පිරමීඩ තාක්ෂණයෙන් ගොඩයන ක්‍රමය

නිවාස තැනීමේ අලුත්ම තාක්ෂණය මෙන්න
පෙබරවාරි 5, 2024

නිවෙසක් තැනීම කලාවකි. මේ කලාවට ගෘහ නිර්මාණ ශිල්පය, වාස්තු විද්‍යාව හා නිවාස හිමියාගේ ද දායකත්වය සමසේ ලබාදිය යුතුය. මෙය සමපාද ත්‍රිෙකා්ණයක පාද ගළපා ගැනීම වැනි ක්‍රියාවලියකි. නිවෙසක් තැනීමේ කලාව මුල සිටම ක්‍රමානුකූලව සිදුකරන කටයුත්තක් නොවූයේ නම් එම සැලසුම් කටයුත්ත සම්පූර්ණයෙන්ම අඩාළ වෙයි. නැතිනම් අතරමඟ දී නවතී.

මේ නිසා නිවෙසක් තැනීමේදී නිවාස සැලසුම නිර්මාණය කිරීමට පෙර සිටම නිවෙසක් තැනීමේ කලාව පිළිබඳ ඔබට අවබෝධයක් තිබිය යුතුය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ නිවෙසේ ගෘහ අංග සුදුසු ලෙස දිශානුගත කිරීමයි. වර්තමානයේ බොහෝ නිවාස සැලසුම් අසාර්ථක වන්නේ මේ ගැන නිසි අවබෝධයක් ගෘහ මූලිකයාට නොතිබීමයි. සාමාන්‍යයෙන් නිවෙසක් ඉදි කිරීමේදී එහි අලංකාරය මෙන්ම හැඩතල යොදාගැනීම සේවාදායකයාට නැතිනම් ගෙහිමියාට අවශ්‍ය පරිදි යොදා ගැනීමට නොහැකිවීම පිළිබඳ ගැටලු ඇති වෙයි. මෙසේ ගැටලු අැතිවීමට ප්‍රධාන හේතුවක් බවට පත් වන්නේ වාස්තු ශාස්ත්‍රඥයා නිවෙස තැනීමට උපදෙස් ලබාදෙන ආකාරයට නිවෙස නිර්මාණයේදී සේවාදායකයාගේ රුචිකත්වය හා අවශ්‍යතාවට අනුව එය නොගැළපීමයි.

නමුත් නිවෙසක් ඉදිකිරීමේදී සේවාදායකයාගේ රුචිකත්වයත්, වාස්තු ශාස්ත්‍රඥයාගේ උපදේශනයත් දෙකම ගළපා ගැනීම සඳහා සාර්ථකම පිළියම වන්නේ මේ දෙකම ගළපා ගත හැකි තාක්ෂණික ක්‍රමයක් යොදා ගැනීමයි. එවිට ඔබගේ අවශ්‍යතාවයත් ඉටු වී වාස්තු දෝෂත් නැති නිවෙසක් තනා ගැනීමට හැකිවනු ඇත.

මේ සඳහා යොදා ගන්නා තාක්ෂණික ක්‍රමය වන්නේ පිරමීඩ තාක්ෂණයයි. මෙහිදී ගෙහිමියාට කැමැති ආකාරයට වාස්තු දෝෂ නොසලකා නිවෙසක් ඉදිකළත් මේ තාක්ෂණය භාවිතයෙන් 100%ක්ම එම දෝෂ සියල්ල ඉවත්කර ගැනීමට හැකිවනු ඇත.

බොහෝ විට පිරමීඩ තාක්ෂණය බහුලව යොදා ගන්නා අවස්ථාවක් වන්නේ ඉදිකර අවසන් වූ නිවෙසක් මිල දී ගැනීමට සුදානම් වේ නම් හෝ නිවැරැදි වාස්තු උපදේශනයක් නොමැතිව නිවෙසක් තැනු අවස්ථාවලදී ය. මෙලෙසින් ඉදිකළ නිවෙසක වාස්තු දෝෂ පවතී නම් එම නිවෙසේ සියලුම වාස්තු දෝෂ එකදු ගඩොලක් හෝ නොගලවා කැඩීම් බිඳීම්වලින් තොරව, පවතින වාස්තු දෝෂ ඉවත්කර ගැනීමට මෙම වාස්තු සිද්ධාන්ත මඟින් සිදුකර ගැනීමට ලැබීම විශාල වාසියකි.

උදාහරණයක් ලෙස යම් නිවෙසක කොටසක් L හැඩයට ඉදිකර ඇතැයි සිතමු. එය වාස්තු විද්‍යාෙව් ප්‍රබල දෝෂයක් ලෙස සලකයි. එම කොටස මෙම පිරමීඩ තාක්ෂණය භාවිතයෙන් L හැඩැති කොටස කපා ඉවත් කිරීමට හැකියාව පවතී. මෙහිදී කිසිම කැඩීමක් බිඳිමක් හෝ ගඩොලක්වත් කඩා ඉවත් කිරීමට අවශ්‍ය නොවෙයි. වාස්තු විද්‍යාවේ නිවෙසක ඊසාන හෝ උතුරු දිසාවට නාන කාමරයක් හෝ වැසිකිළියක් පවති නම් එය ප්‍රබල වාස්තු දෝෂයක් ලෙස සලකයි. එවැනි අවස්ථාවකදී එම ඉදිකිරීමට කිසිදු හානියක් නොකර එම නාන කාමරය හෝ වැසිකිළියේ වාස්තු දෝෂ පිරමීඩ භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත්කර ගැනීමට හැකියාව තිබේ. මේ ආකාරයට නිවෙසේ පවතින සියලුම මර්මස්ථාන සහ ගෘහ අංගයන් අසුබ ආකාරයට පිහිටා ඇතිනම් ඒවා ද කැඩීමෙන් බිඳීමකින් තොරව ඉවත්කර ගැනීමට හැකිවනු ඇත. මේ තාක්ෂණය සඳහා පිරමීඩ තාක්ෂණය පිළිබඳ දැනුමක් හා අවබෝධයක් ඇති වාස්තු ශෘස්ත්‍රඥයකුගේ උපදෙස් ලබාගත යුතු වෙයි. මේ ක්‍රමය විද්‍යාත්මකව ද යම් පදනමක් ඇතිව සිදුකරන කටයුත්තක් නිසා බොහෝ දෙනෙකු මේ තාක්ෂණය පිළිබඳ දැඩි උනන්දුවක් දක්වයි. එසේම මේ තාක්ෂණය නිසා විශාල මුදල් ඉතිරියක් ද කරගැනීමට හැකිවනු ඇත.

 

උපදෙස් -

ධර්මපාල සොන්දප්පෙරුම ආරච්චිගේ

සංහිඳ ජෝතිෂ්‍ය හා වාස්තු විද්‍යාපදනම

මඩපාත පාර කොටගෙදර පිළියන්දල