ව්‍යාපාරික කටයුත්තකටත් පදිංචියටත් දෙකටම ගැළපෙන නිවහනක්

අගෝස්තු 7, 2019

නිවෙසක් තැනීමට ගතවන කාලය ඉතා වැදගත්ය. එය නිවෙසින් නිවෙසට වෙනස්. ඇතැම් නිවාස ඉතා ඉක්මනින් සාදා අවසන් කිරීමට වාසනාව උදාවෙයි.

එහෙත් ඇතැම් නිවාස ආරම්භ කළ දිනයේ සිටම විවිධ බාධක පැමිණෙයි. මෙසේ ප්‍රමාදවීමට එක් හේතුවක් වන්නේ නිවෙසේ සැලසුමයි. එම සේවාදායකයාගේ ආර්ථිකයට ගැළපෙන අයුරින් ඔවුන්ගේ සිතැඟි, අපේක්ෂා ඉටුවන අයුරින් ඉක්මනින් සාදා නිමකළ හැකි ආකාරයට තිබෙන සැලසුමක් නිර්මාණය කරදීමට දක්ෂ නිර්මාණ ශිල්පියකු සොයාගත යුතුයි. එසේම එම නිවෙස ඉඩමේ ප්‍රමාණයට, හැඩයට ගැළපෙන ලෙසින් නිර්මාණය කිරීමයි වඩාත් වැදගත් වන්නේ.

පර්චස් 6ක මෙම නිවෙස, පිහිටියේ අතුªරුගිරිය ප්‍රදේශයේය. එම ඉඩම ත්‍රිකෝණාකාර හැඩයක් ගැනීම නිසා ඉඩමේ පිහිටීම අනුව නිවාස සැලසුම නිර්මාණය කිරීම නිර්මාණ ශිල්පියාට තිබූ ලොකුම අභියෝගයයි. ඒ සඳහා නිර්මාණ ශිල්පියා සාර්ථක උපායක් යොදාගෙන තිබුණි.

එසේම මෙම දෙමහල් නිවෙසේ ඉහළ මාලයට නැඟීමට හැකි ආකාරයට තරප්පු පෙළ නිවෙසේ ඉදිරි පසින් නිර්මාණය කරන ලදී.

උපදෙස්

කැදැල්ල හෝම්ස් හි අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය මහින්ද ඒකනායක

 

 

2019/08/07 තරුණි බලන්න