් මසාගන්න. (8 සහ 9 රූප)
ඉහත මසා ගත් රෝස මලෙහි මැද කොටස (7 රූපය ) පන් බෑගයට තබා නොගැලවෙන ලෙස හොඳින් මසාගන්න. (10 රූපය)
11 රූපයේ දැක්වෙන ලෙසට රෝස පෙති නිර්මාණය කරගන්න.
රෝස මලෙහි පෙති වැඩි කර ගැනීමෙන් පිරිපුන් අලංකාරවත් මලක් නිර්මාණය කරගත හැකියි. (12 රූපය)
මල නිමා කිරීමෙන් පසුව අවශ්‍ය පරිදි පත්‍ර මසා ගන්න (13 රූපය)
ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී
රවීනා සෙව්වන්දි
pix by - ශාන් රඹුක්වැල්ල