වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
ඉන්දියාව පරදා අපේ කෙල්ලෝ ලැබූ ඓතිහාසික ජයග්‍රහණය

වසර හතකට පසු ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරගයකදී ඉන්දියාව පරාජය කිරීම ඓතිහාසික ජයග්‍රහණයකි. මෙලසින් ඉන්දීය කණ්ඩායම පරාජය කළේ පසුගියදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති ශ්‍රී ලංකාව, ඉන්දියාව හා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර පැවැත්වුණ තුන්කොන් තරගාවලියේ සිව්වැනි තරගයේදීය. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියා ක්‍රිකට් කණ්ඩයාම හමුවේ කඩුලු 3ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් විය.
කණ්ඩායම් හැඟීමෙන් යුතුව ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ හරිශිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වාගේ ප්‍රවේගකාරී පිතිහරඹයත්, අනුෂ්කා සංජීවනීගේ සහ සුගන්දිකා කුමාරිගේ ඉවසිලිමත් පිතහරඹයත් නිසා මෙම ජයග්‍රහණය ලබා ගැනීමට ප්‍රධාන වශයෙන්ම හේතු විය. මෙෙලසින් තරග කිරීම හමුවේ අපගේ කණ්ඩායමට කඩුලු 3ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවීම ක්‍රීඩා විචාරකයන්ගේ කතාබහට ලක්වූ මාතෘකාවක් විය. මෙෙලසින් ජය ලැබූ අපගේ කණ්ඩායමට අවසන් වරට ඉන්දීය පිල පරාජය කර ඇත්තේ 2018 වසරේදී ය. තවද මෙම වාර්තා අතරට එක්වන තවත් වාර්තාවක් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගයදී හඹා ගොස් ජයග්‍රහණය කළ දෙවැනි ඉහළ ලකුණු සංඛ්‍යාව ලෙසින්ද මෙය සටහන් වීමය.
ශ්‍රී ලංකාව මෙම තරගයට අවතීර්ණ වන්නේ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි තරගයෙන් සුපිරි ජයක් ලබා ගැනීමෙන් අනතුරුවය. ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් තරග දෙකකින් එක් තරගයක් ජයගෙන තිබූ අවස්ථාවක ඉන්දියාව සමඟ පැවැති මේ තරගයට එක් වූයේ නියත ලෙසින්ම ජයග්‍රහණයක් අපේක්ෂාවෙනි.
මේ තරගය සඳහා ද ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගයේ දී ක්‍රීඩා කළ ක්‍රීඩිකාව සියලුම දෙනාම එක් වී සිටීම විශාල ශක්තියක් විය. තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම් නායිකා චමරි අතපත්තු තීරණය කළේ පන්දු රැකීමට ය. එයින් ලකුණු හඹා යෑමට පහසු වන බව ඇය විශ්වාස කළා ය. ඒ අනුව ඉන්දියානු ආරම්භක පිතිකාරිනියන් පිටියට පිවිසියේ තමන් මුහුණ දුන් තරග දෙකම ජයග්‍රහණය කරමින් ලබා සිටි හොඳ මානසිකත්වයකිනි.
ප්‍රාතිකා රොයෙල් සහ සිමිත් මන්දනා එක්ව ඉන්දියාවේ මූලික අඩිතාලම දමමින් හොඳ ආරම්භයක් ලබා දුන් අතර, ඉවසිලිමත්ව පන්දුවට පහර දෙන අයුරු දකින්නට ලැබිණි. සිමිත් මන්දනා දුවද්දී දැවී ගියේ ලකුණු පුවරුවේ ලකුණු 51ක් සටහන්ව තිබියදීය. කෙසේ වෙතත් හර්ලීන් ඩියෝල්ට එක් වී වැඩි වේලාවක් පන්දුවේ රැදී සිටීමට අපේ ක්‍රීඩාකාවන් ඉඩ දුන්නේ නැත. ප්‍රතිභා රොවෙල් ලකුණු 35කට ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට අපේ පන්දු යවන්නියෝ සමත් වූහ. එහෙත් මේ තරගයේ අවාසනාවන්තම සිදුවීම බවට පත් වූයේ ඉන්දියානු ක්‍රීඩිකා ජෙමීමා රොඩ්රිගස් මුහුණූ දුන් පළමු පන්දුවේදීම ලබා දුන් උඩ පන්දුව චමරි අතපත්තු අතින් ගිලිහී යෑම ය. ඒ අවසරයෙන් ක්‍රීඩා පිටියේ රැඳී සිටීමට වාසනාව ලැබූ ජෙනිමා රොඩ්රිගස් ඉන්දීය ඉනිම වෙනුවෙන් ළකුණු 37ක් රැස් කිරීමට සමත් විය. තවද ඉන්දීය ඉනිම ගොඩනැඟීම සඳහා රිචා ගෝස් ලබා ගත් ලකුණු 58 බෙහෙවින්ම උපකාරී විය. කෙසේ වෙතත් ඉන්දියානු කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩිකාවන් පන්දුවට පහර දෙමින් සිය ඉනිමේ 40 වැනි පන්දු වාරයේ දී කඩුලු 5ක් දැවී ලකුණූු 205ක් ලබාගෙන සිටියහ. ඒ අනුව ඉන්දියානු කණ්ඩායම අවසාන පාන්දුවාර 10 තුළදී තවත් ලකුණූු 70ක් ලබා ගනිමින් ඉතාමත් ශක්තිමත් ඉනිමක් ක්‍රීඩා කරමින් තම පන්දු වාර සියල්ල අවසන් කළේ ය. ඒ අනුව පන්දු වාර 50 අවසන් වන විට ඉන්දියානු කණ්ඩයාම ලකුණූු 275 ලබා ගත්තේ කඩුළු 9ක් දැවී යමිනි.
මෙම තරගයේ දී පන්දු යැවූ චමරි අතපත්තු ලකුණු 43කට කඩුලු 3ක් සහ සුගන්දිකා කුමාරි ලකුණු 44කට කඩුලු 3ක් ලබා ගනිමින් කැපී පෙනන පන්දු යැවීමක නිරත වූහ. අනතුරුව ජයග්‍රාහී පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීයේ ලකුණූ හඹා යෑමේ ස්ථීර අධිෂ්ඨානයෙනි. මෙහිදී හර්ෂිතා සමරවික්‍රම සහ නිලන්තිකා ද සිල්වා අර්ධ ශතක දෙකක් රැස් කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්රාහීි මාවත විවිර කළහ. හර්ෂිතාගේ ලකුණු 53ට හයේ පහරවල් 5ක් ඇතුළත් වූ අතර වඩාත්ම ප්‍රවේගකාරී ලෙස ඉන්දියානු පන්දු යවන්නියන් තම පිත්තේ ග්‍රහණයට හසුකර ගනිමින් පන්දුවට පහර දුන්නේ නිලක්ෂිකා ද සිල්වාය. ඇයගේ ලකුණූ 56ට අගනා හයේ පහරවල් 3ක් සහ හතරේ පහරවල් 5ක් ඇතුළත් විය. තවද කවීශා දිල්හාරී ලකුණු 35ක් රැස් කළාය. ශ්‍රී ලංකා කණ්ඩායම සුරක්ෂිතව අවසාන ජයග්‍රහණය වෙත රැගෙන ගියේ අනුෂිකා සංජීවනී සහ සුගන්දිකා කුමාරිගේ ඉවසිලිමත් පිතිහරඹයයි. මෙලසින් කණ්ඩායමේ හැඟීමෙන් ක්‍රීඩා කිරීම් ප්‍රතිඵලයක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ජයග්‍රහණයක හිමිකම් කීමට සමත් විය. තරගයේ වීරවරිය ලෙසින් නිලක්ෂි ද සිල්වා සම්මාන ලැබුවාය.