වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
මෙන්න අලුත්ම විලාසිතා රැල්ල

අඩු වියදමින් පැච්වර්ක් රටාවන්
විලාසිතා කාලයෙන් කාලයට අලුත් වෙනවා. දැන් පවතින විලාසිතා රැල්ල නම් කාන්තාවන්ගේ මුදල් පසුම්බියටත් එතරම් බරක් නොවන විලාසිතා රැල්ලක්. ඉතුරු බිතුරු රෙදිවලින් මවන පැච්වර්ක් රටාවන්ගෙන් තමයි මේ විලාසිතා හැඩවෙලා තියෙන්නෙ. බලන්න, පොඩි රෙදි කෑල්ලකින් අපේ ඇඳුමකට මොන තරම් අලංකාරයක් දෙන්න පුළුවන් ද කියලා.
කාන්තාවන්ට විතරක් නෙවෙයි පිරිමින්ටත් පැච්වර්ක් රටා කමිස, කලිසම් හැඩ කරන්න යොදාගන්න පුළුවන්.
බලන්න, ගවුම, සාය, බ්ලවුසය, විවිධ පැච්වර්ක් රටාවන්ගෙන් ලස්සන කරලා තියෙන අපූරුව.