වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
අලුතින් සිතන්න

සිත භීතියෙන් ඇලලී යන කොරෝනා වසංගතය ආයෙත් දැඩි සේ හිස ඔසවන්නට පටන් අරන්. ඉතින් නිදහසේ සැරිසැරූ කාලසීමාව නිමාවට පත්කර තම දරු පවුලත් සමඟ නිවහනට ම වී සිටින්නට සිදු වන කාලසීමාවකි මේ. ටිකක් විතර අපහසුයි තමයි. ඒත් අපි හැමෝගෙම යහපත තකා ගමන් බිමන් සීමාකර නිවහනට වී සිටිය යුතුයි නේද ?
ඉතින් මේ විදියට නිවහනේ ඉන්නකොට පසුගිය කාලසීමාවේ දී වාගේම මේ කාල වකවානුවේදිත් ඔබේ දරු පවුලට, නිවහනට වාගෙම ගෙවත්ත කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන්.
විශේෂයෙන්ම පවුලේ සාමාජිකයන් සමඟ එකමුතුව යමක නියැළෙන්නට අලුත් අලුත් දේ අත්හදා බලන්නට මේ හොඳම කාලයයි.
නිවෙසේ හැඩ වැඩ වැඩි කරගන්නට එකතු කර ගත හැකි මේ අපූරු නිර්මාණ දෙස මොහොතක් බලන්න. දෑස වෙහෙසන විවිධාකාරයේ කෘත්‍රිම නිර්මාණ අතරේ සොබා දහමේ අපූර්වත්වය කැටිකළ කදිම නිර්මාණ කිහිපයකි මේ. ඔබගේ අවශ්‍යතාවය සහ රුචිකත්වය මත මෙවැනි නිර්මාණ කීපයක්ම නිවෙසට එකතු කරගත හැකියි නේද ? මේවා සකසා ගැනීම එතරම් අපහසු නැහැ. ඒ වාගේම වැඩි මුදලක් වැය වෙන්නෙත් නෑ .අවශ්‍ය වන්නේ ඔබගේ කැපවීම සහ ඉවසිල්ලයි.
ඡායාරූප අන්තර්ජාලයෙනි
නිර්මාණය - මධුර ප්‍රභාත් ගමගේ