වර්ෂ 2024 ක්වූ December 09 වැනිදා Monday
ලස්සන පාටට රිබන් කේක් හරියටම කේක් හදන්න
ලස්සන පාටින් තියෙන මේ වැනිලා බටර් කේක් එක තේ වෙලාවකට නියමෙට ගැළපෙනවා. ඒ වගේම තමයි උපන් දින කේක්වලට එහෙම ගන්නෙත් මේ රිබන් කේක් එක තමයි. බටර් කේක් එකක් හදාගන්න දන්න ඔයාලාට මේ රිබන් කේක් එක හදන එක මහ ලොකු වැඩක් නෙමේ.
පාන් පිටි - ග්‍රෑම් 250ක්
කැස්ටර් සීනි - ග්‍රෑම් 250ක්
මාගරින් හෝ බටර් -
ග්‍රෑම් 250ක්
බිත්තර - 04ක්
කිරි - කෝප්ප 1/4ක්
බේකිං පවුඩර් -
තේ හැඳි 02ක්
වැනිලා - තේ හැඳි 01ක්
ෆුඩ් කලරින් -
කොළ හා රෝස පාට
සීනි ටිකයි මාගරින් ටිකයි හොඳට ක්‍රීම් ගතියට එනකම් බීට් කර ගන්න. ඔයාලා මේකට සීනි ටික බ්ලෙන්ඩර් කරලා අර ගත්තහම මාගරින් ටිකත් එක්ක හරිම ලේසියෙන් ඉක්මනින් කලවම් කර ගන්න පුළුවන්.
බැටර් එක හොඳට ක්‍රීම් ගතියට ආවාට පස්සේ බිත්තර එක එක දමමින් බීට් කරන්න.
වැනිලා ටික එකතු කර ගන්න.
පිටි ටිකට බේකිං පවුඩර් ටික දමා හොඳට හදලා මේ බැටර් එකටම දමා ගන්න.
පිටි ටික එකතු කළාට පස්සේ බීට් කරන එක නතර කර කලවම් කරන්න. පිටි ටික එකතු කර ඕනෑවට වඩා බීට් කළොත් එහෙම කේක් එක හයිය වෙනවා.
පිටි ටික කලවම් කර ගත්තාට පසුව කිරි ටික දමා ගන්න.
දැන් මේ බැටර් එකට පාට දමා ගන්න ඕනේ. ඒකට බටර් එක සමාන කොටස් දෙකකට බෙදලා බෝල් දෙකකට දමා ගන්න.
එක කොටසකට කොළ පාට කලරිනුත් අනිත් කොටසට රෝස පාට කලරිනුත් එකතු කර ගන්න.
මුලින්ම බේකිං ට්‍රේ එකේ යටට කොළ පාට බැටර් එක දමා ගන්න. ඒකට උඩින් හෙමින් සැරේ රෝස පාට බැටර් එක දමා වැඩිය තද කරන්නේ නැතුව හෙමින් සැරේ මට්ටම් කර ගන්න.
මේ කේක් එක සෙල්සියස් අංශක 180° ක උෂ්ණත්වයක විනාඩි 35ක් 40ක් විතර බේක් කර ගන්න.
බේක් කර ගත්තාට පසුව කේක් එක නිවෙන්න තියලා රස බලන්න.
මේ තියෙන්නේ රිබන් කේක් බේක් කරන එක විදිහක්. මේ විදිහට පාට දෙකම එකම බේකිං ට්‍රේ එකකට දාන්නේ නැතුව ඔයාලාට ඕනේ නම් පාට දෙක වෙන වෙනම බේක් කර පස්සේ එකතු කර ගන්නත් පුළුවන්.
උපදෙස්
ප්‍රවීණ සූපවේදී
සර්වදර්ශනී අප්සරා