වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
බැති සිතින් පේවී සම්බුද්ධ රුව ගෙත්තම් කරමු

මේ උදා වී තිබෙන්නේ සම්බුදු තෙමඟුල සමරන පින්බර වෙසක් මහයි. පින්කම් කරන්නට සිත යොමුකරවන මේ කාලයේ කතිර නිර්මාණ කරන ඔබට, අගනා සම්බුදු රුවක් කතිර රටාවෙන් ගෙත්තම් කරන්නට මෙන්න අවස්ථාව. බලන්න, අප තිළිණ කරන මේ අගනා වෙසක් තිළිණය ඔබට මොනතරම් වටිනාකමක් ගෙන දෙනවා ද කියා. බැති සිතින් පේවී බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔබත් මෙය නිර්මාණය කරන්න.
අඟලට කොටු 10,11ක් හෝ 14ක් ඇති සුදු පැහැති
අයිඩා රෙදි
නොම්මර 24 සිට නොම්මර 26 දක්වා ට්‍රැපැස්ටි ඉදිකටු
අවශ්‍ය වර්ණවල කපු කැරලි නූල්
රාමුව
ඉදිකටු
කතුර
මෙම නිර්මාණය අඟල් 5.1 x 8.1 ප්‍රමාණයේ නිර්මාණයකි. එහෙත් ඔබට කැමැති ප්‍රමාණයට සකසා ගත හැකියි. ඔබ අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් හෝ අඟලට කොටු දහයක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. ඒ නිසා රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ.
කෙසේ වෙතත් නිර්මාණය රාමුකර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කොටස කපාගත යුතුයි. ඒ සඳහා වටේට අඟල් 2ක් හෝ 3ක් ඉඩ තබා රෙදි කොටස කපාගන්න. නැත්නම් නිර්මාණය මැසුවාට පසු රෙදි කොටස කපා ගන්න. කොටු 10න් 10ට නූල් ඇද ගැනීමෙන් මැසීම පහසු වේ. කොටු ගණන් කර මසන්න. නැත්නම් නිර්මාණය හරි මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 2ක් සෑහේ. අඟලට කොටු 11ක් නම් නූල් පොටවල් 4ක් හෝ 6ම භාවිත කරන්න.