අත් දිගට යෙදූ ගවුමක හැඩ

දෙසැම්බර් 25, 2019

එළැඹෙන නව වසරේ බටහිර පන්නෙට මල් මනාලියක් වන්නට සිහින මවන යුවතියන්ටයි මේ ලස්සන විලාසිතාව.

අත් දිගට යොදා ෆ්ලෙයාඩ් සාය සමඟ පිටුපසින් ටේල් සහිත මෙම ගවුම් විලාසිතාව පිරිපුන් හැඩැති සිරුරක් ඇති අයට වගේම මහත යුවතියන්ටත් ගැළපෙනවා.

මංගල ඇඳුම් මසන ඔබටත් මෙම විලාසිතා බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේවි.

මෙම ගවුම නිර්මාණය සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වෙමු. 60 පළල රෙදි වර්ගයකින් යාර 7½ක් ගන්න. ලේස්, සීත‍්‍රූ වැනි 45 පළල රෙදි යාර 1½ක් ගන්න.

60 පළල රෙදි වර්ගයකින් යාර 7½ ක් ගන්න.

පොප්ලින් යාර 5 ක් ගන්න. නෙට් හෝ ඩූම් යාර 04 ක් හා හෙවී වර්ක් පිපියො ලේස් යාර 02 ක් ගන්න.

අවශ්‍ය මිමි

උරහිස මිනුම අඟල් 16 ක්

කර ගැඹුර අඟල් 5½ ක්

පපුව දක්වා උස අඟල් 8 ක්

පපුව අතර පළල අඟල් 8 ක්

ඉණ දක්වා උස අඟල් 13 ක්

සාය උස අඟල් 32 ක්

පපුව වට මිනුම අඟල් 32 ක්

ඉණ වට අඟල් 26 ක්

පිටුපස කර ගැඹුර අඟල් 10 ක්

කර වට අඟල් 14 ක්

පළමුව ඉදිරිපස සාය කපා ගන්නා ආකාරය බලමු.

පළමුව ඉදිරිපස සාය කපා ගන්නා ආකාරය බලමු. මේ සඳහා ගත් 60 පළල යාර 7½ ක් බලවාටිය දිගේ නමන්න. මෙසේ නමා ගත් රෙදි කොටස හරි හතරැස් ආකාරයට දක්නට ලැබේ. නමාගත් රෙදි කොටස නැවතත් ත්‍රිකෝණාකාර ලෙස නමා නැම්ම බලවාටිය මතින් තබා ගන්න.

දැන් නමාගත් රෙදි කොටසේ මිනුම් ලකුණු කරමු. මෙහිදී ෆ්ලෙයාර්ඩ් ආකාරයට පොප්ලින් මඟින් ද නෙට් රෙදි මඟින් ද සාය කොටස් කපාගන්න.

ඉණ චක්‍රය ඇඳීම සඳහා අංක 04 යටතේ ලබාගත් මිනුම ගන්න.

 

(ඉණ වට + ඉණ වට රැ 2) රැ 4 = (26 + 13) රැ 4 = 9 ¾

 

මෙම ක්‍රමයට ඉණට ලැබෙනා රැලි ප්‍රමාණය ඉතාම ස්වල්පයකි. මෙසේ සකසාගත් මිනුම නමාගත් රෙදි කොටසේ මුදුනෙන් තබා කවකටුවෙන් වෘත්තයක් අඳිනා ආකාරයට චක්‍ර රේඛාවක් ඇඳ ගන්න.

වාටිය චක්‍රය ඇඳීම (වාටිය ලකුණු කිරීම)

ඉණ චක්‍රයේ උසට යායේ උස එකතු කරන්න.

9¾ + 40 = 49¾

 

මෙම මිනුම ද මිනුම් පටිය මුදුනින් තබා 49¾ අරය වශයෙන් ගෙන මිනුම් පටිය මුදුනින් තබා කවකටුවෙන් අඳින ආකාරයට වාටිය චක්‍රය ලකුණු කරන්න.

ඉහත ක්‍රමවේදයම භාවිත කරමින් පොප්ලින් මඟින් ලයිනිං සාය ද අඟල් 2 ක් උස අඩුවෙන් කපාගන්න. මතුපිට සාය සඳහා ඉතා සිහින් වාටියක් මසන්න. ඇතුළතට ලයිනිං කොටස ද ෆ්ලෙයාඩ් ආකාරයට නිර්මාණය කර මසා ගන්න. සාය කොටස මැසීමේ දී සියලු සාය කොටස් මසා ඉණෙන් එකට සම්බන්ධ කරගන්න. සාය මසාගැනීමේ දී අංක 1, 2 හා 3 රූප සැලකිල්ලට ගන්න.

බ්ලවුස් කොටස නිර්මාණය

මෙමඟින් මූලික බ්ලවුසය නිර්මාණය කරගන්න ආකාරය සඳහන් වේ. මතුපිට රෙද්දේ උරහිස් රහිතව ද ලයිනිං රෙද්දේ උරහිස් රහිතව ද කපාලත යුතුයි. පළමුව ඉදිරිපස පළුව නිර්මාණය කරමු. රෙදි කොටසක් ගෙන පළමුව දෙකට නමාගන්න. (පළමුව ලයිනිං කොටස කපමු)

 

නැම්මට තබා රෙදි කොටසක් එළන්න.

එහි ඉහළින්ම රෙද්දේ ඇද හැර රේඛාවක් ඇඳගන්න.

ඇඳගත් එම රේඛාවේ උරහිස මිනුම ලකුණු කරන්න.

උරහිස මිනුම රැ 2 + මැහුම් වාසි = 16 රැ 2 + ½ = 8½

ලකුණු කරගත් එම ලක්ෂ්‍යයේ සිට පහතට 1¾ ක් ලකුණු කරගත් එම ලක්ෂ්‍යයත් නැම්මේ මුදුනත් එක් රේඛාවකින් යා කරන්න. ඔබ හැඩකරගත් රේඛාව උරහිස රේඛාව වේ.

4. කරවට හතරට බෙදා අඟල් භාගයක් අඩුකර සකසාගත් මිනුම හැඩකරගත් උරහිස රේඛාව දිගේ ලකුණු කරන්න.

කරවට රැ 4 - ½ = 14 රැ 4 - ½ = 3 මිනුම හැඩකරගත් උරහිස රේඛාව දිගේ ලකුණු කරන්න. එතැන් සිට පහතට කර ගැඹුර මිනුම ලකුණුකර ඇඳගන්න.

5. එසේම පහත සඳහන් 1, 2 මිනුම ද අඟල් 3 ලකුණු කළ ලක්ෂ්‍යයේ සිට පහතට ලකුණු කර හරස් රේඛා ඇඳගන්න.

 

1.පපුව දක්වා උස + මැහුම් වාසි 8 + ½ = 8½ (පපුව දක්වා උස රේඛාව)

2. ඉණ දක්වා උස + මැහුම් වාසි 14 + ½ = 14½ (ඉණ රේඛාව)

3. කිහිලි කට ඇඳීම සඳහා පපුව වට 32 ක් 37 ත් අතර නිසා අඟල් 08 ක් නැමිම මුදුනේ සිට පහතට ලකුණු කර අත්කට රේඛාව ඇඳගන්න.

4. පපුව වට රැ 4 + 1½ = 32 රැ 4 + 1½ = 9½ අත්කට රේඛාවේ දිග ලෙස ලකුණු කරන්න.

5. ඉණ රේඛාවේ දිග ලකුණු කිරීම - ඉණ වට රැ 4 + 1 = 26 රැ 4 + 1 = 6¾ + 1 = 8½

6. ඉණ පහතට දැමූ තැන රේඛාවේ දිග ලකුණු කිරීම

ඉණ පහතට දැමූ තැන වටරැ4+ඩාර්ට් වාසි+මැහුම් වාසි=34රැ4+1½+1=11

7. මෙසේ ලකුණුකරගත් මිනුම් ලක්ෂ්‍ය අඩි රූලක් මඟින් යා කරගන්න.

 

උපදෙස්  ප්‍රවීණ මැහුම් උපදේශිකා

පුණ්‍යා සමන්ති

 

2019/12/25 තරුණි බලන්න