මල් මංගල්ලෙට නවීන ක්‍රමයට ඔසරි විලාසිතාවෙන් සැරසෙන්නට කැමැති අයට

පෙබරවාරි 5, 2020

පතිනියක ලෙසින් සිය පෙම්බරයාගේ අතගෙන කූඩු තනන්නට සිහින මවන දා නිතැතින්ම ඇගේ සිතට නැගෙනුයේ මල් මනාලියක ලෙසින් හැඩවැඩ වෙන්නේ කොහොමද කියායි.

විවාහ මංගලෝත්සවය සඳහා දිනයත්, හෝටලයත් වෙන්කරවා ගත් පසු තමා උඩරට, පහතරට, හින්දු, බටහිර.... මේ ආදී කවර විලාසිතාවක් කරා යන්නේ දැයි සිතයි.

ඉතින් අද බොහෝ දෙනාගේ වැඩි කැමැත්ත ඔසරිය ඇඳ උඩරට මනාලියක ලෙසින් හැඩවැඩ වීමට යි. දැන් ඔබ පිය නැඟිය යුතුවන්නේ සුන්දර මනාලියක ලෙසින් ඔබට හැඩවැඩ ගන්වන හැඩ ගැන්වීමේ ශිල්පියා හෝ ශිල්පිනිය වෙතයි. අනතුරුව ඇඳුම් නිර්මාණ ශිල්පියා හෝ ශිල්පිනිය වෙතයි.

මෙහිදී ඔබේ සිරුරට, උසට, මහතට, මනාලයාගේ ස්වරූපයට ගැළපෙන විලාසිතාවකින් විනා සඟරාවල, පුවත්පත්වල, වෙබ් අඩවිවල ඇති මෝස්තරවලට අනුව නොවේ. ඒවායින් ගතහැකිවන්නේ අදහසක් ම පමණි. බහුතරයක් යුවතියන් ඡායාරූප ආදිය පෙන්වමින් තමාව කෙසේ හෝ මෙලෙස අන්දවන්න යැයි බලකර සිටියි.

එවැනි ඡායාරූප ගෙනයන විටදී දක්ෂ ඇඳුම් නිර්මාණ ශිල්පියකු නම් ඉන් අදහසක් පමණක් ගන්නවා විනා එය මනාලියගේ සිරුරට ගැළපෙන්නේ දැයි විමසිලිමත් වෙයි. එතරම් උස නැති යුවතියක් උඩරට මනාලියක ලෙසින් සැරසීමට හිතන්නේ නම් ඒ පිළිබඳ සිතට ගත යුතුයි.

ඇතැම් මිටි යුවතියන්ගේ පපුව, ඉණ, උකුළ අතර එතරම් පරතරයක් නැති තරම්ය. එවිට මනාලයා උස නම් අඩි උස පාවහන්වලින් උස පෙනෙන පරිදි හැඩගැන්විය හැකියි. පහළට ඉරි මෝස්තර ඇති ලේස් රෙදිගෙන ඔසරිය නිර්මාණය කිරීමෙන් මිටිබව තරමක් දුරට පහව යාවි. කොහොමත් ඔසරිය නිර්මාණය කරනුයේ තරමක් උස පෙනෙන ලෙසයි.

 

සාම්ප්‍රදායික ඔසරි විලාසිතා ලබන සතියේ....

 

අදහස් දැක්වීම - ‘අමා’ බ්‍රයිඩල් ඩිසයිනර් හි

ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී

අමා චතුරිකා දේශප්‍රිය

2020/02/05 තරුණි බලන්න