වර්ෂ 2025 ක්වූ May 12 වැනිදා Monday
හැම අම්මා කෙනෙකුගේම හදගැස්ම මේ නිර්මාණයේ තියෙනවා

ලෝකයම එළිය කරන සදා දීප්තිමත් පහන් තරුව අම්මාය. එවැනි අම්මාවරුන් ගැන කතා බහ කරන මාතෘත්වය වෙනුවෙන්ම ආදරණීයව පිදෙන Mother Lanka සිනමා නිර්මාණය තව නොබෝ දිනකින් ලෝකය පුරා ප්‍රේක්ෂකයන්ට දැක බලා විඳගැනීමට අවස්ථාව උදාවී තිබේ.
ලෝකයම එළිය කරන සදා දීප්තිමත් පහන් තරුව අම්මාය. එවැනි අම්මාවරුන් ගැන කතා බහ කරන මාතෘත්වය වෙනුවෙන්ම ආදරණීයව පිදෙන Mother Lanka සිනමා නිර්මාණය තව නොබෝ දිනකින් ලෝකය පුරා ප්‍රේක්ෂකයන්ට දැක බලා විඳගැනීමට අවස්ථාව උදාවී තිබේ.
නිවසේ දෙවියන් අම්මා ගැන වෙනස්ම ආකාරයකින් කතා බහට ලක් කරන මෙම සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයා වෙත වෙනස් උසස් නිර්මාණ රැගෙන ආ අනූෂ සංජීව එදිරිමුණි විසිනි. ක්‍රිෂාන්ති කුලසූරිය විසින් තිර රචනා කළ Mother Lanka නිෂ්පාදනය ඉෂාන් පෙරේරා විසිනි. රංග එස්. බණ්ඩාරගේ කැමරාවෙන් හැඩවන මෙම චිත්‍රපටයේ වේෂ නිරූපණය හේෂාන් ලියඳිපිටවලගෙනි. නයන උජිත් අංග රචනයෙන් මදර් ලංකා හැඩ කරයි.
තරින්දි ෆර්නෑන්ඩු, ධනංජය සිරිවර්ධන, බිමල් ජයකොඩි, සනත් ගුණතිලක, දිල්හානි එකනායක, හේෂානි ලියදිපිට, කලණ ගුණසේකර ඇතුළු නළු නිළි පිරිසක් රංගන දායකත්වය සපයන Mother Lanka චිත්‍රපටය හරහා ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්රයට නව තාරකාවක් එක් වෙයි. ඇය ශ්‍රී ලංකාව රනින් සැරසූ සවි එසවීමේ ශූරියක වන ශෙනුකි දිශල්‍යා යි.
ජවසම්පන්න ක්‍රීඩිකාවකගේ භූමිකාව හරහා ඇය මෙම චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසීමද මෙම චිත්‍රපටයේ විශේෂත්වයකි.
ලෝකයේ සෑම අම්මා කෙනෙකු වෙනුවෙන්ම පිදෙන Mother Lanka හරහා ධනංජය සිරිවර්ධන වෙනස්ම චරිතයකට පණ පොවනු ලබයි. මෙහිදී ඔහු අපට හමුවන්නේ අම්මාගේ භූමිකාවෙනි.
අපි මේ සුවිශේෂී චිත්‍රපටය ගැන කතා බහ ආරම්භ කරන්නේ ද ධනංජය සිරිවර්ධනගෙනි.
" මගේ රංගන ජීවිතයේ මට ලැබුණු සුවිශේෂීම චරිතය තමයි සත්‍යා. සත්‍යා කියන්නෙ කවුද, එයා මොනවද කරන්නෙ කියල චිත්‍රපටිය බැලුවම තමයි දැන ගන්න පුළුවන්. මේ චරිතය වෙනුවෙන් මම ගොඩක් කැපවුණා. ඒ කැපවීම කොතරම්ද කියනවනම් මම හරියටම මාසයක් විතර සමාජයේ හැමෝගෙන්ම හැංගිලයි හිටියේ. මොකද මම කරන ගැහැනු චරිතයට අනුව මගේ ඇඟ හදාගන්න සිදුවුණා. මේකප් එකට හරියටම පැය හයකට ආසන්්න කාලයක් ගතවෙන නිසා සැලකියයුතු කාලයක් මේ සඳහා කැප කරන්නත් වුණා.
මම හිතනවා මේ චිත්‍රපටය සෑම මවක්ම දරුවන් එක්ක නැරඹිය යුතු චිත්‍රපටයක් කියල. මොකද මේ හැම රූපරාමුවකම තැවරිලා තියෙන්නෙ මවුවත් ගුණයක්.
මේ චිත්‍රපටය දරුවෙක් නම් ඒ දරුවගේ තාත්තා අනූෂ සංජීව කියන අධ්යක්ෂවරයා. අම්මා තිරපිටපත ලියපු ක්‍රිෂාන්ති අක්කා. මේ දෙදෙනා සහ නිෂ්පාදක කණ්ඩායම චිත්‍රපටය වෙනුවෙන් ගොඩක් කැපවුණා. ඒ කැපවීමේ අලංකාරය අපිට ළඟඳීම බලා විඳගන්න පුළුවන්.
හැම දරුවෙක්ම මේ චිත්‍රපටය බලල අම්මාගේ කැපවීම ගැන අවබෝධ කර ගන්නත් හැකියි. වෙනස්ම කතා තේමාවක් එක්ක එන මේ චිත්‍රපටය රූගත කරනකොට මම ධනංජය සිරිවර්ධනව අයින් කළා. ඒ කාලේ මගේ ඇඟේ හිටියේ සත්‍යා. සියලුදෙනාගේම ලොකු කැප කිරීමක් එක්ක චිත්‍රපටය ප්‍රදර්ශනයට සූදානම් වීම ලොකු සතුටක්.
ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයාට හෘදයාංගම සෙනෙහසින් පිදෙන Mother Lanka ගැන ධනංජය කියන්නේ එවැනි කතාවකි.
දැන් අපේ කතාව එමී සමඟය. එමී දක්ෂ ක්‍රීඩිකාවකි. චිත්‍රපටයේ එමී ගේ චරිතය මවන ශෙනුකි දිශල්‍යා ද සැබෑ ජීවිතයේද ලංකාව රනින් සැරසූ ක්‍රීඩිකාවකි. මෙහි සුවිශේෂී කාරණාව වන්නේ චිත්‍රපටයේ අධ්යක්ෂවරයා සහ තිර පිටපත් රචිකාව සැබෑ ජීවිතයේ ඇගේ මවුපියන් වීමය. අපේ ඊළඟ කතාව මේ කතා නායිකාව සමඟය.
" මෙම චිත්‍රපටයට මාව තෝරා ගත්ත දා ඉඳන් මගේ තාත්තා,තාත්තා කියන භූමිකාවෙන් අයින් වෙලා අධ්යක්ෂවරයා විදියට තමයි මට හමුවුණේ. මේ චිත්‍රපටය රචනා කරල තියෙන්නෙ මගේ අම්මා. ඒක මට මේ රංගනයට ලොකු හයියක් වුණා. මම පුංචි කාලේ ඉඳලම ක්‍රීඩාවට යොමුවෙලා හිටිය නිසා මේ චරිතයට අනුගත වෙන්න පුළුවන් වුණා.
අම්මා කියන භූමිකාව දරුවන්ගේ දියුණුව වෙනුවෙන් කරන කැපවීම තමයි චිත්‍රපටය පුරාවට දිවෙන්නෙ. ඇත්තටම මේ චිත්‍රපටය හැම අම්මා කෙනෙක්ම බලන්න ඕන චිත්‍රපටයක්. ඒ හරහා හැම දරුවෙක්ටම අම්මා කෙනෙක්ටම උත්තේජනයක් ලබන්න පුළුවන් වේවී.
ආධුනිකයකු ලෙස මේ සඳහා මට සවියක් වුණු අපේ ප්‍රවීණයන්ට මම මේ වෙලාවෙ ස්තූතිය පුද කරන්න කැමතියි.
ඇයගේ දෑසේ ඇත්තේ බලාපොරොත්තු දැල්වුණු බවකි. දැන් අපේ කතාව මේ චිත්‍රපටයේ ජවසම්පන්න අම්මාගේ භූමිකාව දරන ශාලු සමඟය. මෙහි ශාලු ලෙස ප්‍රධාන චරිතයට පණ දෙන්නේ තරින්දි ෆර්නෑන්ඩෝ විසිනි.
" ශාලු .. ඒ අම්මා තමන්ගේ දියණිය දිනවන්න කරන කැපවීම තමයි Mother Lanka චිත්‍රපටයේ කතා තේමාව වෙන්නෙ. මට ලැබුණු චරිත අතරින් වෙනස්ම චරිතයක් තමයි ශාලු. ජය ගන්න අභියෝග ගොඩක් එක්ක අපේ කණ්ඩායම මේ චිත්‍රපටය අතිසාර්ථකත්වය නිමා කළා. මේ චිත්‍රපටයේ මගේ චරිතය අනුව දුවන්න සිදුවෙනවා. මලල ක්‍රීඩිකාවක් විදියට ඒ ජවය තියාගන්න මට සිදුවුණා.
දැන් මේක භාර ආදරණීය ප්‍රේක්ෂකයන්ට. මම හිතනවා පවුලේ සියලුදෙනා මේ චිත්‍රපටය නරඹන්න ඕන කියල. මොකද මේ කතාව එතරම් සංවේදී, සියුම් සහ ආදර්ශවත් කතාවක්. මේ නිර්මාණය රස විඳගන්න කියල නිර්මාණ කණ්ඩායම වෙනුවෙන් ම මම ආරාධනා කරනවා.
ප්‍රධාන චරිත සමඟ කතාව අවසන් ය. දැන් මේ කතාවේ නිර්මාණශීලී සංකල්පය මැවූ ඈ හමුවිය යුතුය. ඇය මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළි භූමිකාව නිරූපණය කරන ශෙනුකිගේ ද අම්මාය.
අපි ඊළඟ පිටුවෙන් පෙරළන්නේ Mother Lanka ගැන ඇගේ කතාවය.