බතික් නිර්මාණ කිරීමේදී ඇතිවිය හැකි ගැටලු හඳුනා ගනිමු

අප්‍රේල් 7, 2021

තරුණි පාඨක ඔබට පමණක් ම අප විසින් ලබාදුන් නොමිලේ නි‍ෙවසේ සිටම බතික් කලාව හැදැරීමේ අවස්ථාව තරුණී පාඨකයන් ඉමහත් ආදරයෙන් වැළඳගෙන තිබීම සතුටට කාරණයකි.

තරුණී බතික් පාඩම අධ්‍යයනය කිරීමෙන් බතික් කලාව හදාරන්නට යොමු වූ ඔබ තව තවත් දිරිමත් කිරීම අරමුණු කරගෙන බතික් කලාවේ නව නිර්මාණ ගණනාවක් ඉදිරියේදී ඔබ වෙ රැගෙන එන්නට අපි බලාපොරොත්තු වන්නෙමු. මෙතෙක් අප ඔබට ලබාදුන් දැනුම ඇසුරෙන් අපේ කාන්තාවන් දැනටමත් බතික් නිර්මාණ කරන්නට යොමු වී ඇති අතර එම නිර්මාණ කිරිමේදී අපේ කාන්තාවන් මුහුණදුන් ගැටලු අප වෙත ඉදිරිපත් කර ඇත.

ඒවා අතරින් පොදුවේ බොහෝ දෙනකුට ඇතිවී ඇති ගැටලු තෝරාගෙන එම ගැටලු වලට විසඳුම් ලබාදීම ද බතික් පාඩම අතරතුර සිදු කිරීමට අප අදහස් කර ඇත.

අප එසේ කරන්නේ බතික් කලාව පිළිබඳව වඩාත් නිරවුල් දැනුමක් ඔබට ලබාදෙන අටියෙනි. එබැවින් නොපමාව ඔබ බතික් පාඩම හැදැරීමේදි ඇතිවෙන ගැටලු තරුණී වෙත යොමු කරන්න. අප නොපමාව ඔබගේ ගැටලුවට විසඳුම් සපයන්නෙමු. අද අපේ බතික් පාඩම තුළින් අවධානය යොමු වෙන්නේ එලෙසින් බොහෝ දෙනකුට බතික් කිරිමේදී මුහුණ දීමට සිදුවු ගැටලුවක් වෙතයි.

ඉටි ඉවත් කිරීමේදී රෙද්දට දැමු සියලුම වර්ණද ඉටි සමගම දියවී යන්නේ ඇයි?

කුරුණැගල ශාරිකා වැට් ඩයි ක්‍රමයට බතික් නිර්මාණයක් කළ අවස්ථාවේ ඇයට මුහුණ පාන්නට සිදු වු ගැටලුව අප වෙත ලියා එවා ඇත්තේ මෙලෙසිනි. තරුණී පාඨක කාන්තාවක් වන මා තරුණී පුවත්පතෙහි පළවන බතික් පාඩම ඇසුරෙන් බතික් කලාව හැදැරීමට යොමු වි සිටිමි. ඒ අනුව තරුණී පුවත්පතෙහි පලවූ පාඩම් වල උපදෙස් පරිදි වැට් ඩයි ක්‍රමයට ගවුම් රෙද්දක් නිර්මාණය කර ගැනීමට මා විසින් කටයුතු කළ අතර රෙද්ද ඉටි කර ඩයි දමා අවසානයේ උණු වතුර භාවිතකර ඉටි ඉවත් කිරීමේදී රෙද්දට දැමු සියලුම වර්ණ ද ඉටි සමගම දියවී ගියේය. මෙයට හේතුව කුමක්ද? නියමාකාරයෙන් වැට් ඩයි එකක් කරගන්නේ කෙසේද?

කුරුණගල ශරිකාට මෙන්ම කාන්තාවන් බොහො දෙනෙක් වැට් ඩයි ක්‍රමයට නිර්මාණ කිරීමේදී ගැටලු වලට මුහුණ දුන් අවස්ථා අපට දන්වා එවා ඇත. බොහෝ විට මෙවැනි ප්‍රශ්න ඇතිවීමට බලපාන ප්‍රධානතම ගැටලු දෙකකි. එනම් හයිඩ්‍රෝ රසායනිකයට වාතය ඇතුළු වී ඒවා කැටි ගැසී තිබියදී බතික් කිරීමට යොදා ගැනීමය. බලපාන අනෙක් හේතුව වන්නේ ඔබ භාවිත කළ වැට් ඩයි වර්ගය කල් ඉකුත් වී තිබීමය. හුළං වැදුණ හයිඩ්‍රෝ හෝ කල් කිකුත් වි ඇති වැට් ඩයි ඔබ බතික් කිරීමට යොදාගෙන ඇති විට මෙන්ම ඩයි සකස් කිරීමේදී රසායනික ද්‍රව්‍ය නියමිත අනුපාතයන්ට මිශ්‍ර නොකිරීම ද ඔබට ගැටලු ඇති කරවන කාරණාවකි.

ඔබ බතික් කරන අවස්ථාවෙ රෙද්ද වර්ණවත් වුවා සේ පෙනුණත් ඉටි ඉවත් කිරීමට යාමේදී රෙද්ද සෝදන අවස්ථාවේ එම ඩයි ද ඉවත් වි යා හැකිය.

එසේම ඔබ අපේක්ෂා කළ ආකාරයෙන් රෙද්දෙහි වර්ණ රැඳී නොතිබීම ද සිදුවිය හැකිය. එබැවින් හොඳින් ගබඩා කර ඇති කල් ඉකුත් නොවූ රසායනික ද්‍රව්‍ය තෝරා ගැනීම හා නියමිත අනුපාතයට රසායනික ද්‍රව්‍ය යොදා බතික් කිරීමට සැලකිලිමත් වන්න.

එවිට ඔබට ගැටලු වලින් තොරව අලංකාර නිර්මාණයක් කරගැනීමට හැකිවනු ඇත. නැවතත් වැට් ඩයි ක්‍රමයට බතික් නිර්මාණයක් සකසා ගන්නා විට රසායනික ද්‍රව්‍ය යොදාගන්නා නිවැරැදි අනුපාතයන් මෙසේය.

 

අවශ්‍ය ද්‍රව්‍ය

කපු රෙදි මීටර් එකක්

වැට් ඩයි වර්ණයකින්

මේස හැඳි 1 ක්

හයිඩ්‍රෝ මේස හැඳි 2 ක්

ඩයි සකස් කර ගැනීමට

භාජන 2 ක්

ජලය ලීටර් 5 ක් පමණ

පිරවු බාත් 2 ක්

උණු ජලය මිලි ලීටර් 250 ක්

 

 

ඉහත දක්වා තිබෙන්නේ රෙදි මීටර් 1 ක් ඩයි කිරීමට අවශ්‍ය ද්‍රව්‍යය. ඔබ ඊට වඩා වැඩි රෙදි ප්‍රමාණයක් බතික් කරගැනීමට අදහස් කරනවා නම් එම රෙදි ප්‍රමාණයට වුවමනා ඩයි සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය එක් කර ගැනීමට වග බලා ගන්න.

වැට් ඩයි ක්‍රමය ක්‍රියාත්මක කරන අන්දම මෙහි දැක්වෙන ඡායාරූප නිරීක්ෂණයෙන් තව දුරටත් පැහැදිලි කරගන්න. අප මෙහිදී භාවිත කර ඇති වැට් ඩයි වර්ග දෙක වන්නේ පඵද-ඡතභ නැමැති වර්ණකයයි.

 

 

 

ඉදිරිපත් කිරීම

kenuri batik  ආයතනයෙහි

අධිපතිනි

එච්. චන්දිමා ද සිල්වා

 

 

 

 ජායාරූප - ආසිරි උපේන්ද්‍ර ඩයස්

 

නිරූපණය - පැතුම් ලියනගේ