රස ගුණ පිරි පෝෂණීය ආහාර

මාර්තු 17, 2021

 

කාන්තාව සැමවිටම වෙහෙස වන්නේ, කැප වන්නේ තම පවුලේ පෝෂණය වෙනුවෙනි. සැමියාගේ දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් විවිධ වර්ගයේ ආහාර සකසන ඇයට ඒවායේ රස බලන්නවත් වෙලාවක් නැති තරම්.

ඉතිං මේ කාන්තා දිනයේදීවත් පවුලේ අය ගැන වගේම තමන්ගේ පෝෂණය ගැන සිතා බැලීම අතිශයින්ම වැදගත්. නිවෙසේ ශක්තිය ගෘහණියයි. ගෘහණියගේ ශක්තිය දුර්වල වුණොත් එය නිතැතින්ම ඇනෙක් අයටත් බලපානවා. මේ නිසයි ඇයත් තම පෝෂණය ගැන සිතිය යුතු වන්නේ. මෙවර තරුණී පෝෂණීය ආහාර වට්ටෝරු තිළිණ කරන්නේ කාන්තා ඔබ වෙනුවෙන්මයි. මේ දේශීය ආහාර වට්ටෝරු සකසා ඔබත් රස බලන්න.

උපදෙස් විධායක සූපවේදී

සුජිත් ආරියරත්න

 

කොල්ලු පොලොස් පැහි

 

අවශ්‍ය ද්‍රව්‍ය:

ඇඹුල් පොලොස් ගෙඩි 1 ක්

කොල්ලු ග්‍රැම් 200 ක්

කහ

අඹරාගත් තුනපහ

උම්බලකට සමඟ

ලූනු

මිරිස්

පොල් බෑ 1½ ක කිරි

පොල් තෙල්

රස අනුව ලුණු

 

සාදන ක්‍රමය:

පොලොස් ගෙඩිය ලෙල්ල කපා ගෑරුප්පවකින් හෝ පිහියකින් වටේට අනින්න. ඉන්පසු පෙති හැඩයට කැබලිවලට කපාගෙන, සියලුම තුනපහ යොදා ගෙන මිටි කිරිත් සමඟම පොල් කිරිද යොදා බැදගත් කොල්ලු ගුලියක් සේ අඹරාගෙන ඊට එකතු කරන්න. ලුණු ද එක්කර පිසගන්න. ඉස්ම හිඳුණු පසු තෙම්පරාදු කොට මේසයට යවන්න. මෙය රසනහර පිනන කදිම ව්‍යංජනයකි. බත්, පිට්ටු හෝ ඕනෑම දෙයක් සමඟ ආහාරයට ගත හැකියි.

 

සාදන ක්‍රමය:

ළපටි බිලිං දළු සිහින්ව ලියා නටන වතුරේ දමා මිරිකා ගන්න. පොල් ‍තෙල් ස්වල්පයක් ළිප තබා රම්පේ, කරපිංචා, ලියාගත් ලූනු දමා කර කරන්න. අනෙක් සියල්ල එකට කලවම් කොට තෙලට දමා මද ගින්නේ පෙරලමින් තම්බන්න. පසුව මිටිකිරිද කලවම් කොට ඉස්ම සිඳෙන තෙක් ළිපේ තබා පසුව බා දෙහි ඇඹුල් මිශ්‍ර කොට රස බලන්න.

 

ගස්ලබු ගෙඩිය පිටින් අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය:

 

හීන් දිග අමු ගස්ලබු ගෙඩියක්

ලියාගත් රතුලූනු ග්‍රෑම් 125 ක්

අමු මිරිස් කරල් 10 ක්

සුදුලූනු බික් 4 ක්

ලියාගත් ළපටි ගෝවා කොළ 3 - 4 ක්

අබ මේස හැදි 1 ක්

විනාකිරි බෝතල් 1 ක්

කහ

සුදුරු

කොත්තමල්ලි

ගම්මිරිස්

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය:

 

ගස් ලබු ගෙඩිය පිටින්ම ගෙන පිට පොතු ඉවත් කරන්න. වතුරට ලුණු ස්වල්පයක් දමා ළිප තබා නටන විට ගස්ලබු ගෙඩිය දමා මද වේලාවක් තම්බාගන්න. තම්බාගත් ගස්ලබු ගෙඩිය පිඟානක දමා නැට්ට පැත්තෙන් කපා පියන කොටස පසෙකින් තබා ඇට ඉවත් කරන්න.

ඉන්පසු ලුණු මිශ්‍ර වතුර වළඳකට වත් කොට ළිප තබන්න. වතුර නටන විට ලියාගත් රතු ලූනු, අමුමිරිස්, ගෝවා වළඳට දමා තම්බා ගෙන වතුර පෙරා ගන්න ඉන්පසු අඹරාගත් අබ, තුනපහ කුඩු සහ තම්බාගත් ද්‍රව්‍යයන් විනාකිරි සමඟ මිශ්‍රකරන්න.

ඊට ලුණු ද ඉතිරි තුනපහද දමා උකුවට අනා තලපයක් සේ සාදා ගස්ලබු ගෙඩිය තුළ පුරවා ගන්න.

එහිදී ‍මේ මිශ්‍රණ‍‍නේ සුළු ප්‍රමාණයක් ඉතිරි කරන්න. ඉන්පසු ගස්ලබු ගෙඩියේ පියන් පතින් විවරය වසා ඉරටු කෑලි දෙක තුනකින් සම්බන්ධ කරන්න. ඉතිරි කරගත් මිශ්‍රණය ගස්ලබු ගෙඩිය උඩට වත්කොට භාජනයක් මත තබන්න. මෙය ගෙඩිය පිටින්ම මේසයට තබා කපාගන්න.