සෙවණ සදන සවිය ගෙනෙන වහලය

උළුවහුව උඩින් පරාල එකක්, තුනක් හෝ වෙනත් ඔත්තේ ගාණක් ගමන් කිරීම සුබ නැහැ.
ජූලි 21, 2025

කැණිමඬලක් කියන්නේ බොහෝ විට අද කාලයේ අලංකාරය පිණිසම වහල සඳහා යොදාගන්නා ක්‍රමයකටයි. මේ සඳහා නිවැරැදිව පරාල හැඩතල කපා පරතරයන් ඒකාකාර වන ආකාරයට වහලය ගැසීම දක්ෂ වඩුවෙකුට හෝ වහල ගසන්නෙකුට පමණක් කළ හැකි දෙයක්.

 

මොකද අලංකාරවත් බව ලබා ගැනීමට අමතර වහලයේ සමබරතාව, බර බෙදී යෑම ආදිය ගැන විශේෂ දැනුමක් ඔහුට තිබිය යුතු නිසා. කොහොම වුණත් පදිංචිව සිටින නි‍ෙවසකට මෙය යෝග්‍ය වහල ක්‍රමයක් නෙවෙයි. පන්සල්, පල්ලි දේවාල ආදී පූජනීය ස්ථාන සඳහා වඩාත් සුදුසුයි. මෙහිදී සිදු කරන්නේ මුදුන් ලීයේ කෙළවරට පරාල කිහිපයක් එකට එක හේත්තුවන පරිදි සම්බන්ධ කිරීමයි.

 

01. රූපය

 

මෙම වහලයේ හැඩය වෘත්තාකාර හෝ අර්ධ වෘත්තාකාර වෙනවා.

ඔබේ නි‍ෙවසේ දැනටමත් මෙවන් වහලයක් ගසා තිබෙනවා නම්, හැකි නම් වෙනස් කරන්න. එසේ නැත්නම් දෝෂය අවම වෙන සේ ඔබේ ජන්ම නැකතට ගැළපෙන දැව කොටසක් වහලය සඳහා යොදන්න. ජන්ම නැකත 01 සිට 09 ඇතුළත හෝ කොහොඹ ලී දැව යෝග්‍ය ‍ෙවනවා. ඡන්ම නැකත 10 සිට 18 දක්වා නම් ගම්මාලු, පිහිඹිය ආදී දැව බලවත්. ඡන්ම නැකත 19 සිට 27 දක්වා ඔබට බුළු දැව භාවිත කළ හැකියි. ඉහත ආකාරයට මුදුන් ලීයේ කෙළවරකට පරාල සම්බන්ධ වී තිබෙනවා නම් එය රිට්ටා‍ෙගයක් ලෙස හඳුන්වනවා. මෙවන් ස්ථානවලදී කරත්ත රෝදයක් ආකාරයේ පරාල සමූහයක් සහිත මුදුනක් එහෙම නැතිනම් කැණිමඬලක් දැකිය හැකියි. සොහොන් පරාලය කියන්නේ නමේ අරුතින්ම නිවැසියන්ට මාරක විපත් ගෙන දෙන පිහිටීමයි. මෙහි ආකාර කිහිපයක් පවතිනවා.

 

එක් ආකාරයක් තමයි මුදුන් ලීයේ කෙළවරට පරාලයක් සම්බන්ධ

 

කිරීම. (02 රූපය) අනෙක තමයි මුදුන් ලීයේ මුහුණත වැසී යන ආකාරයට පරාල දෙපසට ගැසීම. (03 රූපය) මෙවැනි වහලක් තිබේ නම් මුදල කෙසේ වෙතත් වහාම නිවැරදි කර සකස් කරගන්න. දැකීමට පවා ඉතා නුසුදුසු, අවාසනාවන්ත, කිසිදු සුබ කටයුත්තක්, නැකතක් පල දෙන්නේ නැති පිහිටීමක් නිසා. නි‍ෙවසක මුදුන් ලීය තැබීමේදී සුබ දිශා දෙකක් හරහා පමණක් ගමන් කරන පරිදි තැබිය යුතුයි. කිසිම විටෙකත් ප්‍රධාන මුදුන් ලීයට තවත් ලීයක් එකම උසකට සම්බන්ධ කර ප්‍රතිවිරුද්ධ දිශාවකට හරවා වහලය ගැසීම නොකළ යුතුයි. 04 රූපයේ මෙහි නිවැරදි ක්‍රමය දක්වා තිබෙනවා. ඔබ මෙහිදී සිහි තබාගත යුතු වැදගත් දෙයක් තිබෙනවා. එනම් වහලයේ හැඩය මේ ආකාරයට T හෝ L වුණත් නි‍ෙවසේ අත්තිවාරම එසේ වීම යහපත් නැහැ. ඔබට ගැළපෙන දිගක් හා පළලක් එන ආකාරයට ප්‍රධාන මුලු හතරක් පිහිටන්න තැනූ නි‍ෙවස සිරි නි‍ෙවසක් වෙනවා. වහලයක් සඳහා යටලී තබන විට සමාන්තරව පිහිටන සේ ඔත්තේ ගණනක් තැබිය යුතුයි. අඩු

වියදම් ක්‍රමයන්ට ඉදිකරන වහල සඳහාත් මේ ආකාරයේ තිබීම සුදුසුයි. ඒ වගේම පරාල ගණන ඔත්තේ ද කුරුපා නම් ඒවා ඉරට්ටේ විය යුතුයි. ඒ වගේම නිවැරදි තැන්වල පිහිටු විය යුතුයි. මර්මස්ථානවලට නොයන ලෙස යටලී මූට්ටුවලට හසු නොවන ලෙස උළුවහු මතට නොසිටින්නට තැබිය යුතුයි. වහලයේ පරාල ගසන විට දොර උළුවහු උඩින් ඒවා ගමන් කරන එක බොහෝවිට සිදුවෙන දෙයක්. මෙවැනි අවස්ථාවලදී උළුවහුව උඩින් පරාල එකක් තුනක් හෝ වෙනත් ඔත්තේ ගාණක් ගමන් කිරීම සුබ නැහැ.ඔබේ නව නි‍ෙවසේ වහලයට ගත යුත්තේ අලුත් ලී පමණයි. පැරණි හෝ වෙන යම් ගොඩනැඟිල්ලකින් ගලවා ඉවත් කරන ඒවා කිසිම විටෙකත් භාවිත කරන්න එපා. ඔබගේ පැරණි නි‍ෙවසට නම් අලුත් ලී වගේම පැරණි ලී යෙදීමත් වරදක් නැහැ. නමුත් වෙනත් ගොඩනැඟිල්ලකින් ගැලවූ දැව නොගැනීමට හැකිතාක් වගබලා ගන්න. වහලයක් සඳහා සුදුසු දැව වර්ග හා නුසුදුසු දැව වර්ග මොනවාද හා ගස් තෝරා ගන්නා ආකාරය හා ඒවා කපන ආකාරය වාස්තු විද්‍යාත්මකව ඔබ දන්නවාද? මේවා ගැනත්, තෝරා ගන්නා දැව ආදියෙහි ආරක්ෂාව පිණිස ගන්නා තාක්ෂණික ක්‍රම මාර්ගත් වහලයක් ගැසීමේදී කරන චාරිත්‍ර විධි ආදිය ගැනත් අපි ඉදිරි සතිවලදී කතා කරමු.

උපදෙස්:-
සිවිල් ඉංජිනේරු, වාස්තු විද්‍යා විශාරද
ආචාර්ය ගයාන් එරමුදුගොඩ