අසිරිමත් නත්තල් කෑම මේසය හැඩ කරන රස කැවිලි

නොවැම්බර් 27, 2019

ක්‍රිස්මස් ෂුගර් කුකීස්

Christmas Sugar Cook

 

නත්තල වෙනුවෙන් සකසන කුකීස් වර්ගයකි. වර්ණවත් නිසා පොඩිත්තනුත් ආස වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

කුකීස් සඳහා

බටර් කප් 1 ක්

සීනි කප් 1 1/2 ක්

බිත්තර 2 ක්

වැනිලා තේ හැඳි 2 ක්

පාන් පිටි කප් 3 1/2 ක්

බේකිං පවුඩර් තේ හැඳි 1 ක්

ලුණු තේ හැඳි 1/2 ක්

 

ග්ලේස්ඩ් අයිසිං සඳහා

බටර් ග්‍රෑම් 50 ක්

අයිසිං ෂුගර් ග්‍රැම් 150 ක්

රතු සහ කොළ පැහැති වර්ණක

 

සාදන ක්‍රමය

පළමුව බටර් සහ සීනි ක්‍රීම් වනතුරු බීට් කරගන්න. එයට බිත්තර සහ වැනිලා එක් කරගන්න. පිටිවලට බේකිං පවුඩර් මිශ්‍ර කර එයත් බටර් මිශ්‍රණයට එක්කර මිශ්‍ර කරගන්න.

සාදාගත් ඩෝ එක ශීතකරණයේ පැයක් තබන්න. පැයකට පසු එළියට ගෙන අඟල් 1/4 ක ඝනකමට තුනී කර කැමැති හැඩයකට කපාගන්න. නත්තල් සමය නිසා නත්තල් ගසක හැඩයට කපා ගන්නත් පුළුවන්.

ඉන්පසු සෙල්සියස් අංශක 180 ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 10 ක් 15 ක් බේක් කරගන්න. බේක් වූ කුකීස් දැලක් මත නිවෙන්නට හරින්න.

ග්ලේස්ඩ් අයිසිං සෑදීම සඳහා බටර් ග්‍රෑම් 50 ගෙන ඩබල් බොයිල් ක්‍රමයට උණු කරගන්න. එයට අයිසිං ෂුගර් එකතු කර ටික ටික මිශ්‍ර කරගන්න. මිශ්‍රණය ඝන වී එන විට එම මිශ්‍රණය කොටස් දෙකකට බෙදා එක කොටසකට කොළ වර්ණකයත් අනෙක් කොටසට රතු වර්ණකයත් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු එම මිශ්‍රණය කැමැති ආකාරයට කුකිස් මත වත් කර සරසා ගන්න.

2019/11/27 තරුණි බලන්න