දියණියගේ හොඳම යාළුවා වෙන්න ඕනෙ අම්මා

අගෝස්තු 21, 2019

- සුසන්තා චන්ද්‍රමාලි

සුර විමන් පසුකර සසර ලුහුබැඳ

ඇවිත් දුන් පදවිය අගේ

සක්වල දහස් තැන නොමැති අබිමන්

ඔබයි මට දුන්නෙ දුවේ

ඒ කිරුළ මට දුන්නෙ දුවේ....

 

රචනා කළ මේ ගීතය හඬින් ගැයෙන විට අප සිත්තුළ නැගෙන්නේ මවක තම ආදරණීය දියණියට දක්වන දයාව සහ සෙනෙහසයි.

මවක හා දියණියක අතර ඇති බැඳීම ද අපූර්ව වූවකි. ඒ බැඳීම සම කළ හැකි කිසිවක් ලොව නොවේ. ඉතින් මේ ආදරණීය බැඳීම අතර මවගේ අඩිපාරේ යමින් ඇගේ නම බබලවන දියණියන් සුලබ නැත. දියණියක් තම අඩිපාරේ යමින් තමන්ටත් වඩා දුරක ඒ මඟ යනු බලා ඇය අපමණ සතුටක් ලබති.

ඒ පිළිබඳ ආඩම්බර වෙයි. තම මවගේ අතේ එල්ලී ඇවිත් ඇය ගිය මඟම යන්නට ලැබීම පිළිබඳ උදම් වෙයි. මෙවැනි මවුවරුන් හා දියණියන් වෙනුවෙන් පිදෙන අපේ උත්තමාචාරය අම්මයි දුවයි විශේෂාංගය හරහා අද සිට දිග හැරේ.

පුංචි තිරයේ අහිංසකාව ලෙසින් අභිසෙස් ලද ආදරණීය අම්මාත් රංගනයේ නිම්වළලු පුළුල් කරමින් දක්ෂ චරිතාංග නිළියක ලෙස පෙරට ඇදෙන ආදරණීය දියණියත් අපි ඔබ හමුවට ගෙන එන්නෙමු. ‘සුසන්තා චන්ද්‍රමාලි‘ අද අපේ ආදරණීය අම්මා ඇයයි. ඇගේ අඩිපාරේ යන දියණිය ‘තිසුරි යුවනිකා’. මවගේ රුව මෙන්ම හැකියාව ද අපූර්ව ලෙස දායාද කරගත් දියණියයි.

 

මුලින්ම අපත් සමඟ පිළිසඳරට එක්වුණේ අම්මා.

කොහොමද ඔබ රංගනයට පිවිසුණේ? දැන් ඉන්න තරුණ පිරිස ඒ ගැන දැනගන්න කැමැති වේවි.

1986 අවුරුද්දේදී ජාතික තරුණ සේවා සභාවේ. මාතලේ දිස්ත්‍රික්කයේ පැවැති යොවුන් කුමරිය තේරීමේ තරගයෙන් යොවුන් කුමරිය ලෙස කිරුළ පලඳින්න මට අවස්ථාව උදාවුණා. ඒ කාලෙදි චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ඩග්ලස් රණසිංහ මහත්තයා එයාගෙ චිත්‍රපටියකට නවක මුහුණක් හොයලා. මම ගැන දැනගත්තට පස්සෙ මට ඒකට ආරාධනා කළා. නමුත් ඔහුගේ ටෙලිනාට්‍යයක් වුණ ‘රන්මසු උයන’ ටෙලිනාට්‍යයේ සුහානි කියන තරුණියගෙ චරිතය තමයි මම මුලින්ම රඟපෑවේ. පස්සෙ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ විජය ධර්මශ්‍රී මහත්තයා ‘චාරුලතා’ ටෙලිනාට්‍යයට මාව තෝරාගත්තා. රූපවාහිනියෙ විකාශය වූ මම රඟපෑ පළමු ටෙලිනාට්‍ය වුණේ ඒක. ඒ විදිහට ආරම්භ වුණ මගේ රංගන ගමන තාමත් යනවා.

රංගන ශිල්පිනියක් වීමේ ආශාව පුංචි කාලෙ ඉඳලම තිබුණද?

නැහැ. මගේ කැමැත්ත තිබුණෙ හෙදියක් වෙන්න. විවිධ රෝගාබාධවලට ලක්වෙලා මානසිකව අසරණවෙලා ඉන්න රෝගීන්ට සාත්තු කරන ආසාව පුංචි කාලේ ඉඳලා මගේ හිතේ තිබුණ දෙයක්. ඒ හීනය අදටත් මගේ හිතේ තියෙනවා.

නමුත් ඔබ ජනප්‍රියවෙන්නෙ රංගන ශිල්පිනියක් විදිහට ඒ පේ‍්‍රක්ෂක ආදරය අදටත් තියෙනවා. ඒකට හේතුව කුමක්ද?

මගේ රංගන ජීවිතයට දැන් අවුරුදු 30 කටත් වැඩියි. මම කලාවට අඩිය තිබ්බෙ දවසෙ ඉඳලා කලා ලෝකයේ පතාක යෝධයෝ වගේ හිටපු නියම කලාකරුවො එක්කයි වැඩකරන්න ලැබුණේ. එයාලගෙ ගුරුහරුකම් මැද වැඩකළ නිසා

වෙන්න ඇති ඒ ජනප්‍රියත්වය වෙනස් නොවී අදටත් තියෙන්නෙ.

 

2019/08/21 තරුණි බලන්න