සත්තයි මට ඔබ වගේ

-දිල්කි උරේෂා
නොවැම්බර් 6, 2019

මෙවර තරුණී කවරය සරසන්නේ හැඩකාර නවක ගායන ශිල්පිනියකගේ රුවිනි. මේ දිනවල සමාජ මාධ්‍ය ජාල තුළ බොහෝ ප්‍රචලිත ‘සත්තයි මට ඔබ වගේ’ කියන ගීතය හරහායි ඇය ඔබ හමුවට එන්නේ. ඒ ගීතයේ හිමිකාරිය වූ ඇය දිල්කි උරේෂා.

ටෙලි නාට්‍ය කිහිපයකම තේමා ගීත ගායනා කරන දිල්කි පසුගිය දා මොනරාගල සිලාන්රිච් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වූ ශ්‍රී ලංකා ෆේෂල් රෙකෝඩ් අවස්ථාවට පැමිණ සිටියා.

ඇය අප හා එක්ව ඇගේ නවම තොරතුරු පැවසුවේ මෙලෙසිනි.

ඔබේ අලුත්ම ගීතය වාර්තා සහගත ලෙස පේ‍්‍ර්ක්ෂකයන් වැඩි පිරිසක් නරඹා තිබුණා

ඔව්. ‘සත්තයි මට ඔබ වාගේ’ ගීතය මම හිතන්නෙවත් නැති තරම් trending ආවා. අශාන් ප්‍රනාන්දු සහ නිසල් ප්‍රනාන්දු සමඟ එකතු වෙලයි මේ ගීතය කළේ. අපි හිතුවේ නෑ මේ ගීතය මෙතරම් ජනපි‍්‍රය වෙයි කියලා.

ඇත්තටම මේක කලින් වොයිස් කරලා තිබ්බ එකක්. කාලයක් ගිහින් තමයි Youtube දැම්මේ. මේ ගීතය දැනටම මිලියන තුනකට වැඩි ප්‍රමාණයක් නරඹලා තියෙනවා.

දැනට ගීත කොපමණ එළිදක්වා තියෙනව ද?

මම මුලින්ම කළේ අශාන් ප්‍රනාන්දු එක්ක ‘මගෙත් ආයුෂ’ කියලා ගීතයක්. ඊටපස්සේ තමයි අශාන් අයියාගේ ‘මං පතනවා’ කියන පිළිතුරු ගීතය කරන්නේ.

ඉන්පසුව මම තේමා ගීතවලට යොමුවනවා. දැනට මම තේමා ගීත හතරක් කරලා තියෙනවා. ඒ ‘හීනයක් ද මේ’, ‘ආදර මායාව‘, ‘උරුමයක් අරගෙන’, “ඇලඩින්’ කියන ටෙලි නාට්‍යවල.

ඉන්පසු මමCover Song කරන්න ගන්නවා. දූලීක අයියයි, නිසල් අයියයි එක්ක ‘ඔබට ආදරෙයි මා’, ‘එක දවසක් එන්න සොයා’ කියන covers දෙකක් කළා. මෑතකදී ‘Hare Hare Hare’  කියන හින්දි ගීතයේ සිංහලVersion  එක විදිහට තමයි ‘සත්තයි මට ඔබ වාගේ’ කියන Cover Song  එක කළේ.

ගීත ගායනයට යොමු වුණේ කොහොම ද?

මගේ ගම යක්කල. මම පාසල් ගියේ යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයට. අනුර මධ්‍ය මහා විද්‍යාලය කියන්නේ කලාව වෙනුවෙන්ම බිහිවුණු පාසලක් කිව්වොත් නිවැරැදියි. මේ වනවිට මගේ පාසලින් සෑම අංශයකින්ම වගේ කලාකරුවන්, කලාකාරිනියන් බිහිවෙලා තියනවා. මට මූලාරම්භය වුණෙත් මගේ පාසල තමයි. පුංචි කාලේ ඉඳන්ම හීනය වුණේ සංගීත ගුරුවරියක් හෝ ගායිකාවක් වෙන්න. ඒ වෙනුවෙන් මම ගොඩක් මහන්සි වුණා. ඒක මගේ නිවැරැදි ගමන් මාර්ගය බව දැන් මට වැටහෙනවා.

2019/11/06 තරුණි බලන්න

ඡායා -  ශාන් රූපස්සර