කාලයේ තාලෙට වෙනස්වන තිරරෙදි මෝස්තර

ජනවාරි 6, 2021

කැලැන්ඩරයේ පිටු වේගයෙන් පෙරළී ගොසින් අපටත් නොදැනීම 2021 වසර උදා වුණා. නොසිතූ නොපැතූ ආකාරයට පසුගිය වසර ගෙවී ගියත් ලැබුවා වූ මේ නව වසර වෙනුවෙන් හැමෝගෙම සිත්වල නැවුම් බලාපොරොත්තු ගොඩ ගැසී ඇති.

ඒ අතරේ වැඩි දෙනකුගේ ප්‍රාර්ථනය වන්නේ තමන්ගේ පුංචි කැදැල්ල තව තවත් අලංකාර කරගැනීමයි. වසරක් ගෙවී වසරක් උදාවත්ම බොහෝදෙනකු මේ කැදැල්ල තවත් හැඩ වැඩ කරන අතර මේ වසරේ තමන්ගේම කියා අලුත් නිවහනකට පිය නඟන්න පෙරුම් පුරන අයත් බොහෝමයි.

ඉතින් ඔවුන් වෙනුවෙන් යමක් තිළිණ කරන්නයි අපේ මේ සූදානම.

තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට සේම නිවෙසේ සුන්දරත්වය වඩාත් ඔප් නංවා ගැනීම සඳහා තිරරෙදි එක් කිරීම අතීතයේ සිටම අපේ පුරුද්දක්. කාලයේ තාලයට ගැළපෙන පරිදි මේ තිරරෙදි විලාසිතා වෙනස්වන අතර වසරකට වරක්වත් තිරරෙදි මාරු කරන්නට තමයි අපේ ගෘහණියන් පුරුදු වී සිටින්නේ.

බලන්න, මේ අලුත් විලාසිතා දෙස.හරිම සිත් ඇදගන්නා සුලුයි නේද?

එකම වර්ණයෙන් තිරරෙදි යොදනවා වෙනුවට තද සහ ළා වර්ණ එකට මිශ්‍ර කරමින් සැකසු මේ තිරරෙදි කොයිතරම් ලස්සන ද? මේ විදිහට වර්ණ කීපයක්ම එකට මිශ්‍ර කළ හැකියි. ඒ වාගේම මල් හෝ විචිත්‍ර මෝස්තර සහිත තිරරෙදි නිවෙසට රැගෙන එන්නේ අලංකාරයක්. මේ තිරරෙදිවල වර්ණයෙන් සහ මෝස්තරයෙන්ම කුෂන්, කාපට් ආදිය තෝරා ගැනීමයි අලුත් විලාසිතාව.

මෙලෙස එකකට එකක් ගැළපීම තුළින් එකතු කරගන්නා වෙනස ඔබත් අත්විඳ බලන්න.

 

ඡායාරූප - අන්තර්ජාලයෙනි