වර්ෂ 2025 ක්වූ June 30 වැනිදා Monday
නව වසර සමරන්න රසම රස කේක් දෙකක්

පසන් නිවෙසට සිරියාවක් වූ ආදරණීය තරුණී වෙතින් නව වසරේ ඔයාලට පිරිනැමෙන කේක් තිළිණයයි මේ. කවදත් හොඳම දේ තමන්ගෙ අතින්ම හදලා ආදරණීයයන් සතුටු කරන්නයි ඔබේ කැමැත්ත.
බලන්න හිත පිනා යන ලස්සන වගේම රසම රස මේ කේක්වලට ලැබෙන ප්‍රතිචාර කොහොමද කියලා.
අපි මුලින්ම කේක් එක සාදාගනිමු.
ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
* පිටි ග්‍රෑම් 250ක්
* සීනි ග්‍රෑම් 250ක්
* බටර් ග්‍රෑම් 250ක්
* බිත්තර 04ක්
* බේකින් පවුඩර් ග්‍රෑම් 15ක්
* වැනිලා තේ හැන්දක්
* කිරි මේස හැඳි 02ක්
සාදාගන්නේ මෙහෙමයි
~ බටර් හා සීනි හොඳින්
ගසාගන්න.
~ එම මිශ්‍රණයටම බිත්තර එක
බැගින් වරින්වර එක් කරමින්
ගසාගන්න.
~ එයටම වැනිලා ද එකතු කරන්න.
~ පිටි සහ බේකින් පවුඩර් හොඳින් හලා ගන්න.
~ දැන් බටර්, සීනි සහ බිත්තර මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරමින් හොඳින් කලවම් කරන්න. නැත්නම් ඉතාමත් අඩු වේගයකින් බීට් කරගන්න.
~ අනතුරුව කිරි ටිකද එකතුකර කලවම් කරන්න.
~ කිලෝ එකේ රවුම් කේක් තැටියක් ගෙන බේකින් කඩදාසියක් දමා සකස් කරගන්න. එයට කේක් මිශ්‍රණය දමන්න.
~ සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් අවන් එක විනාඩි 8ක් පමණ රත්කර සකසා ගන්න. අනතුරුව විනාඩි 40ක් පමණ කේක් බේක් කරන්න.
~ කේක් එක අවන් එකෙන් පිටතට ගෙන හොඳින් නිවෙන්න තියන්න.
දැන් අපි කේක් එක බටර් අයිසින් මගින් හැඩ කරමු.
අයිසින් එක සඳහා
* බටර් ග්‍රෑම් 350ක්
* අයිසිං සීනි ග්‍රෑම් 800ක්
* වැනිලා තේ හැඳි 1/2ක්
* කිරි මේස හැන්දක්
~බටර්, අයිසින් සීනි, වැනිලා කිරි එකට එකතුකර ක්‍රීම් එකක් වනතුරු බීට් කරන්න.
~ නිවුණු කේක් එක උඩ ලෙවල් කරගන්න. වැඩිපුර පිපුම් කපා ඉවත් කරන්න.
~ දැන් කේක් එක උඩ සහ වටේ බටර් ක්‍රීම්වලින් හොඳට කවර් කරගන්න.
කේක් එක පසෙකින් තබා අපි දැන් ලස්සනට ඉර සකසා ගනිමු. ඒ සඳහා ෆොන්ඩන්ට් ග්‍රෑම් 150ක් පමණ තුනී කරගන්න.
රවුමක් කපා එහි ඉරෙහි හැඩය ටූත් පික් එකක් මගින් සටහන් කරගන්න. ඉන්පසු ආහාරයට සුදුසු ජෙල් අයිසිං වර්ණක උපයෝගී කරගෙන පින්සලක් මගින් ඉර අඳින්න.
~ මේ සඳහා තැඹිලි, කහ, රතු, කළු වර්ණක යොදාගන්න.
~ ජලය වැනි කලරින් මේ සඳහා භාවිත කරන්න එපා.ටියුබ් සහ පුංචි බෝතල් සහිත ජෙල් අයිසිං කලර්ස් ඔබට වෙළෙඳපොළෙන් මිලදී ගත හැකියි.
ඔබට හාඩ් බටර් අයිසිං දවටා ඒ මතද මෙම පින්තාරුව කරගත හැකියි.
අවුට්ලයින් පින්සලෙන් අලංකාර කිරීම තරමක් අපහසු නම් එඩිබල් පෙන් එකක් භාවිත කරන්නත් පුළුවනි.
බුලත් කොළය හැඩැති කේක් එකක් හදමු.
අපි මුලින්ම කේක් එක සාදාගනිමු. ඒ සඳහා
අවශ්‍ය ද්‍රව්‍ය -
පිටි ග්‍රෑම් 250ක්
සීනි ග්‍රෑම් 250ක්
බටර් ග්‍රෑම් 250ක්
බිත්තර 04ක්
බේකින් පවුඩර් තේ හැඳි 02ක්
වැනිලා තේ හැඳී 01 ක්
කිරි මේස හැඳි 02ක්
සාදන්නේ මෙහෙමයි
~ බටර් හා සීනි හොඳින් ගසාගන්න.
~ එම මිශ්‍රණයටම බිත්තර එක බැගින් එක් කරමින් ගසාගන්න.
~ එයටම වැනිලා එකතු කරන්න.
~ පිටි, බේකින් පවුඩර් හොඳින් හලා ගන්න.
~ දැන් බටර්, සීනි බිත්තර මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරමින් හොඳින් කලවම් කරන්න නැත්නම් අඩු වේගයෙන් බීට් කරන්න.
~ ඉන්පසු කිරි ටිකක් එකතුකර කලවම් කරන්න.
~ කිලෝ එකේ කේක් තැටියක් බේකින් පේපර් එකක් යොදා සකස් කරගෙන ඒ මතට කේක් මිශ්‍රණය දමන්න.
~ විනාඩි 8කට විතර කලින් රත්කරගත් සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් යුතු අවන් එකේ විනාඩි 40 බේක් කරන්න.
~ බේක් කරගත් කේක් එක අවන් එකෙන් එළියට ගෙන හොඳින් නිවෙන්න හරින්න.
දැන් නිවුණු කේක් එක බටර් අයිසින් මගින් හැඩ කරගමු.
ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය -
බටර් ග්‍රෑම් 300ක්
අයිසිං සීනි ග්‍රෑම් 600ක්
වැනිලා තේ හැඳි 1/4ක්
කිරි තේ හැඳි 01ක්
කොළ පාට කලරින් බිංදු කිහිපයක්
~ බටර්, අයිසින් සීනි, වැනිලා කිරි එකට එකතුකර ක්‍රීම් එකක් වනතුරු බිට් කරන්න.
එයට කොළ පාට වර්ණයෙන් බිංදු කිහිපයක් එකතු කරන්න.
~ නිවුණු කේක් එක මත ටූත් පික් එකකින් බුලත් කොළයේ හැඩය සටහන් කරගෙන කපා ගන්න.
උඩ පොත්ත අයින් කරන්න.
(ඔබට කැමැති නම් කේක් එක කොටස් දෙකක් වනසේ වෙන් කරගෙන බටර් අයිසින් මඟින් සැන්ඩ්විච් කළ හැකියි.)
~ දැන් කේක් එක උඩ සහ වටේ සාදාගත් බටර් අයිසින්වලින් කවර් කරන්න.
~ කේක් එක යට දාරය වටේ පුංචි ස්ටාර් නොසල් එකෙන් පයිප් කරගෙන නීට් කරගන්න.
~ කේක් එක මත ටූත් පික් එකක් මඟින් ස්වාභාවික බුලත් කොළයක පෙනුම එන සේ මැද නාරටි ඉරි අදින්න.
~ ෆොන්ඩන්ට් අයිසිංවලින් සකසා ගත් පිච්ච, සමන්පිච්ච හෝ සේපාලිකා මල් රඳවා හැඩකරගන්න.
~ වැඩි අලංකාරට ෆොන්ඩන්ට් තීරුවක් මත එඩිබල් පෙන් එකකින් සුබ පැතුමක් ලියා කේක් එක මත රඳවන්න.
~ ආදරණීයයන් හා එකතුව නව වසර සමරන්න මේ කේක් දෙක ඔයාලට ඉක්මනින් රසට වගේම පහසුවෙනුත් හදාගන්න පුළුවනි.
උපදෙස් හා ඡායාරූප
ඉතාලියේ පර්මා හි ප්‍රවීණ සූපවේදිනී
ජනනී ගුරුසිංහ