වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
මම රස්සාවකට යනවාට අපේ මහත්තයා කැමති නෑ අනේ

මගේ යෙහෙළියක් පිළිබඳ කතාවක් මේක. අැය හොඳින් උසස් පෙළ සමත් වී සිටියා. ඒත් ඇය රැකියාවක් කිරීමට පෙර විවාහ විය යුතු යැයි තීරණය කළේ ඇගේ පෙම්වතා ටිකක් වයසින් වැඩි වූ නිසා. විවාහයෙන් පසු රැකියාවක් කරනවාට ඇගේ සැමියාගේ කැමැත්තක් තිබුණේ නැහැ.
“ඔයාව මං රස්සාවකට යවන්නේ නැහැ.” ඔහු කීවේ ආදරෙන්. ඒක බොරු ආදරයක් නෙමෙයි. බිරිය රැකියාවක් කිරීම සැමියාට මදි පුංචිකමක් වගේ දැනෙන්නේ සමාජ ඒකාකෘති නිසා. පිරිමි තමයි ගෙදර හම්බකරන්න ඕනේ. ගැහැනු ඉන්නේ උයන්න, මල් වවන්න, ගෙවල් ලස්සනට තියාගන්න, ළමයි හදන්න වගේ සිතිවිලි එන්නේ අපි සමාජ ඒකාකෘතිවල හිර වුණාම. ඒක තමයි සමාජය අනාදිමත් කාලයක සිට අපිට පුරුදු කරලා තියන විදිහ. දැන් මේ දෙන්නාත් මේ උගුලේ පැටලුණා. සැමියා හම්බකර ගෙනත් දෙන දෙය අරපිරිමැස්මෙන් වියදම් කර බැංකු ණයක් ද ගෙන කුඩා නිෙවසක් මේ අය හැදුවා. දරුවන් ද ලැබුණා. දැන් වියදම ගොඩාක් සැරයි. ඒත් බිරිය රැකියා කරන එක අගෞරවයක් වගේනේ. ඒ නිසා දුප්පත්කම් ඉවසගෙන දුකසේ ජීවත් වුණා. සැමියා දිවා රෑ නැතිව වෙහෙසුණේ දුප්පත්කමින් මිදෙන්න.
‘මොනවා කරන්නද අපේ කරුමේ තමයි.‘ හැමවෙලේම එයාලා කිව්වා.
කරුමේ නෙමෙයි මේක ඔයාලාගේම වරද බව පෙන්වා දුන්නත් එයාලා පිළිගත්තේ නැහැ. පුරුෂ මූලික චින්තනය ආදරය ලෙස වරදවා වටහාගෙන හිටියා.
අධිකව වෙහෙස මහන්සි වූ සැමියා හදිසියේ අසනීප වූ අතර ඔහු අංශභාග රෝගයෙන් ඔත්පළ වුණා. දැන් ඉතිරි කළ මුදලක්වත්, ජීවන මාර්ගයක්වත් තිබුණේ නැහැ. රැකියාවක් සඳහා කිසිම වෘත්තීය සුදුසුකමක් මේ තරුණ ගැහැනියට තිබුණේ නැහැ. ජීවිතය තුළ සර්ව සම්පූර්ණයෙන් ඔවුන් අසරණ වුණේ එහෙම. අනිත් අය මත යැපෙන්නට සිදුවුණේ එහෙම.
සැමියා ඔබට බොහෝ අාදරය දක්වාවි. එහෙත් ඔබගේ රැකියාව අත්හරින්නට එපා. කෝටිපතියෙකු විවාහ කරගත්ත ද ඔබේ දුප්පත් රැකියාව දිෙනක ඔබව ආරක්ෂා කරාවි. ආර්ථික සුරක්ෂිතතාව ඉතාමත් වැදගත්. ඔබට අවශ්‍ය ඇඳුමක් ගන්න, අම්මාට සංජීවනී රූපසිංහතාත්තාට සල්ලි ටිකක් දෙන්න, ආස දෙයක් කන්න, ඔබේ මුදල් තියා ගන්න. ඔබේ රැකියාවේ නිපුණත්වය කෙදිනක හෝ ඔබගේ පිහිටට සිටීවි.
කාලයක් යද්දී නිෙවසේ වියදම් සැර වන විට බිරියකගේ වැටුපේ වටිනාකම දැනේවි. රැකියාවෙන් තමාට ලැබෙන සමාජ ගෞරවය ඔබ නිෙවසේ සිටීමෙන් කිසිදා ලබාගත නොහැකියි. සමාජ ආශ්‍රය, යහළු මිතුරන් මුණ ගැසීම, ඉඳහිට සහභාගී වන ඔෆීස් පාටි, බස් රියේ දුම්රියේ හමුවන මිතුරු මිතුරියන් ඔබ සමාජ ජීවිතය තුළ උද්යෝගිමත්ව තබාවි. ඔබට ඔබ ගැන වටිනාකමක් ලැබේවි. විවාහය නිසා රැකියාව හෝ තමාගේ ආදායම් මාර්ග විනාශ කරගන්න එපා. දෙවියන් වහන්සේ බිමට බැස කිව්වත් දෙවියනේ රැකියාව නම් අත්හරින්න එපා.
සංජීවනී රූපසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දර්ශන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය