සොබා සෞන්දර්යය සමඟ සෞභාග්‍ය කැන්දන Bamboo

පෙබරවාරි 13, 2019

මඳනල සමඟ දැවටී සවනතට කොඳුරන අපූරු සිලිසිලිය කනට සේම සිතට ද රැගෙන එන්නේ කදිම මිහිරියාවකි. නෙතට සුන්දරත්වයත්, සිතට සහනයත්, සවනට මිහිරත් පමණක් නොව නිවෙසට සෞභාග්‍ය ද රැගෙන එන ශාකයක් තමයි මෙවර මල් ලෝකය වෙත කැඳවා එන්නේ.

Bamboo  එහෙමත් නැතිනම් බට ශාකය අපේ රටට අලුත් දෙයක් නම් නොවේ. අතීතයේ පටන් මෙරට ගංගා, ඇළ දොළ, කුඹුරු ආශ්‍රිතව මෙම බට වර්ග වැඩුණු අතර පසුකාලීනව එය ගෙමිදුල අලංකරණ ශාකයක් බවට පත්විය.

තණකොළ පවුලටම අයත් ශාකයක් වූ මෙහි වර්ග 90 ක් පමණ ඇති අතර ඒවායේ ප්‍රභේද ද 1000 ක් පමණ දැකිය හැකියි. 'පොඒසියේ' (Poaceae) කුලයට අයත් මෙහි අඟල් කීපයක සිට අඩි 125 ක් පමණ උසට වැවෙන වර්ග ද දක්නට ලැබෙන අතර කඳෙහි පළල අඟල් 1/4 ක පමණ සිට අඩි 01 ක් පමණ දක්වා පවතී. වගා මාධ්‍යය තුළ ඉතා ගැඹුරට මුල් ඇදී නොයන මේ බට ශාකයේ මූල පද්ධතිය පොළොව යට අඩි 01 - 03 ක් අතර ප්‍රමාණයට වැඩේ.

 

ප්‍රභේද

නිවෙස් ආශ්‍රිතව යොදා ගතහැකි බට වර්ගවලට අමතරව තවත් වර්ග

රාශියක් ශ්‍රී ලංකාව පුරා මේ වනවිට පැතිරී ඇත.

කොළ පැහැ යෝධ උණ බට - (Dendrocalamus gigantues)

ගල් බට  (Semiarundinaria fastuosa)

මැලේෂියන් බට (Malaysuian Bamboo)

සුදු කොළ සහිත බට පඳුරු (Pleioblastus)

දුඹුරු බට (Brown Bamboo Plants)

බීරළු බට (Belly Bamboo - Bambusa ventricosa)

කහ උණබට(Bambusa vulgaris)
 

 

2019/02/13 තරුණි බලන්න.