අවුරුද්දට වාහනයට හරි අපූරු resing car charm එකක්

අප්‍රේල් 1, 2024

අලුත් අවුරුද්ද ලබද්දි චාරිත්‍ර වාරිත්‍ර, කැවිලි පෙවිලි, ගනු දෙනු, නෑගම් වගේ හැමදේම ගැන කතා කරද්දී තෑගි හුවමාරුවත් හරි හරියට සිද්ධ වෙනවා. හැමෝම අමාරුවේ වැටෙන තැනක් තමයි ඉතින් තෑගි හුවමාරුව කියන්නේ.

මොකද ඉතින් මං මොකක්ද එයාට මේ අවුරද්දට අරන් දෙන්නේ කියලා දස අතේ කල්පනා කරන්න වෙනවනෙ. හැබැයි හැමදාම කඩෙන් ගත්ත මොකක් හරි දෙයක් දෙනවට වඩා තමන්ම අතින් හදපු දෙයක් මේ අවුරුද්දට තිළිණ කරන්න පුළුවන් කියන්නේ ඒ තමයි හරිම අවුරුදු තෑග්ග. අද අපි හදන්න යන්නේ ඒ වගේ තමන්ටම අතින් හදාගන්න පුළුවන් resing car charm එකක්. මේකට කා හැගර් කියන්නත් පුළුවන්. සමහර අය කා ඩෙකෝ කියලත් කියනවා.

මේ නිර්මාණය සඳහා අද අපි තෝරාගෙන තියෙන්නේ බුදු රුවක්. බුදුන්ගේ ආශීර්වාදයත් එක්ක යන එන ගමන බිමන ආරක්ෂා සහිතව පිටත් වෙන්නනේ ගොඩක් අය කැමැති. බුදු රුවක් දකිද්දි හිතේ ඇතිවන භක්තිය.. නිස්කලංක භාවය සහ ශ්‍රද්ධාවත් එක්ක රියැදුරු අසුනේ හිඳගන්නා ඔබට මෙය ආශිර්වාදයක්ම වේවී. හැබැයි වෙනත් ආගම්වල අයට පුළුවන් ඔවුන්ගේ ආගමිකයකුගේ රුවක් මේ වෙනුවෙන් එකතු කරගන්න.

මේ රෙසින් නිර්මාණය සැකසුමට පළමුව රෙසින් සහ හාඩ්නර් යන රසායනික දියර වර්ග දෙක, එකට මිශ්‍ර කිරීම කළ යුතුයි. ඒ සඳහා රෙසින් කප් එකක් ගෙන එයට රෙසින් සහ හාඩ්නර් 2:1 අනුපාතයට දමාගෙන හොඳින් මිශ්‍ර කරගන්න. මෙය මිශ්‍රකර ගත යුතු වන්නේ එක් පැත්තකට වන ලෙසය. නැතිනම් මිශ්‍රණයේ වායු බුබුලු මතුවීමෙන් ගුණාත්මක නිර්මාණයක් කර ගැනීමට නොහැකි වේවී.

මෙසේ විනාඩි 2-3ක් මිශ්‍ර කරන විට වතුර මෙන් පිරිසුදු විනිවිද පැහැයක් පැමිනුණ විට එය හොඳින් මිශ්‍ර වී ඇති බව වැටහේවී.

මේ සඳහා යොදාගෙන තියෙන්නේ සෙන්ටිමීටර් 5 ප්‍රමාණයේ රවුමක සහිත මෝල්ඩ් එකක්.

ඒ විදිහට මෝල්ඩ් එක සූදානම්කර ගනිද්දි වර්ණක ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. රෙසින් නිර්මාණ සඳහා යොදා ගන්නේ මයිකා පවුඩර් වර්ගයයි. මෙය නිර්මාණය කිරීමට අප භාවිත කරන්නේ කළු පැහැ වර්ණයයි. ඉහත සකසා ගත් රෙසින් මිශ්‍රණයෙන් කොටසක් කප් එකකට දමා කළු පහැ මයිකා පවුඩර් එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසු කළු පහැ වර්ණකය මෝල්ඩ් එකට එක් කරන්න. මුලින්ම රවුම් මෝල්ඩ් එකට විනිවිද පෙනෙන රෙසින් ලේයර් එකක් දමා පැය කිහිපයක් හොඳින් වියැළෙන්න තබන්න. ඉන්පසු ඉහත සැකසු කළු පැහැ වර්ණකය ඊට උඩින් ලේයර් එකක් ලෙස දමා ගන්න. එය වියැළි ඇලෙන මට්ටමට එන විට මෝල්ඩ් බුදු රුව සහිත ස්ටිකරය අලවාගන්න.

මේ car charm එක නිර්මාණයකර ගැනීමට යොදාගත්තේ ක්ලියර් ස්ටිකර් එහෙමත් නැතිනම් ට්‍රාන්ස්පේරන්ට් ස්ටිකර් කියලත් මේවා හඳුන්වන්න පුළුවන්. අන්තර්ජාලයේ මෙවැනි ස්ටිකර් කිහිපයක් බාගතකරගෙන තමන්ගේ කී ටැග් මෝල්ඩ් එකේ ප්‍රමාණයට ගැළපෙන පරිදි ට්‍රාන්ස්පේරන්ට් ශීට් එකක ප්‍රින්ට්කර ගැනීම කළ යුතුයි. මෙය ඉතා අඩු මුදලකට ප්‍රින්ටින් වෙළෙඳසැලකින් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෝල්ඩ් එකේ ප්‍රමාණයට ගැළපෙ ස්ටිකර් එකක් රෙසින් ක්‍රාෆ්ට් වෙළෙඳසැලකින් මිලදී ගෙන අලවාගන්නත් පුළුවන්.

දැන් බුදු රුව සහිත ස්ටිකරය උඩින් නැවත විනිවිද පෙනෙන රෙසින් ලේයර් එකක් දමාගෙන වියැළෙන්න තබන්න. හොඳින් වියැළුණු පසු ‍රවුමේ ඇති උඩ සිදුරට කළු පාට කෝඩ් එකක් සම්බන්ධකර ගන්න. රවුමට පහළින් හෑන්ඩි ග්‍රිල් එකකින් සිදුරු කර අයිපින් එකක් දමා එයට රින්ග් එකක් එකතුකර එයට ලස්සන ටසල් එකක් එල්ලා ගන්න.

 රෙසින් නිර්මාණ ශිල්පිනී

සුදර්ශි ලංකා

I do creations by lanka