වර්ෂ 2025 ක්වූ July 07 වැනිදා Monday
ඔබේ නිවෙසත් ලස්සනට පාට කරන්න

උත්සව සමයට විතරක්ම නෙමේ. හැමදාම පී‍්‍රතිමත්, සුන්දර නිවෙසක ජීවත්වන්නට කවුරුත්ම අකැමැති නෑ. නිවෙසක පිරිසුදුකම, පිළිවෙළ නිවෙසේ සතුට දෙගුණ, තෙගුණ කරනවා. උත්සව සමයේ දී සාමාන්‍ය දවසට වඩා වැඩිපුර
නිවෙස පිරිසුදු කරනවා.
ලස්සන කරනවා. ඉතින් නිවෙසේ පිරිසුදු කිරීම් කරන අතරේම මෙන්න මේ විදියට නිවෙසත් පාට කරලා බලන්න ඔබට පුළුවන්. නිවෙසේ එක් එක් ස්ථානයන්ට උචිත අයුරින් තෝරාගත් වර්ණවලින් යුතු තීන්ත ඔබේ නිවෙස තවත් ලස්සන කරාවි.
සාලය
අමුත්තකු නිවෙසට පැමිණි විගසම මුලින්ම නෙතට හසුවන්නේ සාලයයි. ඔබ සංග්‍රහ කරන තුරු අමුත්තා අසුන්ගෙන සිටින්නේ, සාලය තුළයි. සමස්ත නිවෙසේ තත්ත්වය පිළිබඳ සහ නිවැසියන් පිළිබඳ ආකල්පයක් ඇතිකරගනු ලබන්නේ සාලය තුළදීය. එම නිසා මේ උත්සව සමයේ ඔබගේ නිවෙසට ගොඩවදින අමුත්තන් වෙනුවෙන් ඔබගේ සාලය පි‍්‍රයජනක ස්ථානයක් ලෙස තබන්න.
නිවෙසේ ආලින්දයේ නැතිනම් සාලයේ කොළ වර්ණය ගැල්වීම ඉතා සුදුසුයි. එයට හේතුවන්නේ කොළ වර්ණය දැකීමෙන් කෙනකුගේ සිතේ සාමය, නැවුම්බව, නිදහස්බව ඇතිවන බැවිනි. යම් කෙනකු කෝපයෙන් ඔබේ නිවෙසට ගොඩවැදුණත් මඳ වේලාවක් ගතවන විට ඔහුව සන්සුන් කරවීමේ හැකියාවක් කොළ වර්ණයට තිබෙනවා.
කෑම කාමරය සහ කුස්සිය
රතු වර්ණයට කුසගිනි ඇතිවන බව කියැවෙනවා. එමෙන්ම රතු වර්ණයෙන් ක්‍රියාශීලී බවක් ද ඇතිවෙනවා. මේ නිසා රතු පැහැය කෑම කාමරයට හා කුස්සියට හොඳින් ගැළපෙනවා.
නමුත් මෙම වර්ණයෙන් මඳක් ළා පැහැති වීමත් ඉතාම වැදගත්.
නිදන කාමරය
දවසේ කටයුතු අවසානයේ දී, ඔබේ ගතත්, සිතත් නිදහස ඉල්ලා සිටිනවා. ඔබේ ශරීරයට පී‍්‍රතිමත් මෙන්ම සුවදායී සැහැල්ලු නින්දක් අවශ්‍ය වන්නේ එබැවිනි. එය නම් සැහැල්ලු වූ ස්ථානයක්ම විය යුතුයි. නිල් වර්ණයෙන් සිතට සැහැල්ලුවක්, විවේකී බවක් ලබාගැනීමට පුළුවන්.
දම් වර්ණයත් සිතට නිසංසල සහ සුවදායී හැඟීම් රැගෙන එනවා. මේ නිසා නිදන කාමරවලට දම් වර්ණයත් මනාව ගැළපෙනවා.
දරුවන්ගේ කාමරයත් ලස්සනට තබන්න
පුංචි දියණියකගේ කාමරයට ළා රෝස පැහැය හොඳින් ගැළපෙනවා. පුංචි සිත සන්සුන් කරවන්නට මෙම වර්ණයට පුළුවන්.
පුතකුගේ කාමරයට නම් රිදී පැහැය මනාව ගැළපෙනවා. එය දරුවාගේ මනසට ජවයක් ගෙන එනවා. නමුත් ගොඩක් දඟ දරුවකුගේ කාමරයට නම් ගැළපෙන්නේ නිල් වර්ණයයි. එයට හේතුව වන්නේ නිල් වර්ණයට සිත සන්සුන් කරවීමේ හැකියාවක් තිබීමයි.
විවේක කාමරයට
ඔබේ නිවෙසේ විවේක ගැනීමට වෙනම ස්ථානයක් ඇත්නම්, එයට ගැළපෙන්නේ ළා නිල් සහ දම් වැනි වර්ණයි. ඔබේ විවේකී මොහොත පී‍්‍රතිමත් කිරීමට ඉන් හැකිවේවි.
කියවීම් කාමර
දරුවන්ට පාඩම් කිරීමට වෙන්කළ කාමරවලට ළා කහ වර්ණය ඉතාම සුදුසුයි. මෙයට හේතුවන්නේ කහ වර්ණය සිතේ උද්‍යෝගයය වැඩිකර, සතුටු ස්වභාවයක් ලබාදීමයි. කහ වර්ණයෙන් සිතේ මතක ශක්තියත් වර්ධනය වෙනවා.
නිවෙසේ ඉඩකඩ අඩු නම්
ඔබේ නිවෙසේ යම් කාමරයක බඩු භාණ්ඩ වැඩියි නම් ඉඩකඩ නොමැතිව අවහිර වී පෙනෙන්නට තිබේනම් ඔබට ගැල්විය හැකි හොඳම වර්ණය සුදු වර්ණයයි. ඊට හේතුවන්නේ සුදු වර්ණයෙන් කාමරයක ඉඩ වැඩිකර පෙන්වීමට හැකියාවක් ලැබීමයි.
නමුත් හොඳින් මතක තබාගන්න. මෙම සෑම වර්ණයක්ම මඳක් ළා පැහැති වීමත් ඉතාමත් වැදගත්.
තීන්ත ආලේප කළ පමණින් නිවෙසේ සුවදායී බව, සතුට රැඳෙන්නේ ද නැහැ. නිවෙස පිරිසුදුව සහ මනාව පිළියෙල කර තැබීම ද අත්‍යවශ්‍යම වුවක්. පිරිසුදු, පිළිවෙළ නිවෙසට ලස්සනට තීන්ත ආලේප කළා නම් නිවෙස තවත් ලස්සන වේවි. ඉතින් ඔබටත් මේ උත්සව සමයේ නිදහසේ පී්රතිවන්නට පුළුවන්.