ඉවත දමන ටයර් වදයක් කරනොගනිමු

ජූලි 14, 2021

 

සුවපහසු ගමනාන්තයක් කරා රැගෙන යන්නට මහඟු දායකත්වයක් ලබාදුන් ඔබේ වාහනයේ ටයර් ටික කාලයක් ගත වද්දී භාවිතයෙන් ඉවත් කරන්නට සිදු වෙනවා. මෙලෙස වරින්වර ඉවත් කරන්නට සිදුවන ටයර් පහසුවෙන් දිරාපත් වේ යැයි සිතා ගෙතුළෙහි හෝ ගෙමිදුලේ රඳවන්නට ද නොහැකියි. මන්ද එය විශාල ඉඩකඩක් අහුරාලන කටයුත්තක් සේම ඉවතට දමන ටයර් යනු මදුරුවන්ට ආරක්ෂාකාරී නිවහනකි. ඔවුන්ගේ රජදහනකි. එබැවින් පාවිච්චි කළ ටයර් ටික පවා ඇතැම්විට ඔබට හිරිහැරයක් කරදරයක් වීම කණගාටුවට කරුණකි.

මේ ඡායාරූප දෙස මොහොතක් බලන්න. ඉවත දමන ටයර් ප්‍රයෝජනයට ගන්නා අපූරුව ඔබටම වැටහේවි. වැඩි වියදමක් නොදරා අලංකාර ආසන කිහිපයක් බවට පත්කර ඇත්තේ මේ ඉවත දමන ටයර් ය. ඒ විතරක් ද ඔබේ ගෙමිදුල හැඩකරන කුඩා ජලාශයක් හදන්නට වාගේම විසිතුරු මල් පැල වගාවකටත් මේ ටයර් භාවිතකර ඇති අන්දම පුදුමයි නේද ? පියවරෙන් පියවර මේ ඡායාරූප දෙස විමසිල්ලෙන් බැලුවහොත් එය එතරම් අරුම පුදුම කාර්යයක් නොවන බවත් ඔබටම වැටහේවි.