1970 LOVE STORY 09 වැනි දා සිට

පෙබරවාරි 12, 2024

70 දශකයට ඔබව රැගෙන යමින් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන සිනමාවට තිළිණ කරන ‘1970 LOVE STORY‘ මේ මස 09 වැනිදා සිට තිරගත වීම ඇරඹීය.

70‘ දශකයේ එක් කාල වකවානුවකදී සීතල කඳුකරයේ තේ වතු ආශ්‍රිත සුවිසල් බංගලාවක චිත්‍රපටයක් රූගත කිරිමේදී එම කණ්ඩායමට මුහුණපෑමට සිදු වූ අද්භූත සිදුවීම් මාලාවක් මත ගලා යන සොඳුරු ආදර කතාවක් මෙයට පාදකව ඇත. ත්‍රාසය, භීතිය, කුතුහලය හා අනුවේදනීයත්වය කැටි වූ ක්ලිෆර්ඩ්, ෂෙරීන් සහ රෙජිනෝල්ඩ් යන චරිත මුලික කරගත් ‘1970 LOVE STORY ‘ සිනමාපටය අතිශය රමණීය වූ සිනමා නිර්මාණයකි.

හේමාල් රණසිංහ, ගම්‍යා විජේදාස, අශාන් ඩයස්, සඳනි ප්‍රනාන්දු, බිමල් ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, දිනෙත් ද සිල්වා, සරත් කොතලාවල, සමන් හේමරත්න, අසංග පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි, දයා වයමන්, සුනෙත් මැල්සිරිපුර ඇතුළු රංගන ශිල්පීන් රැසක් මෙයට රංගනයෙන් දායකව ඇත. ගීත ගායනයෙන් සුරේන්ද්‍ර පෙරේරා, සමිතා මුදුන්කොටුව, ඉන්දික රුවන් (රූනී) හා සුර්යා දයාරුවන් ද ගී පද රචනයෙන් ශෙහාන් ගලහිටියාව, දුමින්ද අලහේන්ද්‍ර සමඟින් පූජ්‍ය කුට්ටිකුලමේ පේමාලංකාර හිමි ද, ගී තනු නිිර්මාණයෙන් චින්තක ජයකොඩි, තිළිණ රුහුණගේ සහ මංගල ගලප්පත්ති එක් වූ මෙහි සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩිගෙනි. කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, සංස්කරණයෙන් තිස්ස සුරේන්ද්‍ර, වර්ණ සංයෝජනයෙන් අසංක වික්‍රමසිරි, අංග රචනයෙන් සමරසිරි කඳනගේ, කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් ප්‍රේමරත්න, සහය අධ්‍යක්ෂයෙන් දමින්ද ඩී. මඩවල සමඟින් ඉඳුනිල් දැරණියගල ද රේඛීය නිෂ්පාදනයෙන් ඒශාන් ඒකනායක සහ නිෂ්පාදන කළමණාකරණයෙන් අසංග පෙරේරාත්, සටන් අධ්‍යක්ෂණයෙන් වසන්ත කුමාරවිල සහ නර්තන වින්‍යාසයෙන් ගයාන් ශ්‍රී මාල් එක් වූ ‘1970 ලව් ස්ටෝරි‘ ආචාර්ය සමන් එදිරිසිංහගේ නිෂ්පාදනයකි.