පස් නැතිව පැළ සිටුවන මැජික් එක Coco Peat Grow Bag

අගෝස්තු 19, 2020

නිමේෂිකා උපන්නේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ. ඒත් ඇය විවාහයෙන් පසුව කොළඹට එන්න සිද්ධ වුණේ මහල් නිවාසයකට. ඇයට මේ සංකීර්ණ මහල් නිවාසයේ පසුගිය මාස කිහිපය ගත කළේ පුදුම පීඩනයකින්. ගහක් කොළක් නොමැති කොන්ක්‍රීට් වනාන්තරය ඇයට නුහුරු අත්දැකීමක් වගේම හරිම ඒකාකාරි ජීවන රටාවක් බවට පත් වුණා.

නිවාසය තුළටම කොටු වුණු ජීවිතයේ ගහක් වවා ගන්න ඇය දහසක් සිතුවිලි මැවුවා. ඒත් තට්ටු හත අටක ගොඩනැඟිල්ලක මොන ගස් වැවිල්ලක්ද? ඇයට මේ සිතුවිල්ලට නම් විසඳුමක් ලැබුණේම නැහැ. එහෙත් දිනයක ඇය ටචජඥඡධධඬ සටහනක අහන්බෙන් දැක්කේ පස් නැතිව ගස් වවන අපූරු ක්‍රමයක් ගැන. මේ ක්‍රමය ඇයට පුදුම සතුටක්. ගහක් වවාගන්න නොහැකි ඕනෑම තැනක ගස් වවන මේ මැජික් එක ගැන ඇයට ටිකක් හොයා බලන්න හිතුණා.

ඇයට ගස් වැවීමේ ආසාව මල්පල ගැන්වුණා. ඒ සිහිනය සැබෑකර ගත් ආකාරය ගැන දැනගන්න අපටත් සිතුණා. ඒ අපුරු වගා ක්‍රමය ගැන අප දැනගත්තේ ඛ්ධජධ ර්‍ථඥචබ ට්පධඹ ඕචඨ ආයතනයේ වෙළෙඳ නිෂ්පාදන අංශ ප්‍රධාන මිගාර ගුණරත්න මහතාගෙන්.

පස් නැතිව වගා කරන ක්‍රමය

මේ වගාවේ ප්‍රධාන වාසිය තමයි පස් අවශ්‍ය නොවීම. ඒ නිසා මේ වගා ක්‍රමය වඩාත් සාර්ථක වී තිබෙන්නේ ඊශ්‍රායල්, කටාර්, ඕමාන්, ඉරානය වැනි රටවලයි. මේ රටවල පස් අඩුයි. ඒ වගේම ජලයත් අඩුයි. අපගේ මේ වගා ක්‍රමය ඒ දෙකටම විසඳුමක්. පසුගිය කාලයේ අපේ රටේ වගා කිරීම සඳහා ඇතිවූ උනන්දුවත් එක්ක මෙය අපේ රටේ නාගරික පරිසරයට වඩාත් ප්‍රයෝජනවත් ගැළපෙන වගා ක්‍රමයක් බව හඳුනා ගත්තා. දැන් අපේ රටේ වගාවට උනන්දුවක් දක්වන කාන්තාවන් මේ වගා ක්‍රමය පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන්නේ විශේෂ හේතු කිහිපයක් නිසයි. මේ ක්‍රමයට වගා කිරීමට වැයවෙන්නේ අවම ශ්‍රමයක්. ඒ කියන්නේ ඔබ කළ යුත්තේ සකස් කළ මේ වගා බෑග් එකට ජලය එක් කිරීමයි. එවිට මෙහි ඇති කොහුබත් සහ පොල් ලෙලි කැබැලිවලට ජලය උරාගෙන පොලිතින් කවරය පිරෙන්නම වගා මාධ්‍යයේ පිරෙනවා. දැන් ඔබ කළ යුත්තේ කොම්පොස්ට් පොහොර ස්වල්පයක් එම කවරයේ මැදට දමා ඔබ කැමැති ශාකයක් සිටුවිමයි. මෙසේ සිටුවන ලද බෑග් එක නිවෙසක ඇතුළත පිටත හෝ තාප්පයක පවා තියන්න හරිම පහසුයි. ශාකයක් සිටුවීමේදී එයට හිරු එළිය අවශ්‍යම සාධකයක්.

 

2020/08/19 තරුණි බලන්න.