නව විලාසිතා

අගෝස්තු 14, 2019

කාන්තා සුන්දරත්වය වැඩි දියුණු කරන, විලාසිතා ලෝකයේ නව ප්‍රවණතා සොයා යන අප ච්පඥඵඵ භන තුළින් අද තවත් අලුත්ම විලාසිතාවක් ගෙන එනවා.

එදිනෙදා පරිසරයේ දී නෙත ගැටෙන සොබා දහමේ තවත් සොඳුරු නිර්මාණ ඇසුරෙන් විලාසිතා ගැළපීම දැන් අලුත්ම කලාව බවට පත්වෙලා.

විලාසිතා නිර්මාණකරණයට කැමැත්තක් දක්වන නිර්මාණාත්මක හැකියාවන් ඇති ඔබටත් මෙවැනි අත්හදා බැලීම් කිරීමෙන් විලාසිතා ලෝකයේ නමක් දිනාගත හැකියි.

වයස අවුරුදු 25-30 අතර තරුණියන් සඳහා High Street Luxury wear කාණ්ඩය ඔස්සේ නිමවා ඇති මේ විලාසිතා විශේෂ උත්සව අවස්ථාවන්ටත් සුදුසුයි. මෙහිදී වඩාත් සැලකිලිමත් වී ඇත්තේ වර්ණ සංයෝජනය, හැඩය හා රෙද්දෙහි මතුපිට මොස්තර රටා නිර්මාණ සඳහායි.

මෙවර විලාසිතා ‘නිදහස සහ සිහින ලෝකය’ යන තේමාව පදනම් කරගනිමින් නිර්මාණය කර ඇත.

කොට්න් සහ අමු රෙද්ද භාවිතයෙන් මසා ඇති මේ ඇඳුම් විලාසිතා විශේෂ වන්නේ ඒවායෙහි ඇති මැහුම් රටා නිසයි.

 

1. ගැට මැස්ම භාවිතයෙන් නිමවා ඇති මේ ගවුම් විලාසිතාව දෙයාකාරයකට ඇඳීමට ද පුළුවන්. උඩ කොටස ඉවත්කර, කෙටි ගවුමක් ලෙසත් ඇඳිය හැකියි.

2. කෙටි බ්ලවුසයක් සහ ත්‍රිකෝණ හැඩයට මසන ලද සාය විලාසිතාවක්. පබළු අල්ලා වර්ණවත් කර ඇත.

3. අසමමිතිකව මසා ඇති ගවුමකි. ගවුමේ දිගු පළුව සඳහා වර්ණ කිහිපයක නූල් අතුරුවා ඒ මත සුදු පැහැ කොළයක් තබා මැෂිමක් ආධාරයෙන් මසා ඇත. එය බඩපඥචඤ ඹධපඬ එකකි.

4. මේ කෙටි ගවුම බ්ලැන්කට් මැස්ම භාවිතයෙන් හැඩකර ඇත. ඉදිරිපස පළුව සඳහා සුදු පැහැ අමු රෙද්දත්, පිටුුපස පළුව සඳහා නිල් පැහැ අමු රෙද්දත් භාවිත කර ඇත.

5. කෙටි බ්ලවුසයකින් සහ සායකින් සමන්විත විලාසිතාවකි. විවිධ වර්ණ වූල් ගෙන කෙටි ඉරි මැස්ම යොදාගෙන විවිධ දිශාවන්ට මසමින් හැඩකර ඇත.

6. කෝඩ් නූල් භාවිත කරමින් සැකසුණු සරල ගවුම් විලාසිතාවකි. ඉදිරිපසට සුදු පැහැයත්, පසුපසට නිල් පැහැයත් යොදාගෙන ඇත.

 

උපදෙස්

විලාසිතා නිර්මාණ ශිල්පිනී

කසුන්කා නිර්මාණි

නිරූපණය - ඕෂධී හිමේෂා

හැඩගැන්වීම - තිසර පි‍්‍රයදර්ශන

ඡායාරූප - රුමේෂ් මධුශංක