වර්ෂ 2025 ක්වූ June 09 වැනිදා Monday
පුංචි දෝණි හැඩ කරන්න ගවුම් පොඩියක්

අපි කරන හැම වෘත්තියකම අවදානමක් අපිට ගන්න වෙනවා. මැහුම් කලාවත් අන්න ඒ වගේ. අපිට තව කෙනෙක් දෙන ඩිසයින් එකක්, ඒ විදියටම මහන්න,
වරදින මොහොතක අත් නොහැර ආයේ මහන්න, ඒ වගේම කස්ටමර් ඇඳුම මහලා ඉවර වෙනකම් "මැහුවද? මැහුවද?" කියලා දෙන කරදරේ. මේ ඔක්කොම ඉවසන්, අවසානේ.
ඒ කෙනාගේ හිත සතුටු වෙන විදියට අවසාන නිමාවක්,
ඉතින්, අවදානමක් වුණත් ඒ දේ හරි ලස්සනට ඔයා කරනවා. ඔයා ගැන ආඩම්බර වෙන්න.
මේ ආඩම්බරේ දෙගුණ තෙගුණ වෙන්න මෙන්න අපූරු ගවුම් පොඩියක්. ආදරණීය පුංචි දෝණි හැඩ කරන්න කදිම ගවුම් මෝස්තරයක්. ඔබ ආදරණීය මවක් නම් මේ මැහුම් හැකියාව පෙන්නන්න අපූරු අවස්ථාවකි.
මේ ගවුම් පොඩිය මසා ගන්න ඔබට ලස්සනම ලස්සන මුද්‍රිත රෙදි කොටසක් තෝරා ගන්න පුළුවන්.
අවශ්‍ය මිමි:-
උරහිස අඟල් 8ක්
පපුව වට අඟල් 21ක්
ඉණ වට අඟල් 21ක්
ඉණට උස අඟල් 8ක්
ගවුමේ සම්පූර්ණ උස අඟල් 22ක්
කර පළල අඟල් 2ක්
කර ගැඹුර අඟල් 3ක්
මසා ගැනීම:-
පළමුව ඔබ තෝරා ගත් රෙදි කොටස ගෙන උරහිස් මූට්ටු කරගන්න. දැන් ලබාදී ඇති මිමි අනුව සකසා ගන්න. අතට සහ කරට අල්පෙනෙති යොදා ගෙන මසාගන්න. අංශය මූට්ටු කරගන්න.
පිටුපස පළුවට බොත්තම් යොදා ගන්නවා නම් කාස මසාගන්න. නැත්නම් සිපරයක් ද යොදාගත හැකියි.
සාය කොටස් දෙක එකට තබා අංශ මූට්ටු කරගෙන බ්ලොක් කරගන්න. දැන් ඉණ කොටස රැළිකර ගන්න. එය නැම්ම කොටසට තබා මසාගන්න.
අවසානයේ සාය යට කොටසට ලේස් එකක් තබා අලංකාර කරගන්න.
උපදෙස්:-
ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී
ඉරෝෂි මුහන්දිරම්
Linr Art -නිලක්ෂි ආරියරත්න