උත්සව අවස්ථාවන්ට කදිම විලාසිතා

සැප්තැම්බර් 18, 2019

කාන්තාව සහ විලාසිතා අතර ඇත්තේ ඉතා කිිට්ටු සම්බන්ධයකි. අද වනවිට වයස් භේදයකින් තොරව විලාසිතා කිිරීමට බොහෝ දෙනා යොමු වී තිබෙනවා. බොහෝ කාන්තාවන් විලාසිතා ඔස්සේ කැපී පෙනෙන චරිතයක් වීමටයි උත්සාහ ගන්නේ. ඒ කොහොම වුණත් තමන්ට ගැළපෙන අයුරින් විලාසිතා තෝරා ගැනීමට නොහැකි වුවහොත් පවතින සුන්දරත්වය ද විලාසිතාව මඟින් නැති වී යාමට පුළුවන්.

පළපුරුදු මෝස්තර නිර්මාණ ශිල්පියකු වෙත යොමු වී ඔබට ගැළපෙන විලාසිතාවන් නිර්මාණය කර ගත හැකියි. එසේ කරන්නේ නම් එදින ඔබ අන් අය අතර කැපී පෙනෙන චරිතයක් බවට පත් වේවි.

මෙවර ගෙන එන්නේ උත්සව අවස්ථාවන්ට වඩාත් ගැළපෙන ඇඳුම් විලාසිතා කිහිපයකි. වයස අවුරු දු 20 – 30 අතර පසුවන යුවතියන්ට මේ විලාසිතා වඩාත් සුදුසුයි.

 1. ලිලී සිල්ක් රෙද්දෙන් නිම වූ සාරි විලාසිතාවකි. ලේස් රෙද්ද යොදා ගනිමින් මසා ඇති සාරි හැට්ටය සඳහා 3ච් ලේස් සහ පබළු යොදා ගනිමින් අලංකාර කර ඇත.

 2. මේ දිනවල වඩා ජනප්‍රිය සාරි විලාසිතාවකි. සාරිය සඳහා යොදා ගෙන ඇත්තේ ජෝජට් ෂිෆෝන් රෙදි වර්ගයයි. සාරියේ පහළ කොටසට ෆ්‍රිල් කොටස් එකතු කරමින් නිම කර ඇත. සාරි බෝඩරය සඳහා යොදා ගෙන ඇත්තේ ද ෆ්‍රිල් එකකි. ලේස් රෙද්දෙන් මසා ඇති සාරි හැට්ටය සඳහා පබළු යොදා ගෙන තිබේ.

 3. කුඩා මල් මෝස්තරයක් සහිත මැජෙන්ටා පැහැති ෂිෆෝන් සාරියකි. සාරි හැට්ටය සඳහා ලේස් රෙද්දත්, රේන්දත් යොදාගෙන ඇත.

 4. අත් රහිත අලංකාර ගවුම් විලාසිතාවකි. වැලන්ටිනා සහ නෙට් යොදා ගනිමින් නිම කර ඇත.

 5. රෙද්ද සහ හැට්ටය ලෙස මසා නිම කර ඇත. රෙද්ද සඳහා ජෝජට් ෂිෆෝන් වර්ගයත් හැට්ටය සඳහා බ්ලොක් සැටින් වර්ගය යොදා ගෙන තිබේ.

ෂිෆෝන් වර්ගයත් හැට්ටය සඳහා බ්ලොක් සැටින් වර්ගය යොදා ගෙන තිබේ.

 

2019/09/18 තරුණි බලන්න