වර්ෂ 2025 ක්වූ July 21 වැනිදා Monday
නුවණට අධිපති ගණ දෙවිඳු

හරියටම මහගන්න පුළුවන් නිවැරදි ප්‍රමාණයේ කතිර රටාව මේ සමඟ
හින්දු භක්තිකයන්ගේ මහත් වූ පුද පූජාවන්ටත්, ගෞරවයටත් බඳුන්වන ගණ දෙවිඳුන්ගේ රුව රැගත් කතිර මෝස්තරයකි මේ. සියලු දෙවිවරුන්ට සාපේක්ෂව විශේෂ රූපයකට හිමිකම කියන ගණ දෙවිඳුන් නුවණට අධිපති ලෙස සැලකේ.
ගණ දෙවි පිහිට හුදෙක් ඥාන වර්ධනයට පමණක්ම හේතු නොවේ. ඉන් පරිබාහිරව ස්වාභාවික විපත්වලින් ආරක්‍ෂාවට, සැප සම්පත් ගෙන දීමට, ග්‍රහ අපලවලින් ආරක්‍ෂාවට, අන-වින, බන්ධනවලින් ආරක්‍ෂාවට, ආදරවන්තයන් මෙන්ම යුවතිපතීන්ගේ ආරක්‍ෂාවට, අසාධාරණකම්වලින් ආරක්‍ෂාවට මෙන්ම ගැඹුරු ශාස්ත්‍රයන් පහසුවෙන් අවබෝධ වීම ආදී කොට ඇති බොහෝ දේ උදෙසා ගණ දෙවිඳුන් පිහිට වන බව පිළිගැනේ. ඔබේ පාසල් යන දුවගේ පුතාගේ පොත් මේසය ළඟ මේ ගණ දෙවිඳුගේ රුව රැගත් කතිර මෝස්තරය තැබිය හැකියි.
අවශ්‍ය ද්‍රව්‍ය
අඟලට කොටු 10,11ක් හෝ 14ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි
නොම්මර 24 සිට නොම්මර 26 දක්වා ට්‍රැපැස්ටි ඉදිකටු
අවශ්‍ය වර්ණවල කපු කැරලි නූල්
රාමුව
ඉදිකටු
කතුර
නිර්මාණය කිරීම:-
මෙම නිර්මාණය අඟල් 5.6 x 7.2 ප්‍රමාණයේ නිර්මාණයකි. එහෙත් ඔබට කැමැති ප්‍රමාණයට සකසාගත හැකියි. ඔබ අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් හෝ අඟලට කොටු දහයක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. ඒ නිසා රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. කෙසේ වෙතත් නිර්මාණය රාමුකර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කොටස කපාගත යුතුයි. ඒ සඳහා වටේට අඟල් 2ක් හෝ 3ක් ඉඩ තබා රෙදි කොටස කපාගන්න. නැත්නම් නිර්මාණය මැසුවාට පසු රෙදි කොටස කපා ගන්න. කොටු 10න් 10ට නූල් ඇදගැනීමෙන් මැසීම පහසු වේ. කොටු ගණන් කර මසන්න. නැත්නම් නිර්මාණය හරි මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 2ක් සෑහේ. අඟලට කොටු 11ක් නම් නූල් පොටවල් 4ක් හෝ 6ම භාවිත කරන්න.