වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
සැරට තිබුණට රසට කොච්චි

ලාංකේය ගෘහිණියන්ට ආහාර පිසීමේදී අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය අතරින් මිරිස්වලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. අමුමිරිස්, වියළි මිරිස්, කෑලි මිරිස් සහ මිරිස් කුඩු ලෙසින් මිරිස් විවිධ ආකාරයට ආහාරවලට එකතු කරනවා.
එයට අමතරව ආහාර රස ගන්වන්න මිරිස්් වර්ග, කොච්චි වර්ග ගණනාවකි. අපි බලමු මේ මිරිස් හා කොච්චි වර්ග කොහොමද පාවිච්චි වෙන්නේ කියලා.
අමු මිරිස් - එදිනෙදා පිසින ආහාරවලට නිරන්තරයෙන් භාවිත කරයි. විශේෂයෙන් කොළ මැල්ලුමක් සාදන විට, කොළ වර්ග සම්බෝල සාදන විට අමු මිරිස් අවශ්‍යම දෙයකි.
මාළු මිරිස් - තෙල් දැමීම, ලූනු පහේ දමා පුරවා සෑදීමේදී වගේම බිස්කට් කුඩු තවරා ගැඹුරු තෙල්වල බැදීමේදී මාළු මිරිස් යොදා ගැනේ. කිරට පිසීම, හාල් මැස්සන් තෙල් දමන විට අමතර රස ගැන්වීමක් ලෙස යොදා ගන්නත් පුළුවන්.
බෙල් පෙපර් - සලාද වර්ග, පීසා සෑදීමට, පැස්තා වර්ග වැනි ආහාර පිසීමේදී බෙල් පෙපර් යොදා ගැනේ. විශේෂයෙන්ම විදෙස් රටවල ආහාර වර්ග සෑදීමේදී යොදා ගන්න බෙල් පෙපර් වර්ග ගණනාවකි. රතු, කහ, කොළ, දම් වර්ණ කිහිපයක් දක්නට ලැබේ. සැලඩ් වර්ග ලස්සන කර ගැනීම සඳහා මෙය කදිමයි.
කොච්චි - කොළ, දම් සහ සුදු පාට ලෙසින් කොච්චි පැහැයන් ගණනාවක් වෙළෙඳ පොළේ දක්නට ලැබේ. කරවල තෙල් දාන්න කදිමයි. කොච්චි සැර විතරක් නෙමෙයි රසය, සුවඳ හරිම ප්‍රණීතයි. ව්‍යංජන තෙම්පරාදුවේ දී ආහාර රසය වැඩි කර ගැනීමට එකතු කරගත හැකියි.
හීන් කොච්චි - කොස් මැල්ලුමට, දෙල් මැල්ලුමට, වඩේ බදිනකොට එකතුකර ගන්නවා. කුඩා වුණත් හරිම සැරයි.
එළ කොච්චි (සුදු කොච්චි) - කොච්චි සම්බෝලය සඳහා මක්ඤොක්කා රස කදිමයි. කරවල තෙම්පරාදු කරන විට අමුතුම රසයකට මඟ පාදයි.
වැරණිය මිරිස් - වැරණිය මිරිස් සැර නැත. උයලා ආහාරයට ගන්නත් පුළුවන්. විෙශ්ෂයෙන් අච්චාරු සෑදීමට ගන්නේ මේවායි.
උපදෙස්
සූපවේදී
සර්වදර්ශනී අප්සරා