දෙහි, නාරං, ජම්බෝල, දොඩම් පැඟිරි පවුලේ රුව රහස් බොහෝමයි

මැයි 1, 2019

රුව රැක ගන්න බොහෝ දෙනා විශේෂ උනන්දුවක් දක්වනවා. ඒ නිසාම බොහෝ දෙනා සම පැහැපත් කරගන්න විවිධ ආලේපන මිල දී ගැනීමට පුරුදුව සිටිනවා. නමුත් ඔබ මෙලෙස මිල දී ගන්නා ආලේපන සැබැවින්ම ඔබේ සමට හිතකර ද කියා වරක් හෝ සිතුවාද?

 

මිලෙන් අධික මෙම ආලේපවලින් ඉක්මන් ප්‍රතිඵල ලැබිය හැකි නමුත් එම ප්‍රතිඵලය තාවකාලිකයි. ඇතැම් විට එයින්, ඔබේ මුහුණ තිබුණාටත් වඩා අවලස්සන විය හැකියි.

කිසිදු බියකින් තොරව ස්වාභාවිකව ලස්සන වෙන්න පුළුවන් අමුද්‍රව්‍ය ඔබේ නිවෙසේ මුළුතැන්ගෙයින් ලබා ගත හැකි බව ඇතැම්විට ඔබ නොදන්නවා විය හැකියි.

පැඟිරිවලින් ලස්සන වෙන්න දැන් ඔබටත් පුළුවන්. දෙහි බෑයක් නැති නිවෙසක් නැති තරම්. මේ දෙහි බෑයෙන් ඔබේ මුහුණට විශාල වෙනසක් සිදු කළ හැකියි.

දෙහිවලින් පමණක් නොව නාරං, ජම්බෝල, දොඩම් වැනි පැඟිරි කුලයේ සියලුම ශාකවලින් මේ ප්‍රතිලාභය ලබාගන්න පුළුවන්.

 

ස්වාභාවික ෆේෂ් වොෂ් එකක් ලෙස ක්‍රියා කරයි

දෙහි බිංදු කිහිපයක් වතුර සමඟ මිශ්‍ර කර හොඳින් මුහුණ සෝදන්න. එයින් ක්ලෙන්සර් එකකින් ලැබෙන පිරිසුදුභාවයට වඩා වැඩි පිරිසුදුභාවයක් ලබා ගත හැකියි.

විඩාබර බව මඟහරවයි

අධික ලෙස වෙහෙස මහන්සි වූ විඩාබර දවසකදී ප්‍රබෝධයක් ලබා ගැනීමට පැඟිරි භාවිත කළ හැකිය. දෙහි හෝ නාරං ලෙලි දෙකක් බඳුනකට දමා විනාඩි 10 ක් පමණ තබන්න. ඉන් පසු එම ලෙලිවලින් මුහුණ සහ ගෙල ප්‍රදේශය පිරිමැද එම දෙහි මිශ්‍ර වතුරින් මුහුණ සෝදන්න. එමඟින් සමේ කුණු දුහුවිලි ඉවත්කරමින් සමට නව ප්‍රබෝධයක් ඇති කරයි. ඒ වගේම දෙහි යුෂ වීදුරුවක් පානය කළොත් ගතටත් ප්‍රබෝධයක් ලබා ගත හැකියි.

අනවශ්‍ය මේදය දහනය කරයි

සතියකට දෙවරක්වත් පැඟිරි යුෂ වීදුරුවක් පානය කරන්න. පැඟිරිවල අඩංගු විටමින් සී නිසා සමට ඉක්මන් පැහැපත් බවක් ගෙන දෙනවා. එම යුෂ වීදුරුවට මී පැණි බිංදු දෙකක් එක් කළොත් ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කර ගැනීමටත් හැකියාව ලැබෙනවා.

සම පැහැපත් කරයි

පැඟිරි මිශ්‍ර ජලයට රෝස වතුර ස්වල්පයක් එකතු කරන්න. එම මිශ්‍රණය මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ආලේප කර විනාඩි කිහිපයක් තබා සෝදා හරින්න. එමඟින් පැහැපත් සමක් ලබාගත හැකියි.

 

උපදෙස්

ඩුබායි, නෙදර්ලන්තය, මාලදිවයින සහිි ටෙක්නික් ඉන්ටර්නැෂනල් ආයතනයේ පුුහුණුවලත් නුගේගොඩ ර්‍ථඥපටඥජබ ඹ්චඤර එචය ඉබභඤඪධ සහ කඩවත පුෂ්පාරාම මාවතේ ච්ඥඨපඥඥදඵ ඉචතධද හි රූපලාවණ්‍ය ශිල්පිනී

අරෝෂි කෞශල්‍යා

 

 

2019/05/01 තරුණි බලන්න.