ඔබාමාගේ නෝනා තේ බිව්වෙත් ලංකාවේ කෙල්ලෙක්ගෙන්

ජුනි 19, 2019

හැකියාව සහ දක්ෂතාව තියෙනවානම් කෙනෙක්ට මොනවද කරන්න බැරි. බලන්නකො ලංකාවේ තරුණියක් ඇමෙරිකාවට ගිහින් ලංකාවෙ නම තියපු විදිය. මෙයාගෙ නම ශෂී චන්ද්‍රන්. දැන් වයස අවුරුදු 33 යි. තාත්තා ලාංකිකයෙක්. අම්මා චීන ජාතික කාන්තාවක්.

මේ දෙන්නා 70 අගභාගයේ ඉඳලා තමයි කැලිෆෝනියාවල ජීවත්වෙන්නේ. මේ දෙන්නගෙ දුව තමයි කැලිෆෝනියා ප්‍රාන්තයේ අතිශය ජනපි‍්‍රයත්වයට පත්වුණු ඊඥච ච්පධනඵ ව්‍යාපාරයේ හිමිකාරීත්වය දරන්නේ. පහුගිය දවසක ‘ජ්ධපඡඥඵ’ සඟරාව ඇය සමඟ කළ කතාබහකදී ඒ ගැන කිව්වෙ මෙහෙමයි.

“මගේ උසස් අධ්‍යාපන කටයුතුවලින් පස්සේ මුලින්ම රැකියාව සඳහා යොමුවුණේ ඉන්ටර්නෙට් එකෙන් භාණ්ඩ අලෙවි කරන වෙබ්සයිට් එකකට. ඒ නිසා අපේ රාජකාරි වැඩ එන්න එන්නම වැඩිවුණා. මොකද ඒක සෑහෙන ජනපි‍්‍රය වෙබ්සයිට් එකක්. ඒ කාලේ අපේ අම්මලා, තාත්තලා ආර්ථික අතින් සෑහෙන ප්‍රශ්න ගොඩක හිරවෙලා හිටියේ.

අමෙරිකා එක්සත් ජනපදය කියන්නේ ඒකේ ඉන්න මිනිස්සු තේ බොන්න කැමැති වුණත් මහන්සි වෙලා තේ එකක් හදාගන්න කම්මැළි ජාතියක්. ඉතින් මට හිතුණා ඒකට විකල්පයක් හොයාගන්න ඕනෙ කියලා. අන්න ඒකෙන් තමයි විකල්පයක් විදිහට මට ටී බෑග්ස් ගැන කල්පනාවක් ඇතිවුණේ. ඒත් ටික දවසක් යද්දි මට ඒක හරියන්නේ නෑ කියලා හිතුණා. මොකද අවශ්‍ය විදිහට සීනි එහෙම දාගන්න වෙන්නේ නැති හින්දා. අන්න ඒ නිසා තමයි මම ස්වාභාවික තේ කොළ එකතු කරලා කැටයක් විදිහට හදලා විවිධ හැඩයෙන්, විවිධ රසයෙන් වෙළෙඳපොළට ඒවා යොමු කළේ.

මගේ තාත්තා ගොඩාක් කලකට ඉස්සෙල්ලා ලංකාවේ තේ ව්‍යාපාරය එක්ක සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා. අන්න ඒකත් මට ලොකු පිටිවහලක් වුණා. කැලිෆෝනියා ප්‍රාන්තය වගේම අනිත් ප්‍රාන්තවලත් මේ ටී ඩ්‍රොප්ස් එක සෑහෙන ජනපි‍්‍රයයි. අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ බිරිය මිෂෙල් ඔබාමාත් මගේ නිෂ්පාදන ගැන වර්ණනා කරලා මට ස්තුති කළා”

‘ඉතින් ශෂීට එහෙම කරන්න පුළුවන් නම් ඇයි ඔබට බැරි ? උත්සාහය දක්ෂතාව තියෙනවා නම් තව මොනවද බැරි.....

 

Try and try,
one day you can fly !