කාලිංග ඇතුළු කණ්ඩායම ලක්මවට අභිමානයක් ගෙනෙයි

ජුනි 9, 2025

ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙය වීමෙන් පැවැත් වූ 26 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලාංකීක කණ්ඩායම පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් විය. දකුණු කොරියාවේ ගුම් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත් වූ මෙම තරගාවලියේදි අප කණ්ඩායම නියෝජනය කළ කාලිංග කුමාරගේ මීටර් 400 ඉසව්වට සහභාගී වී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර කාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ තරගයේදී අපේ ක්‍රීඩික, ක්‍රීඩිකාවෝ දෙවැනි ලෝකඩ පදක්කම ද ශ්‍රී ලංකාවට දිනා දුන්හ. මේ තරගාවලියේ තුන්වැනි ලෝකඩ පදක්කම හිමි කර ගත්තේ මීටර් 400 කාන්තා සහාය දිවිමේ තරගයටයි.

 

ශ්‍රී ලංකා කණ්ඩායම මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් කාලියා කුමාරගේ, සයුරි මෙන්ඩින්, සදෙව් රාජකරුණා හා නිෂේන්ද්‍ර හර්ෂණී ප්‍රනාන්දු තරග බිමට එක් වූහ. මේ තරගයේදී විශේෂ සිදුවීමක් බවට පත් වූයේ තරගයට සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටි අරුණ දර්ශන වෙනුවට අවසන් මොහොතේ සදෙව් රාජකරුණා එකතු වීමත් කණ්ඩායම් නායිකා නදිශා රාමනායක වෙනුවට සයුරි මෙන්ඩිස් එක්වීමත්ය.

 

මේ තරගාවලියේ මීටර් 400 කාන්තා සහාය දිවීමේ අවසන් තරගය සඳහා ද අපේ කණ්ඩායම එක්වූහ. එහිදී නදීෂා රාමනායක තරගය ආරම්භ කළ අතර සයුරි මෙන්ඩිස්, ජයේෂි උත්තරාගෙන් පසු නිශේන්ද්‍ර ප්‍රනාන්දු අවසානය සටහන් කරම්න් ජයග්‍රහණය හිමි කර ගැනීමට සමත් වූහ. මෙහිදී මීටර් 400 පිරිමි සහාය තරගය කෙරෙහි විශාල බලාපොරොත්තුක් තබා තිබුණ ද එම තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට නොහැකි විය. මෙහිදී උස පැනී‍මේ තරගයට එක් වූ ලෙසඳු අර්ථවිදුට මීටර් 2.10ක උසකින් 8 වැනි ස්ථානය හිමිිවිය. මීටර් 10000 කාන්තා තරගයට එක් වූ මෙත්ම් රසාරා විජේසූරිය විනාඩි 33.21.62කින් තරගය නිමකරමින් 7 වැනි ස්ථානයට පත්වූහ. මේ කාලය ඇයගේ පෞද්ගලික හොඳම කාලය ලෙසින් සටහන් වූ අතර එය ශ්‍රී ලංකා නව තරග වාර්තාවක් විය. එහිදී ඇය බිඳ දැමුවේ රසාරා විසින්ම තැබූ තරග වාර්තාවයි.

මේ අතර ආසියාවේ වේගවත්ව මිනිසා ලෙස මීටර් 100 තරගය තත්පර 10.20කින් නිම කළ ජපානයේ හිරෝකි යන්හිටා අභිෂේක ලැබූ අතර වේගවත්ම කාන්තාව බවට පත් වූයේ චීනයේ ලියෑන්ස් ෂියොජින්ග්ය.

 

මේ තරගයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කාලිංග මීටර් 400 ලෝකඩ පදක්කම දිනා ගත්තේ ඔහුගේ පෞද්ගලික හොඳම කාලය සටහන් කරමිනි. ආරම්ිභයේ සිටම ඉතාම තියුණු මුහුණුවරක් ගත් මීටර් 400 තරගයේදී කාලිංග කුමාර පසුපසින් පැමිණ අවසන් මීටර් 25 දී ඉන්දීය ක්‍රීඩක ඩිෂාල් පොන්නරාසු හා ජපානයේ ෆුගෝ සාටෝ පස්වැනි තැනට ඇද දමමින් ඉදිරියට පැමිණ ලෝකඩ පදක්කම ලක් මාතාවට හිමිකර දීමට සමත් විය.

33 හැවිරිදි කාලිංග කුමාරගේ මීරිගම පල්ලෙවෙල මහ විද්‍යාලයෙන් මලල ක්‍රීඩා පිටියට පිවිසි ක්‍රීඩකයෙකි. දකුණු ආසියානු සහ ආසියානු ශූරතාවලියේදී පදක්කම් දිනා ගැනීමට සමත් වූ ඔහු මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායමේ ද සාමාජිකයෙකි.