විලාසිතා ලොව හැඩකරන වැහි කබා

අගෝස්තු 21, 2019

කාන්තා රුවෙහි අලංකාරබව ඉස්මතු කරලීමට විලාසිතාව අතිශයින්ම වැදගත්. ඒ නිසයි වෙළෙඳපොළට නව විලාසිතාවක් පැමිණි විටම එය මිලදී ගැනීමට ඔවුන් සුපුරුදුව සිටින්නේ. නමුත් නිර්මාණශීලී මනසක් ඇත්නම් ඔබට ද විලාසිතාවන් නිර්මාණයකර එම ක්ෂේත්‍රය තුළ නමක් දිනා ගත හැකියි.

මෙවර ච්පඥඵඵ භන තුළින් ගෙන එන්නේ විවෘත විශ්වවිද්‍යාලයේ පවත්වනු ලැබූ බඥයඵබරතඥ නම් උපාධිදාරී ප්‍රදර්ශනයේදී ඉදිරිපත් කළ විලාසිතා පෙළකි. මෙම ඇඳුම් නිර්මාණ එකතුව හඳුන්වනුයේ Fashionable rain wear collection  නමිනි. මේවා වයස අවුරුදු 25 - 35 අතර නාගරික කාන්තාවන් සඳහා නිර්මාණයකර ඇති විලාසිතාමය වැහි කබායන්ය.

මෙහි සංකල්පය වන්නේ ‘වැසි දිනයක්’ ප්‍රසන්න දිනයක් බවට පත්කිරීමය.(To make a rainy day pleasant day)  එමෙන්ම මෙම ඇඳුම් කට්ටලය නිර්මාණය කිරීමට මූලික වශයෙන් හේතු වි ඇත්තේ සමාජයේ කාන්තාවන්ට තිබෙන ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. නූතන සමාජයේ ජීවත්වන කාන්තාවන් බෙහෙවින් විලාසිතාවලට ඇල්මක් දක්වයි. නමුත් බොහෝ කාන්තාවන් වැහි කබා (Rain Coat)  ඇඳීම ප්‍රතික්ෂේප කරයි. එයට හේතුව වන්නේ ඔවුන් දැඩිලෙස ඔවුන්ගේ රූපය ගැන සිතන බැවිනි. ඔවුන් විශ්වාස කරන්නේ වැහි කබා ඇඳීමෙන් ඔවුන්ගේ විලාසිතාමය පෙනුම අඩුවෙන බවයි. අද සමාජයේ බහුතරයක් කුඩා දරුවන් වැහි කබා ඇන්දද තරුණ වියට පත්වනවාත් සමඟම ඔවුන් වැහි කබා ඇදීම ප්‍රතික්ෂේප කරනවා. මන්දයත් වැහි කබාවල පවතින ඒකාකාරි විලාසිතාව, විශාලත්වය, හැඩයක් නොමැතිකම සහ වර්ණයන් නිසයි.

 

 

2019/08/21 තරුණි බලන්න