වාස්තු සක්‍රීය වෙන පොකුණක් නිවැරැදිව හදන්නේ කොහොමද

ජනවාරි 23, 2019

“පස් පියුමින් සුසැදි මනහර විල්...” සිංහල සාහිත්‍යයේ මේ ගැන ඔබ අසා ඇති. ඒ විතරක් නොවේ. එවන් පොකුණක් ඉදිකර ගන්නට සිහින මවන්නත් ඇති. නෙළුම්, මානෙල්, නිල් මානෙල් ආදියෙන් සුපිපි විසිතුරු පොකුණක් තම ගෙමිදුලේ ඉදිකිරීම ස්වභාව ධර්මයට ළැදි අප කාගේත් සිහිනයක්.

නිවැරැදි පොකුණක් නිවෙසේ වාස්තු සක්‍රීය කරයි

තමා පදිංචි නිවෙසට කිසිම ආකාරයකින් දෝෂයක් නොවන්නට සෑදූ පොකුණක් නම්, එය වාස්තු සක්‍රියත්වය ඇති කරන්නට දායක වෙන ගෙමිදුලේ පිහිටන අංගයක් වෙනවා.

නමුත් වැරැදි ආකාරයට, දෝෂ සහිතව හැදූ පොකුණක් මඟින් විවිධාකාරයේ වාස්තු දෝෂ ඇතිවෙන බව ඇතැම් විට ඔබ අසා නැතුව ඇති.

අද ලිපියෙන් ඉදිරිපත් කරන්නේ දෝෂ සිදුවෙන අවස්ථාවන් සහ ඒවා වළක්වා ගනිමින් පොකුණක් ඉදිකිරීමට හැකි වාස්තු සීමාවන් ගැනයි.

පස් පියුමින් එක වර්ගයක් වත් සහිතව, නිවැරැදිව සෑදූ පොකුණක් මඟින් ගෙමිදුලේ ඇති කටු සහිත ශාකවලින් නිවෙසකට ඇතිවන වාස්තු දෝෂ භංග කිරීමේ හැකියාව පවතිනවා. ගෙමිදුලක අලංකාරය, ආකර්ෂණය යනාදිය වාගේම දෝෂ නිවාරණයත් නිවැරැදි පොකුණකින් සිදුවුණාට, එහි පිහිටීම වැරැදියි නම් ඇතැම් විට ළිඳක් මඟින් ඇති කරන වාස්තු දෝෂ ආකාරයටම දෝෂ තත්ත්වයන් ඇතිවිය හැකියි.

ජලය එක්රැස් කළ යුතු දිශාවන්

ගෙමිදුල සැලකූ විට එහි බිම් මට්ටමේ සහ ඉහළ ස්ථානවල ජලය ගබඩාකර තබා ගත හැකි දිශාවන් තියෙනවා.

පොළොව මට්ටමේ දී ඉදිකළ ටැංකියක්, පොළොව මට්ටමට වඩා පහතින් ඇති භූගත ටැංකියක්, ළිඳක්, පොකුණක් යන අංග සඳහා වඩාත්ම ගැළපෙන දිශාවන් ලෙස උතුර, ඊසාන, නැගෙනහිර හා බස්නාහිර යන දිශාවන් තෝරා ගත හැකියි. බස්නාහිර දිශාව හා සම්බන්ධව විවිධ වාස්තු මත පැවතියත්, ඉහත කාරණාවන් සඳහා බස්නාහිර යනු අහිතකර දිශාවක් නොවේ.

මේ ආකාරයටම පොළොවෙන් ඉහළ ඇති ටැංකි (ර්‍ණමඥපඩඥචඤ ඊචදඬඵ) සඳහා නිරිත දිශාව තෝරා ගැනීම වඩාත් සුදුසුයි. ප්‍රායෝගිකව එම දිශාව තෝරා ගැනීමට නොහැකි අවස්ථාවල දී නිවෙසට ගැළපෙන පරිදි බස්නාහිර හෝ වයඹ දිශාවන් මේ සඳහා ගළපා ගන්නත් පුළුවන්.

2019/01/23 තරුණි බලන්න