ආසම ගවුම මෙහෙම මහමු

මැයි 5, 2025

වෙනස්වන විලාසිතා ලෝකයේ ඔබව ලස්සනට පේන ඇඳුමකි. මේ කාලයේ තාලයට ගැළපෙන ඇඳුමකින් සැරසෙන්න කැමති ඔබට ඉතාමත් අලංකාර නවීනතම විලාසිතාවේ ගවුම් මෝස්තරයකි මේ.

 

උත්සව අවස්ථාවට උචිත වැඩි දෙනෙකුගේ ඉල්ලුමක් ඇති ජනප්‍රියම ගවු‍මකි. ඔබ දකිනා ඕනෑම ගවුම් මෝස්තරයක් මේ මූලික පතරොම ඇසුරින් ඉතා පහසුවෙන් නිර්මාණය කළ හැකියි.

 

අවශ්‍ය මිමි

 

උරහිස = 13/2 = අඟල් 6 1/2

පපුවට = 32/4 = අඟල් 8

ඉණවට = 26/4 = අඟල් 6.5

උකුලවට = 36/4 = අඟල් 9

උර සිට පපුව මුදුන උස = අඟල් 9 1/2

උර ඉණට උස = අඟල් 13

උර සිට උකුලට උස = අඟල් 19

සම්පූර්ණ උස = අඟල් 36

කර ගැඹුර = අඟල් 6 1/2

කර පළල = අඟල් 3

 

මැසීමේ පියවර -

 

මුලින්ම කොලර් හැඩය ප්ලීට් අග තබා රෙදි මත කපා ගන්න. ප්ලීට් කරමින් අයන් කරන්න. (ඉදිරි පෙර මැද සිට පසුපස පෙර මැද දක්වා අත හරහා යන ලෙසින් දැන් ඉදිරිපළුවේ කර මුලට කලින් ප්ලීට් කර ගත් කොලර් කොටස තබා මසන්න. එලෙසින් දෙපස මසාගන්න. පිටුපස පලුවද (back cl line) කලින් සාදාගත් ප්ලීට් යොදාගන්න. කොලර් කොටස තබමින් මසන්න. (අවශ්‍ය නම් කෙටි විවරයක් හෝ සිපරයක් සම්බන්ධ කරමින් මසන්න.) කර පයිපින් කරන්න. පහත සාය කොටස ඔබ කපාගත් ෆ්ලෙයාර්ඩ් හැඩති සාය කොටසේ ඉදිරිපළුව, කඳ කොටසේ ඉදිරිපළුව හා ෆ්ලෙයා‍ර්ඩ් සායේ පිටුපස පළුව කඳ කොටසේ පිටුපස පළුවට තබා මසන්න. දැන් අංශ මසන්න. පහත වාටිය ද මසා ගන්න. මෙම අලංකාර ගවුම් මෝස්තරය ඔබට මසාගෙන හැඩකාරියක් විය හැකියි.

 

 

රූ රටා - නිලක්ෂි ආරියරත්න

 

[email protected]

උපදෙස්

ප්‍රවීණ මැහුම් උපදේශිකා

ෂර්මිලා රණවීර