වර්ෂ 2025 ක්වූ June 16 වැනිදා Monday
පාඨමාලා රැසක් මෙලෙස ඇරැඹෙයි
පෙබරවාරි 5, 2020

තරුණී කියවන පාඨක ඔබ අපට බෙහෙවින්ම වටිනා සම්පතයි. එනිසාම අපි ඔබේ දැනුමේ නිම්වළලු පුළුල් කරන්නට විවිධ අගනාකම් තිළිණ කරන්නෙමු. ඒ අතර ඔබේ නිර්මාණශීලීත්වය, දෑතේ හැකියාව ඔප මට්ටම් කරන්නට අමිල පාඨමාලා රැසක් නොමිලයේ හදාරන්නට අවස්ථාව ලබා දුන්නෙමු. එම පාඨාමාලා තිළිණ කළ අපේ ශිල්පිනියන් කිහිපදෙනකුගේ පාඨමාලා පසුගිය දිනවල ඇරැඹුණා. ඒ ප්රවීණ උපදේශිකාවන් වන ශිරන්ති පෙරේරා, ගීතිකා මධුමාලි සහ මධුරී දර්ශනී ගේ පාඨමාලාවන්ය. මේ එම අවස්ථාවන්ට සහභාගී වූ අපේ ආදරණීය පාඨක පිරිසයි. අප පිරිනැමූ පාඨ මාලාවක් හිමි වී තවමත් එයට සහභාගීවන්නට නොහැකි වූවා නම් අදාළ උපදේශිකාවන්ට අමතා එයට සහභාගි වන්න. සහභාගීවන්නට නොහැකි නම් එම අවස්ථාව වෙනත් අයකුට ලබා දීමට එය අපට නොපමාව දන්වන්න.
පබළු නිර්මාණ පාඨමාලාව සඳහා තවත් 20 දෙනකුට පමණ අවස්ථාව සලසා දිය හැකි බව ගීතිකා මධුමාලි මහත්මිය පවසයි. වූල් ගෙතුම් සඳහා එක් අයකුට අවස්ථාව ඇත. ඒ නිසා අදාළ උපදේශිකාවන් අමතා විස්තර ලබාගන්න. නැත්නම් 0112429591 අංකයෙන් තරුණී අමතන්න.
෴ Related Articles ෴
දහසක් කැපකිරීම් වෙනුවෙන්, රෑ දවල් දකින හීන...
අතීතයේ අපට පැවතියේ දියුණු තාක්ෂණයකි. එය අදට ද...
පොල්කටු හූරලා වැඩක් තියෙනවාද? ජොබ් එකක් කරන්නකො....
සම්ප්රදායික රාමුවක් තුළ සිර වූ මිනිසුන්ට...
ඔබ නිර්මාණශීලී කාන්තාවක් නම් මුදල් උපයන්න...
ප්රින්සස් ඩයනා ලොවක් ආදරය කළ සුරූපිනියක්....