රට යළි විවෘත වී‍ෙමන් පසු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙන්න

ඔක්තෝබර් 6, 2021

 

කෝවිඩ් වසංගතය නිසා ලෝකය වැසී යමින් තිබුණි. ලොක්ඩවුන් කිරීම්, පාසල් වසා දැමීම්, සංචාරක සීමා සහ පුද්ගල ඒකරාශී වීම් වැනි දැවැන්ත සීමා පැනවීම් හරහා ජනාකීර්ණ කාර්යබහුල නගර නිසොල්මන් ස්ථාන බවට පත්ව තිබුණි.

 

මෙම තත්ත්වය කොරෝනා වෛරසය වෙනුවෙන් ලැබුණු අසමසම ගෝලීය ප්‍රතිචාරයකි. මෙම තත්ත්වය අවසන් වන්නේ කවදා ද? යළිත් අපගේ ජීවිත යථාතත්ත්වයට පත්වන්නේ කවදා ද?

කෝවිඩ් වසංගතයට මුහුණ දෙමින් වසර දෙකකට ආසන්න කාලයක් ගත කරමින් සිටින මේ මොහොතෙත් එහි බිය පහව ගොස් නොමැත.  කෝවිඩ් පළමු රැල්ලෙදී  ඒ කෝවිඩ් වෛරසයේ අවධානම පිළිබඳව බොහෝ දෙනාට දැනුවත්භාවයක් තිබුනේ නැහැ.. දෙවැනි රැල්ලේදී තරමක් දුරට හෝ ඊට මුහුණ දීමට හැකි වුණේ පළමු රැල්ලේ අත්දැකීම් නිසයි. එහි නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය පවත්වාගෙන යෑමය හැකියාව ලැබුණත් කොරෝනා වසංගතයෙන් බෙරෙන්න හැකියාව ලැබුණේ නැහැ. ලංකාවේ වැඩිම මරණ අනුපාතයක් සටහන් කළ තුන් වෙනි රැල්ල පසු කරගෙන යන මේ මොහොතේ දී නව සෞඛ්‍ය නීති රිති රැසක් යටතේ ජන ජීවිතය පවත්වාගෙන යෑමට අවසර ලැබිලා තියෙනවා. ඉතිං දැන් රට විවෘතයි. නැවතත් ඔබ පෙර ගත කළ ජීවින රටාව පවත්වාගෙන යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. නමුත් ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි. එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්න හැකියාව ලැබිලා තිබුණත් කෝරෝනාවලින් බේරෙන්න නම් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අතිශයින් වැදගත්.

ඔබ කෝවිඩ් එන්නත ලබා ගත් අයෙක් වුවත් මාර්ගෝපදේශ පිළිපැඳීම අනිවාර්යයි. කෝවිඩ් එන්නත නිසා මරණයෙන් ගැලවිය හැකි වුවත් රෝගය වැළදීමෙන් ගැලවිය නොහැකියි. ඒ වගේම තවමත් එන්නත ලබා නොගත්තේනම් නොපමාව එන්නත ලබා ගන්න.

අපට නැවතත් අප ගත කළ ජීවිතය ගෙවන්නට අවස්ථාව හිමිවේද? ලෝකය යථා තත්ත්වයට පත්වේ ද? නැතිනම් වෙනස් වේ ද? ඒවාට පිළිතුරු ලැබෙන්නේ ඔබේ හැසිරීම් රටාව අනූවයි.

ශ්‍රී ලංකාවේ කෝවිඩ් තත්වයේ නවතම වර්ධනයන් සලකා බැලීමේදී ප්‍රජාවන් අතර හඳුනා නොගත් ආකාරයෙන් වයිරසය ව්‍යාප්තියක් ඇතිවීමේ හැකියාව වැළැක්වීමට යහපත් සෞඛ්‍ය පුරුදු නැවතත් භාවිතයට ගැනීමට කාලය එළඹ ඇත.

 

 

රෝගය බෝවීමෙන් ආරක්ෂා වීමට නම්

 

යම් අපහසුතාවක් ඇති වුව හොත් 1999 සුවසැරිය දුරකථන සේවය අමතන්න.

 

 

n පුද්ගල දුරස්ථභාවය සැමවිටම පවත්වාගන්න. අවම වශයෙන් මීටර් 1.5ක් වත් අනෙක් අයගෙන් ඈත්වී සිටින්න.

 

n  නිවසේ හෝ සේවය කරන ස්ථානයේ සිටින වැඩි අවදානම් කාණ්ඩයේ පුද්ගලයන් සමඟ ගැවසීම හැකිතාක් දුරට අවම කරන්න.

 

n හොදින් වාතාශ්‍රය ඇතුළු වීමට කාමර වල දොර ජනෙල් විවෘතව තබන්න.

 

n නිතර අත් සෝදන්න. සබන් සහ ජලය භාවිතා කරන්න හෝ අත් සනීපාරක්ෂක භාවිතා කරන්න. දින කිහිපයක් මතුපිටවල් වල වාසය කළ හැකි කොරෝනා වෛරසයෙන් (COVID-19) අපව ආරක්ෂා කර ගැනීමට මෙය උපකාරී වේ..

 

n කහින විට හෝ කිවිසන විට වැලමිටෙන් හෝ ටිෂු කඩදාසියකින් කට සහ නාසය වසා ගන්න.

 

n මුහුණ ඇල්ලීමෙන් වළකින්න.

 

n මුහුණු ආවරණ(Surgical Face Mask) පළදින්න

ඔබට රෝග ලක්ෂණ මතු වුවහොත්

n තවමත් එන්නත ලබා ගෙන නැතිනම් නොපමාව එන්නත්කරණයට යොමු වන්න.

 

n ඔබට උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ලක්ෂණ තියෙනවා නම්, හැකිතාක් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න. වෛද්‍ය උපදෙස් ගැනීමට යාමේදී පොදු ප්‍රවාහන සේවා යොදාගැනීමෙන් හැකිතාක් දුරට වලකින්න.

 

n හැකිතාක් දුරට මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථාන වලට යෑමෙන් වැලකී නිවාස තුළම රැදී සිටින්න. අනවශ්‍ය බිමන් නවතා නිවසට වී සිටින්න.

 

n ඔබ නිවසින් පිටවන විට මුහුණු ආවරණයක් පැළඳිය යුතුය. ගෘහස්ථව මෙන් ම එළිමහනේදී ද මෙය අදාළ වේ. මෙමගින් කෝවිඩ් - 19 (COVID-19) පැතිරීමේ අවදානම අඩු කරයි.

 

n ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ (Regional Epidimiologist)/ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH)/ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දැනුවත් කරන්න.

 

රටේ ඉදිරි කාලවකවානුව කෙසේ වෙයි දැයි තීරණය වනු ඇත්තේ අද ජනතාවගේ වගකීම් සහගත ක්‍රියා පිළිවෙත මතයි.

එබැවින් මර්ගෝපදේශවලට අනුගත වෙමින් දෛනික වැඩ කටයුතුවල නියැලෙන්න.