මුළුතැන් ගෙයට නැතිව ම බැරි බොරැක්ස් කුඩු

මාර්තු 28, 2022

 

අප අවට ඇති සමහර ද්‍රව්‍යයන්ගෙන් ඇති ප්‍රයෝජන ගැන වැඩි දෙනෙක් දන්නේ නැහැ. බොරැක්ස් කුඩුත් ( sodium tetraborate ) ඒ වගේ දෙයක්. මෙය ස්වාභාවික ඛනිජ ලවණයක්. අප දන්නේ නැති නමුත් ෂැම්පු, ආලේප, බොඩි ලෝෂන් වගේ බොහෝ නිෂ්පාදනවල බොරැක්ස් කුඩු අඩංගුයි. බොරැක්ස් කුඩු යොදා ගනිද්දී ඇස්වල, නාස් පුඩුවල මුවේ තැවරෙන්නේ නැතිව භාවිත කළ යුතුයි. ළමයින්ට අත පොවන්න හැකි මානයක මේවා තබන්න හොඳ නැහැ.

බොරැක්ස්වලින් මුළුතැන් ගෙට ඇති ප්‍රයෝජන
 

කාපට් පිරිසුදු කිරීමේදී වතුර ගැලුනයකට බොරැක්ස් කුඩු කෝප්ප භාගයක් එක් කරන්න.

පලතුරු ගස් වටා බොරැස් කුඩු ඉසින්න. පලදාව වැඩි වෙනවා.

කැපූ මල්වල නැවුම් බව දිගු කලක් තබා ගැනීමට කෝන්මීල් කොටස් දෙකකට බොරැක්ස් කුඩු එක කොටසක් මිශ්‍ර කරන්න.

වල් පැළෑටි නාශකයක් ලෙසින් ද බොරැක්ස් කුඩු යොදාගත හැකියි. පෝසිලේන් හා ඇලුමිනයම් බඳුන් පිරිසුදු කිරීමට බොරැක්ස් කුඩු ටිකක් දමා අතුල්ලන්න.

ශීතකරණය නැවුම්ව තබා ගැනීමට උණූ ජලය කාලකට බොරැක්ස් තේ හැන්දක් මිශ්‍රකර ශීතකරණය පිරිසුදු කරන්න. ශීතකරණයේ ගන්ධයක් ඇත්නම් එයත් ඉවත් වේවි.

ටයිල්, ෂවර්, ටයිල් පිරිසුදු කිරීමට කළ යුත්තේ බොරැක්ස් කුඩු ස්පොන්ජියකට දමා ඇතිල්ලීමයි. ඉන්පසු පිරිසුදු ජලයෙන් සෝදා හරින්න. ෆයිබර් ග්ලාස් පිරිසුදු කිරීමට ද ඒ ක්‍රමය ම යොදා ගන්න.

මලකඩ පැල්ලම් ඉවත් කිරීමට බොරැක්ස් මේස හැඳි 1 -2 කට දෙහි යුෂ මේස හැඳි 1 ක් මිශ්‍රකර ඊට ජලය ස්වල්පයක් එක්කර පල්පයක් සාදාගන්න. ස්පොන්ජියකට ඒ පල්පය ගෙන මලකඩ පැල්ලම ඉවත් වන තුරු අතුල්ලන්න. ඉන්පසු හොඳින් සෝදා හරින්න.

වැසිකිළි වළ පිරිසුදු කිරීමට බොරැක්ස්, සුදු විනාකිරි, සගන්ධ තෙල් ( ශාකසාර සුවඳ තෙල් ) එක්කර අතුල්ලන්න.

සින්ක් එකේ පැල්ලම් ඉවත් කිරීමට බොරැක්ස් කෝප්ප 1 සහ දෙහි යුෂ කෝප්ප 1/4 ක් මිශ්‍ර කර පල්පයක් සාදා ස්පොන්ජියට ඒ පල්පය ගෙන පැල්ලම් අතුල්ලන්න.

කහ පැහැ ගැන්වුණු සුදු පැහැ ඇඳුම්, කොට්ට උර සේදීමේදී බොරැක්ස් දමා සෝදා වෙනස බලන්න.

 

අන්තර්ජාලයෙනි