උමා ඔය ටර්බයින දෙකේ නාමික හිමිකාරිනියෝ

දසුනි - චුලෝචනා ගොඩක් මාධ්‍යවල ගියේ බොරු කතාවක්
මැයි 6, 2024

 

අපට හමුවන ලෝකයේ නම රැන්දූ කාන්තාවන් බොහෝය. ඔවුහු විවිධ ක්ෂේත්‍රයන්හි, විවිධ අවස්ථාවන්වල, විවිධ දාස්කම් පෑවෝ වෙති. එතෙර මෙතෙර නම රැන්දූ ශ්‍රී ලාංකික කාන්තාවන් ද එදා මෙදාතුර අපට මුණගැසේ. දේශපාලනය, කලාව, ක්‍රීඩාව, සාහිත්‍යය, ව්‍යාපාරික වැනි ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරමින් දස්කම්පෑ කාන්තාවෝ නිරතුරුවම අපට මුණ ගැසුණ ද අද අප කතා කරන්නට සූදානම් වන්නේ තම සේවාවේ කැප කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නාමය ලෝකය පුරා රැන්දූ දිරිය දියණියන් දෙදෙනකු පිළිබඳවයි.

 

මේ වනවිට ඔවුන් දෙදෙනා ගැන නොදන්නා අයකු නැති තරම්ය. පසුගියදා ඉරාන ජනාධිපති අතින් විවෘත වුණු උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සමඟ කතාබහට ලක්වුණු මේ දිරිය දියණියන් දෙදෙනා එදා එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් සක්‍රීයව දායකත්වය සැපයූවෝ වෙති. එම සක්‍රීය දායකත්වය වෙනුවෙන් ගෞරවාදරය දැක්වීම පිණිස උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රධානතම අංගයවන ටර්බයින් දෙක ඔවුන් දෙදෙනා නමින් නම් කරන්නට තරම් එහි නිලධාරීහු කෘතගුණ සලකන්නන් වූහ.

 

අද තරුණී හමුවන්නේ රටම කතා කරන ඒ දියණියන් දෙදෙනායි. දසුනි සහ චුලෝචනාගේ සැබෑ කතාව අපි මෙතැන් සිට කියවමු.

 

අපි මුලින්ම කතා කරමු දසුනිත් එක්ක. ඇය දසුනි සචින්ද්‍රා ලුවිස්. වැඩිමල් සහෝදරයන් දෙදෙනකුට පසුව උපන් ඇය පවුලේ බාලම දැරිවියයි. කොළඹ මියුසියස් විද්‍යාලයෙන් වාණිජ අංශයෙන් උසස් පෙළ සමත්ව පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් වාණිජවේදී උපාධිය හිමිකර ගත් ඇය ඉන්පසු වෘත්තීන් කිහිපයකම නියැළී අවසානයට සම්බන්ධ වෙන්නේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියටයි.. ඒ ගැන ඇයට කියන්න දේවල් ගොඩක් දේවල් ඇති. ඇගෙන්ම ඒ කතාව අහමු.

 

ටර්බයින් එකට නම වැටුණ එක ජීවිතේ ලබපු ලොකුම සතුට වෙන්න ඇති?

වෘත්තිමය පැත්තෙන් ගත්තොත් ඒක මට මහත් ගෞරවයක්. ඒක හිතාගන්නවත් බැරි දෙයක්. එයාලට ඕනෙ නම් තිබ්බා ඒකට ජාතික වීරවරියකගේ නමක් දාන්න. නැත්තම් එයාලගේ වයිෆ්ලගේ නම් වුණත් දාන්න තිබුණනේ. ඒක තමයි එයාලගේ වෙනස. වැඩ කරන සේවකයින්ට එයාලා හරියට ගරු කරනවා. ලංකාවේ ආයතනයක නම් කවදාවත් මේ වගේ ගෞරවයක් ලැබෙන්නේ නැහැ. කියාගන්න බැරි තරමේ සතුටක් තියෙන්නේ.

 

හැමෝම කියනවා වගේ ඔයාලා උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ වුණේ තේ හදන්න ද?

 

ඒක ලොකු බොරුවක්. ප්‍රොජෙක්ට් එකේ වැඩ කරපු විදේශිකයන්ගේ විසා ගැන, ෂිප්මන්ට් ගැන, එතකොට වැඩ කරන අයගේ පඩි හදන එක ඒ වගේ කාර්යාලීය වැඩ කොටසක් මට කරන්න තිබුණේ.

 

එතකොට මොකක්ද මේ තේ හදන කතාව..

 

අපි උදවුවට වැඩට දුවෙක් ගත්තා. එයා අපේම දරුවෙක් වගේ. මං වෙලාවකට දුව කියලත් එයාට කතා කරනවා. ඒ චුලෝචනා. අනිත් ටර්බයින් එකට එයාගේ නම තමයි දැම්මේ. එයාට තමයි තේ හදන වැඩේ පැවරුණේ. හැබැයි ඒක එයාගේ එක කොටසක් විතරයි. ලියකියවිලි වැඩවලට.. ටයිප් සෙටින් වැඩවලට එයා මට ගොඩක් උදවු කළා. එයා උසස් පෙළ කරපු උගත් දරුවෙක්. ටර්බයින් එකේ වැඩ කරන සර්ලා එළියට එන්නේ ඉතින් 'චුලෝචනා කොෆී...' කියලා කියාගෙන. ඒ තරම් කට්ටිය හරිම සතුටින් වැඩ කළේ එතැන.

 

දසුනි උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න කලින් වෘත්තීන් කිහිපයකම නියැළිලා තියෙනවා...

 

ඔව්. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේදී රාජගිරිය පෞද්ගලික බැංකුවක වැඩ කළා. ඒ කාලයේදී ස්මාට් මීඩියා ආයතනයේ මානව සම්පත් අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන්න අවස්ථාව ලැබුණා. මම ඒ අවස්ථාව හරිම සතුටින් භාර ගත්තා. එතැන වසර කීපයක් වැඩ කරද්දී මම නැවත පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවකට සම්බන්ධ වුණා.

 

එතකොට ව්‍යාපෘතියට සම්බන්ධ වුණේ...

 

2010 වසරේදී මම විවාහ වුණා. ඔහු අරුණ කස්තුරිආරච්චි. අපි දෙන්නටම ආසාව වුණේ අපේම ව්‍යාපාරයක් කරගෙන යන එක. ඒක ගැන හිතලම මගේ තාත්තට අයිති ඇල්ල කරගොල්ල පිහිටි ඉඩමේ පදිංචියට ගියා. ඒ ඉඩම ප්‍රධාන පාර ආසන්නයේම තියෙන නිසා අපි ආපණ ශාලාවක් ආරම්භ කළා. ඒ වෙද්දිත් උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ වෙලා තිබුණේ. ඒ නිසා ව්‍යාපෘතිය භාරව ඉන්න ඉංජිනේරුවරුන්, නිලධාරීන් උමා ඔය ව්‍යාපෘතියේ කළමනාකාරවරයා එක්ක නිතරම රෙස්ටෝරන්ට් එකට ආවේ ආහාර පාන ලබා ගන්න. මම ඉතින් ඒ එන අය එක්ක හරිම සුහදශීලිව කතා කරනවා. ඒ එන ගොඩක් අය විදේශිකයින්. ඉතින් මං ඉංග්‍රීසියෙන් කතා කරනවා බලන් හිටපු අශෝක කියන ඉංජිනේරුවරයා හිතලා තියෙනවා එයාලගේ ව්‍යාපෘතියට මාව සම්බන්ධකර ගන්න එක ලොකු ශක්තියක් වෙයි කියලා.

 

ඊට පස්සේ.....

 

ඔහු මාත් එක්ක කතා කළා. 'මිස් හොඳට ඉංග්‍රීසි කතා කරනවා.. මෙහෙ කෙනෙක් නම් වෙන්න බැහැ' කියලා මාත් එක්ක කතාවට වැටුණා. ඔහොම කතා කර කර ඉද්දී තමයි ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙන්න කැමැති ද කියලා ඇහුවේ. අශෝක සර් දවසක් ඔස්ට්‍රියන් ජාතිකයකු වුණ වෘල්ෆ් ගැන්ග් කියන උමා ඔය ප්‍රොජෙක්ට් එකේ කළමනාකාරවරයත් එක්ක රෙස්ටුරන්ට් එකට ආවා. ඒ දෙන්නා ඇවිත් මගේ හස්බන්ඩ් එක්ක කතා කළා. ඊට පස්සේ අරුණ ඒකට කැමැති වුණා. මාස තුනක් විතර ඒක ඇදිලා ගියා. 2016 වසරේ දවසක් මට ඉන්ටර්විව් එකට එන්න කියලා කෝල් කරලා කිව්වා. ඊට පස්සේ මම හස්බන්ඩ් එක්කම ඉන්ටර්විව් ගියා. ඒ ගියාම ඒ අය අපිව සුහදව පිළිගෙන එකට වාඩි වෙලා පැයක පමණ කාලයක් කතා කළා. මොනවද මේ ව්‍යාපෘතිය තුළ වෙන්නේ..මට මොනවද කරන්න තියෙන්නේ කියන එක තමයි එතැනදී ඔවුන් කතා කළේ. ඒකෙන් මටත් හස්බන්ඩ්ටත් ඒ ගැන ලොකු අවබෝධයක් ඇති වුණා. සාකච්ඡාව අවසානයේ ඊළඟ දවසේ ඉඳන් ඇවිත් වැඩ භාර ගන්න කියලා මට ආරාධනා කළා.

 

පළමු දවස මොනවගේ අත්දැකීමක් වෙන්න ඇති ද?

 

මම වෙලාවට වැඩ කරන කෙනෙක් විදිහට ඒ කියපු වෙලාවට වඩා විනාඩි 10 -15ක් ඔෆිස් එකට කලින් ගියා. ටනල් එකක් ඇතුළේ වැඩ කරන එක සාමාන්‍ය කාර්යාලයක වැඩ කරනවට වඩා ගොඩක් වෙනස්. ඒක මට පළමු දවසෙන්ම හොඳින් වැටහුණා.

ටික වෙලාවක් සර් එක්ක කතා කරලා අවසන් වෙද්දී මේ ව්‍යාපෘතියේ සියලු දේ ඔයා අතට පත්කරනවා කියලා එහි මූල්‍ය පරිපාලනය මට භාර දුන්නා. මේක හරිම භාරධූර වගකීමක්. කිසිම ඩීටේල් එකක් මෙතැනින් පිටතට යන්න බැහැ. ඔයා ගැන තියලා තියෙන විශ්වාසය මත තමයි මේ දේවල් ඔයාට භාර දෙන්නේ කියලා ඔහු කිව්වා.

 

විදේශිකයන් සමඟ වැඩ කරන එක තරමක් අපහසු වෙන්න ඇති...

 

ඒ අය මාත් එක්ක ඉතාම සුහදව වගේම වෘත්තීමය ආකාරයෙන් ගනුදෙනු කළේ. කිසියම් කටයුත්තකට මම සහභාගී වුණාම මට ඉඩ දීලා තමයි ඒ අය ඒ අවස්ථාවට සහභාගී වුණේ. ඒක ලංකාවේ කිසිම වෘත්තියකදී ස්ත්‍රියක් අත් නොවිඳින තත්ත්වයක්. මොකද මම ඒක අත්දැකීමෙන් දන්නවා. මේ ව්‍යාපෘතියේ කටයුතු කළ වසර හය තුළ මං නිවාඩු අරන් තියෙන්නේ දවස් හයක් හෝ හතක් පමණයි. අපේ රටේ රැකියා තුළ තියෙන නිලධාරිවාදය ඒ අය තුළ මම කවදාවත් දැක්කේ නැහැ. සේවකයන් පාර්ට්නස්ලා විදිහට තමයි ඔවුන් සලකන්නේ. ඒ හැම කෙනෙක්ම අදාළ කාර්යයේ නියුතු ප්‍රොෆෙෂනස්ලා විදිහටයි ඔවුන් සැලකුවේ.

මගේ බබා හම්බුණෙත් මං සයිට් එකේ කටයුතු කරමින් ඉන්න කාලෙමයි. දුවගෙ නම සයුමි ශලීෂා. එයා ලොකු වෙනවත් එක්කම සයිට් එකත් එයා එක්කම වැඩුණා.

 

බබාගේ වැඩත් එක්ක ව්‍යාපෘතියට කාලය වෙන් කළේ කොහොම ද?

 

සමහර දවස්වලට මම බබාවත් සයිට් එකට අරන් යනවා. එතැන එයාව නිදි කරවනවා. මට මතකයි මම බබා ලැබිලා ඉද්දි ප්‍රොජෙක්ට් කළමනාකාරවරයා දවසක් බබා බලන්න ගෙදර ආවා. එදා එයා බබාව වඩාගෙන කිව්වේ එද්දි කොට් එකත් අරන් එන්න අපි බබාව බලාගන්නම් කියලා. ඇත්තටම බබා අරගෙන සයිට් එකේ වැඩට ගියාම එයාලා බබාව බලාගෙන වැඩ ටික කරගන්න ගොඩක් උදව් කළා.

 

ටර්බයින් එකට දසුනිගේ නම දානවා කියලා දැනගෙන හිටිය ද?

 

දවසක් අපේ ව්‍යාපෘති කළමනාකාරවරයා වුණ වෘල්ෆ් ගැන්ග් ඇවිත් දසුනි අපි මේ ටර්බයින් එකට දාන්න නමක් හොයනවා. මේකට ෆීමේල් නමක් තමයි දාන්න යන්නේ. අපිට සයිට් එකේ වැඩ කරපු කෙනෙක්ගෙ නමක් යෝජනා වෙලා තියෙනවා. නමුත් ඒකට ඒ කෙනාගේ අවසර ගන්න ඕනෙනේ. අපි හිතන් ඉන්නවා එක ටර්බයින් එකකට ඔයාගේ නම දාන්න. එහෙම කියද්දී එකපාරටම මට හිනා ගියා. මම හිතුවේ විහිළුවක් කරනවා කියලා.

 

විහිළුවක් කියලා හිතපූ දේ සැබෑවක් කියලා දැනගත්තේ කොහොම ද?

 

ටික දවසක් ඒ විදිහට අපි වැඩ කර කර ඉද්දී සර් මට ෆොටෝ ග්‍රාෆ් එකක් ගෙනත් පෙන්නුවා. බලද්දී ටර්බයින් දෙකට මගෙයි චුලෝගෙයි නම් දාලා. ඒක එයාලා කරන විහිළුවක් කියලා හිතලා මම ඒක ලොකුවට විශ්වාස කරන්න ගියේ නැහැ. ඒත් උත්සවයක් තියලා ඒක සෙලිබ්‍රේට් කරද්දී තමයි දැන ගත්තේ ඒක ඇත්තක් කියලා. මට ඇස් අදහාගන්න බැරි වුණා. ඒත් ප්‍රොජෙක්ට් එක අවසන් වෙලා ඒක ඕපන් කරද්දී අපේ නම් තියෙයි කියලා විශ්වාස කරේම නැහැ.

ඒත් පසුගිය 24 වැනිදා මේක මාධ්‍යවලින් දැකලා අපේ හිතවතුන් ඥාතීන් අපට කෝල් කරලා කියද්දී තමයි අපි දැනගත්තේ අපේ නම් ඒ විදිහටම ටර්බයින්වල තියෙනවා කියලා. ඉතින් ඒ ගැන මට හරිම සතුටුයි. නිහතමානී ආඩම්බරයකුත් තියෙනවා. ඒ විදිහට රටේ සංවර්ධන ව්‍යාපෘතියක නම් සටහන් වී තිබීම අපට මහත් ගෞරවයක්.

 

මේ ජයග්‍රහණය මේ විදිහට ලබන්න උදවු කළ පිරිසකුත් ඉන්න ඇති...

 

අපට මේ සතුට දුන්න ඒ ව්‍යාපෘතියේ කළමනාකාරවරයා ඇතුළු අපි එක්ක වැඩ කළ හැමෝටම මේ අවස්ථාවේ මං හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම එදා මට මේ රැකියාවට සම්බන්ධ වෙන්න අවසර දීපු මගේ අරුණටත් මං ස්තූතිවන්ත වෙනවා. මොකද ඔහු මට ඒ අවස්ථාව ලබා නොදෙන්න අද ඔයාලා මාත් එක්ක මේ විදිහට ඒ සතුට බෙදා ගන්න නොවෙන බව මං දන්නවා. මේ වගේ රටට වැඩදායි සංවර්ධන ව්‍යාපෘතියකට මාව සම්බන්ධකර ගත්ත අයටත්, මේ ප්‍රවෘත්තිය පළ කරමින් අපට ගෞරවයක් දීපු හැමෝටමත් මම ස්තූතිවන්ත වෙනවා. මම දැන් කුරුණෑගල පෞද්ගලික ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් විදිහට සේවය කරනවා. පාසලේ අයටත් හරි සතුටුයි.

 

ඉන් අනතුරුව අප කතා කළේ දසුනිගේ සහායිකාව ලෙස කටයුතු කළ රන්දෙණිය සියඹලාගුණේ පදිංචි ආර්. ඩී. චුලෝචනා සංජීවනී ගුණසේකර සමඟයි.

 

මේ සුලෝචනා ද නැත්තම් චුලෝචනා ද?

 

මගේ හරි නම චුලෝචනා. ඒත් හැමෝම මට කතා කරන්නේ සුලෝචනා කියලා.. චුලෝචනා කියන නම ටිකක් වෙනස්නේ. පහසුවට හැමෝම සුලෝචනා කියන්න ගත්තා.

 

. කොහොමද උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ වුණේ...

 

ඒක මගේ පළමු රැකියාව. මම රැකියාවට ගියේ 2016 දෙසැම්බර් මාසයේ. මගේ අයියා උමා ඔය ව්‍යාපෘතියේ වැඩ කර කර හිටියේ. එයා ආර්.ඩී. ප්‍රදීප් ගුණසේකර. අයියට දැනගන්න ලැබිලා තියෙනවා දසුනි අක්කට සහයකයෙක් හොයනවා කියලා. ඒ වෙද්දි මම උසස් පෙළ ලියලා රිසල්ට් එනකම් බලාගෙන හිටියේ. ඉතින් අයියා කියපු නිසා මම ඉන්ටර්විව් ගියා. දසුනි අක්කයි, කළමනාකාරවරයයි මාව ඉන්ටර්විව් කළා. මාව ඒකෙන් තේරුණා. පහුවදා ඉඳලම වැඩ ඉතින්.

 

චුලෝචනාට මොනවද පැවරිලා තිබුණ රාජකාරී?

 

මම උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ වුණේ කාර්යාල සහායිකාවක් විදිහට. දසුනි අක්කට උදවු කළා. ඩේටා එන්ටර් වැඩ, ප්‍රවාහන පහසුකම්, කෑම බීම, ඉඳුම් හිටුම් ඒ ගැන බලන එක තමයි මම කළේ. ඒ වුණාට අපේ නම් ටීවි එකේ නිවුස්වල යද්දි කියවුණේ අපි උමා ඔය ව්‍යාපෘතියේ තේ හදපු අය කියලා. අපි මෙතැන හරිම සහයෝගයෙන් වැඩ කරන්නේ. එකම පවුලක අයවගේ. ඉතින් අපි සමහර වෙලාවට කෝපි එකක් බොන්න එකතු වෙනවා. සහයෝගයෙන් කෝපි හදලා කෝපි බොන්න වෙලාවක් වෙන් කරනවා. කෝපි හදන එක මම කරන එක දෙයක් විතරයි. නමුත් ඒක ප්‍රධාන කරගෙන නිවුස් එකක් ගියාම මිනිස්සුන්ට වැරැදි අවබෝධයක් එනවා.

 

මේ වෙද්දි චුලෝචනා අධ්‍යාපන කටයුතු අවසන් කරලද තිබුණේ...?

 

මේකේ වැඩ කර කර ඉඳ්දි උසස් පෙළ ප්‍රතිඵල ආවා. වැල්ලවාය කුමාරදාස මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි මම ඉගෙන ගත්තේ. කලා අංශයෙන් උසස් පෙළ හැදෑරුවේ. උසස් පෙළ හොඳට සමත් වෙලා තිබුණට කැම්පස් යන්න ලකුණු මදි වුණා. ඉතින් මම රැකියාවට එනගමන් විද්‍යාපීඨ ඉල්ලුම් කළා.

 

මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා අත්දැකීම් සමුදායක් එකතුකර ගන්න ඇති..

 

මට එතරම් ඉංග්‍රීසි සහ IT ගැන දැනුමක් නැහැ. ව්‍යාපෘති කළමනාකරු වෘල්ෆ් ගැන්ග් මහත්මයා මාව ඒ වෙනුවෙන්ම බණ්ඩාරවෙල පාඨමාලා කීපයක් හදාරන්න යොමු කළා. එහෙම ඉගෙන ගනිද්දී මට හොඳ දැනුමක් ලැබුණා. ඒ දේවල් ඉගෙන ගන්න ගමන් උමා ඔය ව්‍යාපෘතියත් එක්ක වැඩ කළා. 2018 පෙබරවාරි මාසේ එයාලා ව්‍යාපෘතිය නිමකළා. ඒකත් එක්ක මටත් ව්‍යාපෘතියෙන් ඉවත් වෙන්න වුණා. ඒ කාලේ වෙද්දි මම විවාහ වුණා. ඔහු නිපුන් සංජුල. එයා හම්බන්තොට වරායට සම්බන්ධ පුද්ගලික ආයතනයක සේවය කරනවා. මගේ තාත්තා ආර්. ඩී. ගුණසේකර. අම්මා සුනේත්‍රා දමයන්ති. මායි, අක්කයි, අයියයි පවුලේ ඉන්නේ. ඒ හැමෝම මං ගැන ගොඩක් ආඩම්බර වෙනවා.

 

දසුනි එක්ක වැඩ කරන එක මොන වගේ ද?

 

මේක මගේ පළමු ජොබ් එක. පළමු ජොබ් එකෙන්ම හරි ගුරුවරයෙක් හමු වෙනවා කියන්නේ ඒක හරි වාසනාවක්. දසුනි කියන්නේ ඒ විදිහේ ගුරුවරියක්. මම රැකියාවට එද්දි මට වයස අවුරුදු 19යි. ලෝකේ ගැන කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඉතින් හැමදෙයක්ම කියලා දුන්නේ දසුනි අක්කා.

 

කොහොමද එතකොට ටර්බයින් දෙකට නම් වැටුණේ...

 

දවසක් දසුනි අක්කට පෙන්නලා තිබුණා ටර්බයින් එකට අපි දෙන්නගේ නම් දෙක ගහපු ෆොටෝ එකක්. මට නම් එයාලා පෙන්නුවේ නැහැ. ඊට පස්සේ දවසක හෙල්මට් එහෙම දාලා අපි දෙන්නව ඇතුළට එක්කන් ගිහිල්ලා ටර්බයින් දෙකට නම් දෙක ගහලා තියෙනවා බලන්න එක්කන් ගියා. එතැන පුංචි පාර්ටියකුත් ලෑස්ති කරලා තිබුණා. ඒක ඇත්තටම හිතා ගන්න බැරි සිද්ධියක් වුණා.

ඒ සිද්ධිය 2017 අවුරුද්දේ තමයි වුණේ. එවලේ එහෙම නම් දෙක ගහලා තිබ්බට කවදාවත් අපි හිතුවේ නැහැ අපේ නම් දෙකෙන් ඒ ටර්බයින් දෙක නම් කරයි කියලා. දැන් අවුරුදු ගාණක් වෙනවනේ. ඉතින් ඕක හිතෙන් අමතක කරලා තිබුණේ. අපේ ජනාධිපතිත්, ඉරාන ජනාධිපතිත් ඇවිත් පසුගියදා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කරපු වෙලාවේදි තමයි දැනගත්තේ එදා ඒ දාපු නම් දෙක දාලා තියෙන්නේ ඇත්තටමයි කියලා.

 

ඒ විවෘත කිරීමට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණ ද?

 

ඒකට ආරාධනයක් ලැබුණේ නැහැ. මම පාරේ ඉඳලා අපේ ජනාධිපති සහ ඉරාන ජනාධිපති විවෘත කරන්න යද්දී බලන් හිටියා. ආරාධනාවක් ලැබුණනම් මම නොයා ඉන්නේ නැහැ.

 

මේ ව්‍යාපෘතියේ සේවක පිරිස එක්ක වැඩ කරන එක අභියෝගයක් වුණා ද?

 

මගේ පළමු රස්සාව නිසා මට හැමදේම අභියෝගයක් වුණා. සේවකයෝ 300ක් හිටියා. ඒ අයගෙන් සිටිය එකම කාන්තාවෝ දෙන්නා අපි දෙන්නා. උමා ඔය කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ ඉංජිනේරුවරු ඔක්කොම විදේශිකයින්. ඒ අය හරිම නීති ගරුකයි. දෙයක් කරන්න බාර දුන්ණොත් ඒ වැඩේ ඒ විදිහටම තියෙන්න ඕනේ. අපි උදේ වැඩට ඉන්න ඕනේ 7.30ට. අපි 7.29 වෙද්දි ඇවිල්ලා ඉන්න ඕනේ. අපි අපේ වැඩේ හරියටම කරපු හින්දයි ඒ ගෞරවය අපිට ලබා දුන්නේ.

 

උමා ඔය ව්‍යාපෘතිය අවසන් වුණාට පස්සේ...

 

උමා ඔය ව්‍යාපෘතියෙන් පස්සේ කාලයක් ඉඳලා මම වෙනත් ජොබ් එකකට ගියා. දැන් වැල්ලවාය දික්වැල්ල ඉලෙක්ට්‍රිකල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ගබඩා අංශයේ සේවය කරනවා.

 

ඉන් අනතුරුව අප කතා කළේ දසුනිගේ සහායිකාව ලෙස කටයුතු කළ රන්දෙණිය සියඹලාගුණේ පදිංචි ආර්. ඩී. චුලෝචනා සංජීවනී ගුණසේකර සමඟයි.

 

මේ සුලෝචනා ද නැත්තම් චුලෝචනා ද?

 

මගේ හරි නම චුලෝචනා. ඒත් හැමෝම මට කතා කරන්නේ සුලෝචනා කියලා.. චුලෝචනා කියන නම ටිකක් වෙනස්නේ. පහසුවට හැමෝම සුලෝචනා කියන්න ගත්තා.

 

. කොහොමද උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ වුණේ...

 

ඒක මගේ පළමු රැකියාව. මම රැකියාවට ගියේ 2016 දෙසැම්බර් මාසයේ. මගේ අයියා උමා ඔය ව්‍යාපෘතියේ වැඩ කර කර හිටියේ. එයා ආර්.ඩී. ප්‍රදීප් ගුණසේකර. අයියට දැනගන්න ලැබිලා තියෙනවා දසුනි අක්කට සහයකයෙක් හොයනවා කියලා. ඒ වෙද්දි මම උසස් පෙළ ලියලා රිසල්ට් එනකම් බලාගෙන හිටියේ. ඉතින් අයියා කියපු නිසා මම ඉන්ටර්විව් ගියා. දසුනි අක්කයි, කළමනාකාරවරයයි මාව ඉන්ටර්විව් කළා. මාව ඒකෙන් තේරුණා. පහුවදා ඉඳලම වැඩ ඉතින්.

 

චුලෝචනාට මොනවද පැවරිලා තිබුණ රාජකාරී?

 

මම උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ වුණේ කාර්යාල සහායිකාවක් විදිහට. දසුනි අක්කට උදවු කළා. ඩේටා එන්ටර් වැඩ, ප්‍රවාහන පහසුකම්, කෑමබීම, ඉඳුම් හිටුම් ඒ ගැන බලන එක තමයි මම කළේ. ඒ වුණාට අපේ නම් ටීවි එකේ නිවුස්වල යද්දි කියවුණේ අපි උමා ඔය ව්‍යාපෘතියේ තේ හදපු අය කියලා. අපි මෙතැන හරිම සහයෝගයෙන් වැඩ කරන්නේ. එකම පවුලක අය වගේ. ඉතින් අපි සමහර වෙලාවට කෝපි එකක් බොන්න එකතු වෙනවා. සහයෝගයෙන් කෝපි හදලා කෝපි බොන්න වෙලාවක් වෙන් කරනවා. කෝපි හදන එක මම කරන එක දෙයක් විතරයි. නමුත් ඒක ප්‍රධාන කරගෙන නිවුස් එකක් ගියාම මිනිස්සුන්ට වැරැදි අවබෝධයක් එනවා.

 

මේ වෙද්දි චුලෝචනා අධ්‍යාපන කටයුතු අවසන් කරලද තිබුණේ...?

 

මේකේ වැඩ කර කර ඉද්දි උසස් පෙළ ප්‍රතිඵල ආවා. වැල්ලවාය කුමාරදාස මධ්‍ය මහා විද්‍යාලයේ තමයි මම ඉගෙන ගත්තේ. කලා අංශයෙන් උසස් පෙළ හැදෑරුවේ. උසස් පෙළ හොඳට සමත් වෙලා තිබුණට කැම්පස් යන්න ලකුණු මදි වුණා. ඉතින් මම රැකියාවට එනගමන් විද්‍යා පීඨ ඉල්ලුම් කළා.

 

මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා අත්දැකීම් සමුදායක් එකතු කර ගන්න ඇති..

 

මට එතරම් ඉංග්‍රීසි සහ IT ගැන දැනුමක් නැහැ. ව්‍යාපෘති කළමනාකරු වෘල්ෆ් ගැන්ග් මහත්මයා මාව ඒ වෙනුවෙන්ම බණ්ඩාරවෙල පාඨමාලා කීපයක් හදාරන්න යොමු කළා. එහෙම ඉගෙන ගනිද්දී මට හොඳ දැනුමක් ලැබුණා. ඒ දේවල් ඉගෙන ගන්න ගමන් උමා ඔය ව්‍යාපෘතියත් එක්ක වැඩ කළා. 2018 පෙබරවාරි මාසේ එයාලා ව්‍යාපෘතිය නිමකළා. ඒකත් එක්ක මටත් ව්‍යාපෘතියෙන් ඉවත් වෙන්න වුණා. ඒ කාලේ වෙද්දි මම විවාහ වුණා. ඔහු නිපුන් සංජුල. එයා හම්බන්තොට වරායට සම්බන්ධ පුද්ගලික ආයතනයක සේවය කරනවා. මගේ තාත්තා ආර්. ඩී. ගුණසේකර. අම්මා සුනේත්‍රා දමයන්ති. මායි, අක්කයි, අයියයි පවුලේ ඉන්නේ. ඒ හැමෝම මං ගැන ගොඩක් ආඩම්බර වෙනවා.

 

දසුනි එක්ක වැඩ කරන එක මොන වගේ ද?

 

මේක මගේ පළමු ජොබ් එක. පළමු ජොබ් එකෙන්ම හරි ගුරුවරයෙක් හමුවෙනවා කියන්නේ ඒක හරි වාසනාවක්. දසුනි කියන්නේ ඒ විදිහේ ගුරුවරියක්. මම රැකියාවට එද්දි මට වයස අවුරුදු 19යි. ලෝකේ ගැන කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඉතින් හැමදෙයක්ම කියලා දුන්නේ දසුනි අක්කා.

 

කොහොමද එතකොට ටර්බයින් දෙකට නම් වැටුණේ...

 

දවසක් දසුනි අක්කට පෙන්නලා තිබුණා ටර්බයින් එකට අපි දෙන්නගේ නම් දෙක ගහපු ෆොටෝ එකක්. මට නම් එයාලා පෙන්නුවේ නැහැ. ඊට පස්සේ දවසක හෙල්මට් එහෙම දාලා අපි දෙන්නව ඇතුළට එක්කන් ගිහිල්ලා ටර්බයින් දෙකට නම් දෙක ගහලා තියෙනවා බලන්න එක්කන් ගියා. එතැන පුංචි පාර්ටියකුත් ලෑස්ති කරලා තිබුණා. ඒක ඇත්තටම හිතාගන්න බැරි සිද්ධියක් වුණා.

ඒ සිද්ධිය 2017 අවුරුද්දේ තමයි වුණේ. එ‍ෙවලේ එහෙම නම් දෙක ගහලා තිබ්බට කවදාවත් අපි හිතුවේ නැහැ අපේ නම් දෙකෙන් ඒ ටර්බයින් දෙක නම් කරයි කියලා. දැන් අවුරුදු ගාණක් වෙනවනේ. ඉතින් ඕක හිතෙන් අමතක කරලා තිබුණේ. අපේ ජනාධිපතිත්, ඉරාන ජනාධිපතිත් ඇවිත් පසුගියදා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කරපු වෙලාවේදි තමයි දැනගත්තේ එදා ඒ දාපු නම් දෙක දාලා තියෙන්නේ ඇත්තටමයි කියලා.

 

ඒ විවෘත කිරීමට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණ ද?

 

ඒකට ආරාධනයක් ලැබුණේ නැහැ. මම පාරේ ඉඳලා අපේ ජනාධිපති සහ ඉරාන ජනාධිපති විවෘත කරන්න යද්දී බලන් හිටියා. ආරාධනාවක් ලැබුණ නම් මම නොයා ඉන්නේ නැහැ.

 

මේ ව්‍යාපෘතියේ සේවක පිරිස එක්ක වැඩ කරන එක අභියෝගයක් වුණා ද?

 

මගේ පළමු රස්සාව නිසා මට හැමදේම අභියෝගයක් වුණා. සේවකයෝ 300ක් හිටියා. ඒ අයගෙන් සිටිය එකම කාන්තාවෝ දෙන්නා අපි දෙන්නා. උමා ඔය කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ ඉංජිනේරුවරු ඔක්කොම විදේශිකයින්. ඒ අය හරිම නීති ගරුකයි. දෙයක් කරන්න භාර දුන්නොත් ඒ වැඩේ ඒ විදිහටම තියෙන්න ඕනේ. අපි උදේ වැඩට ඉන්න ඕනේ 7.30ට. අපි 7.29 වෙද්දි ඇවිල්ලා ඉන්න ඕනේ. අපි අපේ වැඩේ හරියටම කරපු හින්දයි ඒ ගෞරවය අපිට ලබා දුන්නේ.

 

උමා ඔය ව්‍යාපෘතිය අවසන් වුණාට පස්සේ...

 

උමා ඔය ව්‍යාපෘතියෙන් පස්සේ කාලයක් ඉඳලා මම වෙනත් ජොබ් එකකට ගියා. දැන් වැල්ලවාය දික්වැල්ල ඉලෙක්ට්‍රිකල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ගබඩා අංශයේ සේවය කරනවා.

 

 

 

වැල්ලවාය විශේෂ 

ජී. අයි. ආර් ගරුසිංහ