පොඩි දරුවන් සඳහා බටර් ටී බිස්කට්

පෙබරවාරි 6, 2019

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි කෝප්ප 3 ක්

අයිසිං සීනි කෝප්ප් 1 ක්

බටර් හෝ මාගරින් (සිසිල්ව

කැබලි කපාගත්) ග්‍රෑම් 225 ක්

ලුණු තේ හැඳි 1/2 ක්

ලොකු බිත්තර 1 ක්

බිත්තර කහමද 3 ක්

වැනිලා තේ හැඳි 1 ක්

 

සාදන ක්‍රමය

භාජනයක් ගෙන එයට පිටි, අයිසිං සීනි සහ ලුණු එක්කර හොඳින් කලවම් කර සිසිල්ව ඇති බටර් කැබලි එක්කරමින් ඇඟිලි තුඩුවලින් පිටි කැබලි සෑදෙන සේ මිශ්‍ර කරන්න.

පසුව වෙනත් භාජනයකට බිත්තරය හා බිත්තර කහමද එක්කර එයට වැනිලාද දමා වැඩි වේගයෙන් හොඳින් පෙන එනතුරු බීට් කරන්න.

දැන් එම බිත්තර මිශ්‍රණය පෙර පිටි මිශ්‍රණයට එක්කර හොදින් මිශ්‍ර කර පිටි මිශ්‍රණය සාදා ගන්න.

ඉන්පසු පයිපින් බෑගයක් ගෙන එයට අප සාදා ගත් මිශ්‍රණය දමා කැමැති හැඩයේ නොසලයකින් තෙල් කඩදාසියක් මතට බිස්කට්වල ප්‍රමාණයට සරිලන ලෙස පයිප් අවුට් කර හැකිතරම් බිස්කට් සාදා සෙන්ටිග්‍රේඩ් අංශක 180 උෂ්ණත්වයට රත්කර ගත් උඳුනක මිනිත්තු 12 - 15 ක් බේක් කරගන්න.

උඳුනෙන් ඉවතට ගෙන මිනිත්තු 5 - 10 ක් නිවෙන්නට හැර සංග්‍රහ කරන්න.