අංක විද්‍යාෙවන් පිහිට ආයුෂ කෙටි ද?

පෙබරවාරි 26, 2024

 

ගතවී යන, උදාවන හැම තත්්පරයකම වටිනාකමක් රැඳෙනවා. ඇත්තෙන්ම අද දවස වගේම හෙට දවසත් හිතට ගෙන දෙන්නේ නැවුම් බලාපොරොත්තු. ඔබ ඒ පැතුමන්, අරමුණු එකිනෙක ජයග්‍රහණය කරගන්න නොකරන දෙයක් නැහැ නේද? ඇත්තටම අනාගතයේ වෙන්නෙ මොකක්ද? කොහොමද වෙන්නෙ කියලා දැනගන්න කාගෙ කාගෙත් යටි සිත උනන්දුයි.

මේ කාරණාවේදී ජ්‍යොතිෂයෙන් ලැබෙන පිටිවහල අතිශය වැදගත්. ඒත් හැමෝටම කේන්දරයක් එහෙමත් නැත්නම් හඳහනක් නැහැනෙ. හඳහනක් නැතත් දැන් අංක විද්‍යාව තුළින් අනාගතයට මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාටත් අනාගතය ගැන, අධ්‍යාපනය ගැන, පවුල් ජීවිතය ගැන විවිධ ගැටලු ඇති. තරුණී අප ඔබේ ගැටලුවලට අංක විද්‍යාව තුළින් විසඳුම් ලබා දෙන්න සූදානම්.

අපේ ලිපිනය... අංක විද්‍යාවෙන් පිහිට,

තරුණී, ලේක්හවුස්,

කොළඹ - 10.

 

එසේත් නැතිනම් ඔබගේ ගැටලුව 0715927752 දුරකතන අංකයට whatsapp කරන්න.

 

ප්‍රශ්නය

 

1987.10.12 උපන් මා එක් දරු මවක්. එක්තරා ජ්‍යෝතීෂ්‍යවේදියෙක් පැවසුවේ වසර 50දී මා මිය යන බවයි. අංක විද්‍යාවට අනුව මගේ ආයුෂ කෙටි ද? මේ ගැන පහදා දෙන්න.

 

1987-10-12 දින උපන් ඔබගේ පුද්ගලික අංකය 3 වේ. දෛව අංකය 2 වේ. මෙවැනි තත්ත්වයක උපන් ඔබ සෑම දෙයක් ගැනම ප්‍රමාණයට වඩා හිතන ගතිය හිතමින් අන්තයට යන ගතිය උපතින් ගෙනා අයෙකි. ඔය තියන විස්තර අනුව ආයුෂ කෙටිද කියා ස්ථිරව කිව නොහැකියි. එසේ කිරීමටනම් කේන්ද්‍ර පරීක්ෂාවක් කරගත යුතුමයි. 12 වෙනි දින උපන් ඔබ එඩිතර ශක්තිමත්, තමන්ටම ආවේණික වු රාමුවක් තුළ වැඩකරන චරිතයක්. ඒ නිසා කෙනෙක් කිවු දෙයක් නිසා ඒ ගැන හිතමින් පසු තැවෙන්න එපා. අංක විද්‍යාවෙන් හරියටම කෙනෙක් අවුරුදු 50 මැරෙනවා කියලා කියන්න බැහැ. ඒ නිසා වර්තමානයේ යහපත් සතියෙන්, සිහියෙන් ජීවත්වෙන්න. කෙනෙක් ඉපදුණොත් මැරෙනවාමයි.

 

ව්‍යාපාරවල දියුණුවක් නැත්තේ ඇයි?

 

ප්‍රශ්නය

 

මේ ගැටලුව මාගේ සහෝදරයා පිළිබඳවයි. ඔහු ස්වයං රැකියා කිහිපයක් ඇරැඹුවත් ඒවා අතරමඟ නවතී. දෙයක් උනන්දුවෙන් පටන් ගත්තත් කාලයක් යද්දී උනන්දුව නැති වෙයි. ඔහු කරනා කිසිදු දෙයකින් ප්‍රතිඵලයක් නැත. ඔහුගේ උපන් දිනය වන්නේ 1990.12.21. අංක විද්‍යාවට අනුව කළ හැකි යමක් තිබේ ද?

 

පිළිතුර

1990.12.21 උපන් ඔබගේ පුද්ගලික අංකය 03වන අතර දෛව අංකය 07 වෙයි. මෙලෙස උපන් ඔබ දෙයක් ගැන මනසින් විඳවමින් කල් ගෙවන අයෙකි. මනෝමූලික අංකයක්වන 07න් උපන් ඔබට යම්කිසි දැනෙන ගතියක්, ඉවක් ඇති අයෙකි. ඔබට විදේශ ගතවීමේ ප්‍රවණතා ඇති අයෙකි. උපන් බිමට වඩා පිට පළාතක, පිටරටක ඔබට හොඳින් ඵල ලැබෙයි. වයස 34 ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයකි. සියලු බාධා ජය ගෙන ජීවිතය ඉදිරියට ගෙන යයි.

 

උපදෙස්

ප්‍රවීණ අංක විද්‍යාවේදිනි

ලක්ෂි පුෂ්පලතා පෙරේරා