මල්වර මංගල්‍යයට හැඩට දෝණිට

ජුනි 16, 2025

මේ හැඩැති ගවුම් මෝස්තරය පුංචි දෝණි වැඩිවියට පා තබන දා හැඩවෙන්නයි. Party frock එකක් වන මෙය ඔබට කැමැති වර්ණයකින් ගළපා ගත හැකියි. ගවුමට ඔබට අවශ්‍ය පරිදි තට්ටු වැඩි ප්‍රමාණයක් වුව සම්බන්ධ කරගන්න පුළුවන්. එයින් දෝණිගේ හැඩ තවත් වැඩි වේවි.


ඉදිරි පළුව:-

මූලික ඉදිරි පළුව
පිටපත් කර රූපයේ පෙනෙන ආකාරයට ABCD නම් කරන්න. A සිට අවශ්‍ය ප්‍රමාණය ලකුණුකර කර ගැඹුර ගන්න. A1 රේඛාවේ තිරස් රේඛාවක් ලකුණු කර කිහිලිකට තෙක් ඇඳගන්න. එම රේඛාවේ සිට උරහිසට ඇති උස මැන ගන්න. A,G,D,E,F රේඛාවන් සඳහා මැහුම් වාසි තබා ගන්න.

පිටපළුව:-

ඉදිරිපස ආකාරයටම ගෙන මැහුම්වාසි තබා කපා ගන්න.


පිට මැදට සිපර් එකක් අල්ලාගන්න. ඉදිරිපස සහ පිටුපස කඳ කොටස් ලයින් තබා මසාගන්න. අත්කටට අත අල්ලා පැත්තේ මැස්ම මසාගන්න. පිට මැදට සිපර් එකක් අල්ලා කරට පටි අල්ලා ගන්න.
සායද ඉණට අල්ලා ගන්න. අවශ්‍ය නම් ඩාට් වාටියට ෆ්‍රිල් අල්ලාගන්න.

සාය:-

සම්පූර්ණ ඉණ ÷ 3×2 එන පිළිතුර A ලෙස තිරස් සහ සිරස් අතට ලකුණු කරන්න. ඉණ ඇඳගන්න. A1 සහ A1, A2 සිට සායේ උස ගෙන වාටිය ඇඳ DC යොදන්න. සායටද සාය උසට ඩාට් අඟල් 3ක් පමණ කොටට ලයිනිං අල්ලා ගන්න.


 

උපදෙස්:-
ප්‍රවීණ මැහුම් උපදේශිකා
ෂර්මිලා රණවීර

 

Model - නිතීශා

Line Art - චාම් නිර්මාණ්